Loading...
ශ්‍රී ලංකා ක්‍රිකට් තරු සමගින් ඇරඹෙන Pakistan Super League (PSL) 2023 නරඹන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තරු ක්‍රීඩා කරන පාකිස්තානු සුපර් ලීගය (PSL 2023) මේ මස 13 වනදා සිට මාර්තු 19 වනදා දක්වා පාකිස්තානයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර PSL 2023 තරගාවලියේ කණ්ඩායම් 06න් 03ක් සදහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩකයින් සිව් දෙනෙකු ක්‍රීඩා කරනු ලබනවා.

  • Quetta Gladiators - වනිඳු හසරංග, නුවන් තුෂාර
  • Peshawar Zalmi - භානුක රාජපක්ෂ
  • Lahore Qalandars - කුසල් මෙන්ඩිස්
PSL 2023 Squads via ESPNcricinfo

මෙම තරඟාවලියේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීමට කිසිදු දේශීය නාලිකාවක් ඉදිරිපත් වී නොමැති අතර Dialog TV පාරිභෝගිකයන් සදහා Sony Sports Ten 5 (Ch No 76), Sony Sports Ten 2 (Ch No 70) සහ Ten Cricket (Ch No 69) යන නාලිකා ඔස්සේ ද, PEO TV පාරිභෝගිකයන් සදහා Sony Sports Ten 5 (Ch No 37), Sony Sports Ten 2 (Ch No 45) සහ Ten Cricket (Ch No 44) යන නාලිකා ඔස්සේ ද නැරඹිය හැකි වනවා.

මීට අමතරව Dialog ViU හරහාත් PeoTv Go හරහාත් තරගාවලිය Online නැරඹිමේ හැකියාව උදා වෙනවා.