ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර මේ මස 16 වනදා සිට 28 වනදා දක්වා ටෙස්ට් තරඟ 2කින් යුතු තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරඟ කාලසටහන
- පළමු තරගය - ජූලි 16 සිට 20 දක්වා
- තරඟ ආරම්භය උදෑසන 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී
2. දෙවන තරගය - ජූලි 24 සිට 28 දක්වා
- තරඟ ආරම්භය උදෑසන 10ට SSC ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී
📢 Sri Lanka Cricket Selectors have selected the following squad to take part in the first
— Sri Lanka Cricket 🇱🇰 (@OfficialSLC) July 13, 2023
test against Pakistan! 🇱🇰🆚🇵🇰#SLvPAK pic.twitter.com/c1baXxn2EV

මෙම තරඟාවලියේ නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීමට TV1 නාලිකාව සමත් වී තිබෙන අතර UHF 58 (767.25 MHz) ඔස්සේ සහ Freesat නාලිකා අංක 9 ඔස්සේ ඔබට මෙම සම්පූර්ණ තරගාවලියම නැරඹිය හැකි වනවා.
Dialog පාරිභෝගිකයන් සදහා Ten Cricket (CH No - 65) නාලිකාව ඔස්සේ ද, PEO TV පාරිභෝගිකයන් සදහා Sony Sports Ten 2 SD (CH.45) සහ Sony Sports Ten 2 HD (CH.319) නාලිකා දෙක ඔස්සේ මෙන්ම Ten Cricket SD (CH.44) සහ HD (CH.317) යන නාලිකා ඔස්සේ ද මෙම තරගාවලිය නැරඹිමේ හැකියාව ලැබෙනවා.


මීට අමතරව Sony Liv App, Dialog VIU App සහ PEO TV Go App ඔස්සේ මෙන්ම Sri Lanka Cricket YouTube නාලිකාව ඔස්සේත් සම්පූර්ණ තරගාවලිය Online නැරඹිමේ හැකියාව ලැබෙනවා.