Loading...
ජූලි 30 සිට ඇරඹෙන LPL 2023 ක්‍රිකට් තරඟාවලිය නරඹන්නේ මෙහෙමයි

Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ හතරවන අදියර මේ මස 30 වන දින සිට අගෝස්තු 20 දක්වා පැවැත්වීමට නියමිත වන මෙම තරගාවලිය මුළු තරග 24 කින් සමන්විත වනවා. මෙහි තරග පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනය කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වීමට නියමිතව පවතිනවා.

Source: LPL Facebook Page

‌සුපුරුදු පරිදිම Jaffana Kings, Dambulla Aura, B-Love Kandy, සහ Colombo Strikers, Galle Titans ලෙසින් කණ්ඩායම් 05කින් සමන්විත ⁣වන අතර එක් එක් කණ්ඩායම්වල සංචිත පහත ආකාරයෙන් වනවා.

‌මෙවර තරගාවලිය ශුරයින් සදහා ඩොලර් 100,000 ක ත්‍යාග මුදලක් සහ අනු ශුරයින් සදහා ඩොලර් 50,000 ක ත්‍යාග මුදලක් ද ලබා දීමට නියමිත බවටත් තොරතුරු වාර්තා වනවා.

මීට අමතරව Bat and Bowl for Little Hearts සංකල්පය යටතේ 2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඔස්සේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල විසින් මෙහෙයවන ‘Little Hearts’ වැඩසටහනට මුදල් පරිත්‍යාග කොට සහය ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, හයේ පහරකට රු.6000 ක්, හතරේ පහරකට රු.4000 ක්, නිලකුණු පන්දුවකට රු.2000 ක් ලෙසින් මෙම අරමුදලට බැර වෙනවා. එමඟින් රුපියල් මිලියන 4ක් හෝ 5ක පමණ මුදලක් අරමුදලට ලබා දීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂාවෙන් සිටිනවා.

‌මෙම තරගාවලියේ නිල රෑපවාහිනි විකාශන අයිතිය ස්වර්ණවාහිනී නාලිකාවට අයත් SBC නාලිකාව විසින් ලබා ගෙන තිබෙන අතර UHF 60 (783.25 MHz) ඔස්සේ මෙම නාලිකාව හරහා සම්පූර්ණ තරගාවලියම නැරඹිය හැකි වන අතරම තරගාවලියේ සවස තුනට සහ සති අන්තයේ පැවැත්වෙන සියලූම තරග ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ ද නැරඹිය හැකි වනු ඇත.

‌‌මීට අමතරව මෙවර LPL තරගාවලියේ ඉන්දියානු කලාපීය විකාශන අයිතිය Star Sports සමාගම විසින් ලබා ගෙන තිබෙන අතර Dialog Tv සහ PEO Tv පාරිභෝගිකයන්ට Star Sports 1, DSport Live යන නාලිකාවන් ඔස්සේ SD සහ HD තාක්ෂණයෙන් යුතුව තරග නැරඹිමේ හැකියාව ලැබෙනවා අතරම රිදම්FM - 95.6 MHz, 95.8 MHz සහ TamilFM - 99.5 MHz, 99.7 MHz ඔස්සේ සෑම තරඟයකම සජීවී විස්තර විචාරයට සවන් දිය හැකියි.

මෙම තරගාවලියේ එක් එක් තරගයන් සදහා ප්‍රවේශපත්‍ර BookMyShow මගින් මිලදී ගැනීමට හැකියාව පවතිනවා.