Loading...
ඔයාගේ ෆෝන් එක නැති උනොත් කරන්න ඕනේ මොකක්ද?

ලඟම ඇති පොලිසියේ පැමිණිල්ලක් දාන්න

Source google.com

ඔයාගේ ෆෝන් එක නැති උනොත් හරි හොරකම් කරොත් හරි මුලින්ම කරන්න ඕනේ Facebook එකේ හරි කොහේ හරි පෝස්‍ට් දාලා ෆෝන් එක හොයන එක නෙවෙයි, ලඟම තියෙන පොලිස් ස්ථානයට ගිහිං පැමිණිල්ලක් දාන එක. පැමිණිල්ල දැම්මට පස්සේ පැමිණිල්ලේ සත්‍ය පිටපතක් හම්බෙනවා ඔයාට. ඔන්න ඔයා පළවෙනි අඩිය තියල තියෙන්නේ.

TRCSL එකට ලියුමක් යවන්න

මීළඟට ඔබ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ඔබේ අස්ථානගත වූ දුරකථනය ගැන විස්තර සහිත ලිපියක් යැවිය යුතු වෙනවා. මෙහි දුරකථනය නැති වූ දිනය, දුරකතනයේ IMEI නොම්මරය අප කලින් ලබාගත්ත පොලිස් පැමිණිල්ලේ පිටපත, සහ ඔබේ හැඳුනුම්පතේ සහතික කල පිටපතක් ඒ සමඟ අමුණා යවන්නට අමතක කරන්න එපා.

TRCSL Logo - source TRCSL Web site

ඊලඟට ඔයා කරන්න ඕනේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ඔයාගේ නැතු උන ජංගම දුරකථනය ගැන විස්තර දාලා ලියුමක් යවන්න ඕනේ. ඒකට පහත දේවල් ඇතුලත් වෙන්න ඕනේ.

  1. ෆෝන් එක නැති වෙච්ච දවස
  2. ෆෝන් එකේ මොඩ්ල් එක
  3. ෆෝන් එකේ නිෂ්පාදකයාගේ නම
  4. ෆෝන් එකේ IMEI නම්බර් එක
  5. පොලීසියට ගිහිල්ලා දාපු පැමිණිල්ලේ පිටපත
  6. අයිඩෙන්ටිටි කාර්ඩ් එකේ සහතික කරපු පිටපතක්
  7. ෆෝන් එකේ තිබ්බ සිම් එකේ අයිතිකාරයා නම
  8. සිම් එක නිකුත් කරපු සමාගමේ නම
  9. දුරකථන අංකය

ඒ එක්කම මතක තියා ගන්න, ඔයා යවන ලියුමේ සහ ඒ යවන හැම එකකම කොපීස් තියාගන්න ලඟ. ඒ එක්කම යවන ලියුම Registered post කරන්න අමතක කරන්න එපා.

හුටා ෆෝන් එකේ සිම් එක මගේ නෙවෙයි, කම්පණි එකෙන් දුන්න එකක්නේ

බැරි වෙලාවත් ෆෝන් එකේ තිබ්බ සිම් එක ඔයාගේ නෙවෙයි නම් මෙන්න මේ ටික කරන්න වෙනවා.

සිම් පතේ හිමිකරුවාගේ, සිම්පත හිමි සමාගම, අධ්‍යාපනික ආයතනය, සේවා ස්ථානය තුල සිම්පතේ වගකීමක් දරන කෙනෙකුගේ අත්සන සහ විස්තර සහිතව ලිපියක් ඉහත ලිපියටම අමුනන්නට අවශ්‍යයි.

එහි අදාළ සමාගම/පුද්ගලයා විසින් ඔබට මේ සිම්පත භාවිතය සඳහා ලබාදුන් බවට සහතිකයක් ඇතුළත් වීම අනිවාර්යය වෙනවා. අර උඩ කිව්වා වගේ මෙ ටිකෙත් කොපීස් තියාගන්න ඕනේ.

සේරම කරා දැන් මොකක්ද වෙන්නේ, හෙට ෆෝන් එක හම්බෙයි නේද?

ආව් ආව් ෆෝන් එක හම්බෙනවනේ ඒ කියන්නේ

ඔන්න අහගන්න ඊලඟට වෙන එක. දැන් ඔයා මේ ලියුම TRCSL එකට යැවුවට පස්සේ, ඔයාගේ ෆෝන් එකේ තොරතුරු තියෙන රිපෝර්ට් එකක් සේරම Mobile service providersලට යවනවා. ඊට පස්සේ ඔයාගේ IMEI එක තියෙන ෆෝන් එක මොන නම්බර් එකෙන්ද නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන්නේ කියන්න එක බලාගන්න පුළුවන්. ඒකට යන කාලය කියන්න බෑ, මොකද හොරකම් කරපු ෆෝන් එකට සිම් එකක් දාල නෙට්වර්ක් එකකට කනෙක්‍ට් වෙනකන් ඉන්න වෙන නිසා.

ඔය ඩීටේල්ස් ටික සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් හොයාගත්තට පස්සේ TRCSL එකට රහසිගත ඩොකියුමන්ට් එක එකක් දෙනවා. ඒ එක්කම අදාල තොරතුරු TRCSL එකට යැව්වට පස්සෙ පැමිණිල්ල දාපු ඔයාට, TRCSL එකෙන් ලියුමකින් දන්වනවා අදාල තොරතුරු ලැබුනා පරීක්ෂණ කටයුතු කරගෙන යනවා කියන එක.

දැන්වත් ෆෝන් එක හම්බෙ‍යිනේ ඒ කියන්නේ?

අනේ දැන්වත් ප්ලීස්

නෑ තාම නෑ. දැන් TRCSL එකෙන් හොයාගත්ත ඩීටේල්ස් ෆුල් සීක්‍රට් රිපෝර්ට් එකක් ගහල සේරම සාක්ෂිත් එක්ක පොලීසියට දෙනවා. ඊට පස්සේ නැති වෙච්ච ෆෝන් එකෙන් මුලින්ම නෙට්වර්ක් එකට කනෙක්ට් වෙච්ච නම්බර් එක අයිති කෙනාව පොලීසියට ගෙන්නලා අදාල පරීක්ෂණ කටයුතු සහ නීතිමය කටයුතු ඉවර කරලා තමයි ෆෝන් එක ලබෙන්න සලස්වන්නේ.

ශ්‍රී ලංකා පොලීසියෙන් දීලා තියෙන අළුත්ම පහසුකම

දැන් ශ්‍රී ලංකා පොලීසියෙන් ගෙදර ඉඳගෙනම නැති වෙච්ච ෆෝන් එකක් ගැන පැමිණිල්ලක් දාන්න පුළුවන්. ඒකට ඔයාට කරන්න තියෙන්නේ පල්ලෙහා ලින්ක් එකට ගිහිං පැමිණිල්ලක් දාන්න පුළුවන්.

www.ineed.police.lk

ඔය අතරේ ඔයාට මොනවද කරන්න තියෙන්නේ

Android ෆෝන් එක නම් නැති උනේ ඔයාට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. වෙබ් බ්‍රවුසර් එකකින් ඔයාගේ ෆෝන් එකේ තිබ්බ Google account එකෙන් ලොග් වෙලා ගුගල් Find My device එකට ගිහිල්ලා ඔයාගේ ෆෝන් එක ලොක් කරන්න, ඉන්න තැන බලාගන්න, ෆෝන් එකේ ඩේටා ඉරේස් කරලා කරල දාන්න පුලුවන්.

නැති උනේ iPhone එකක් නම් වෙන බ්‍රවුසර් එකක් හරහා ඔයාගේ iCloud එකෙන් iCloud - Find My iPhone ලොග් වෙලා උඩ කිව්ව ටිකම කරන්න පුළුවන්.

කොහොම උනත් ඒ දෙක කරන්න නම් ෆෝන් එක මොන යම් විදිහකින් internet එකට connect වෙලා තියෙනව නම් විතරයි