Loading...
පරණම මතකයන් අලුත් කරමින් IGI නැවතත්.

ඔන්න පිට පිටම Gamers ලට Post දෙකක් අරන් එනවා කලින් COD MW 2 Remastered ගැන දාපු Post එක කියවන්න ඇති කියලා හිතනවා. අද කතා කරන්න යන්නේ ලොකු පොඩි හැමෝම වගේ දන්න IGI Game Series එකේ නැවත පිබිදීම ගැනයි.

උඩ Title එක දැකපු ගමන් හැමෝම වගෙ උනන්දුවෙන් කියවන්න හිතෙන Post එකක් තමා මේක මොකද කිව්වොත් අද අපි කතා කරන්නෙ Project IGI එකේ අලුතෙන්ම පැමිනීමට නියමිත මිලග කොටස ගැනයි. IGI කිව්වම ලොකු පොඩි හැමෝම වගේ දන්න Game එකක් හරියටම කිව්වොත් 2000 December 15 දි තමා මේ Game එක මුලින්ම Release වෙන්නෙ Project I.G.I නමින්. ඉන් පසුව 2003 දි I.G.I.-2: Covert Strike නමින් දෙවන කොටස Release වෙනවා මින් පසුව නම් විවිද ආකරයේ IGI Game එකේ කොටස් පැමිනියත් Official විදිහට Release උනේ මම දන්න තරමින් උඩ සදහන් කරපු Games දෙක පමනයි.

ඉතින් ඔන්න අවුරුදු ගානකට පස්සෙ අපිට ඇදැහිය නොහැකි ආරංචියක් එනවා ඒ තමා අපි පොඩි කාලේ ආසවෙන් සෙල්ලම් කරපු IGI Game එක නැවත Develop කරන්න පටන් අරන් කියන එක ඉතින් ඇත්තටම ගොඩක් සතුටු උනා මෙ ආරංචිය එක්කම එතනින් නිකන් හිටියේ නෑ පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න හිතුවා.

මේ ගැන හොයලා බලද්දි තමා පොඩි විස්තර ටිකක් දැන ගන්න හම්බුනේ. 100% Confrim කරන්න අමරුයි නමුත් Game එක Develop කරපු ආයගෙන්ම Leak උන ඒවා තමා අද කියන්න යන්නෙ 100% confirm කරලාම. දැනට ආරංචි විදිහට IGI අලුත්ම Game එක IGI Origins නමින් තම පැමිනීමට නියමිත (ටිකක් හිතල බැලුවොත් මේක IGI 3 නෙමේ IGI Game එක පටන් ගැන්ම සොයාගෙන යන ගමනක් තමා මේ Origins Game එකට පදනම් වෙලා තියෙන්නේ) කොහොම උනත් ලබුන ආරංචි සමග ගොඩක් දුරට අපිට IGI 1 Game එකේ Main Character එක විදිහට පැමිනි Jones ව මෙහිදි දැක ගන්න පුලුවන් කමක් නැ මෙහිදි අපිට ලබා දෙන්නේ Regent යනුවෙන් M16 Active Duty වල යෙදිලා ඉන්න පුද්ගලයෙක්ව තමා හසුරවන්න ලැබෙන්නේ.

ඉතින් ගොඩක් තොරතුරු තවමත් කියන්න අමාරුයි Game එක Develop කරන්නෙ Toadman Interactive කියලා Company එකක් විසින්. අපිට ගොඩක් දුරට IGI 1 එකේ පැමිනි Missions වල පැමිනි Common දේවල් මේ හරහාද අපිට බලා ගන්න පුලුවන් වේවි. දැනට පැමිනිලා තිබෙන Trailer එකට අනුවද ඒ දේවල් IGI 1 එකට සමානවම මේ Game එක හරහාද පෙන්නුම් කරන්න උත්සහා කරලා තිබෙනවා. Maps Locations එහෙම ගොඩක් දුරට ඇහැට හුරු වෙයි ඉක්මනටම IGI 1 Play කරල තියෙන කෙනෙක් ට නම්. ඒ වගේම කලින් සදහන් කරා වගේ මේ Game එක සැදෙන්නේ IGI වල මූලාරම්භය සොයා යන ගමනක් පාදක කරගෙන ඉතින් Based Year එක විදිහට 1980 වර්ෂය අපිට බලා ගන්න පුලුවන් ඒ හරහා. දැනට ආරංචි ව්දිහට Original Game එකේ පැමිනි Sprit එක රැකගනිමින් තමා IGI Origins නිර්මානය කරන්න උත්සහා කරලා තියෙන්නෙ ගොඩක්ම. තවද Fans ලගේ මතයට ගොඩක් ඇහුම්කන් දෙන්න බලාපොරොත්තුව වෙනවා කියලා තිබුනා Todman Developers ලා Fans ලගේ අදහස් එකතු කරන් තමා Game එක Develop කරන්න බලාපොරොත්තුව වෙන්නෙ මෙයාලා. Release Date එකක් තවමත් Fix වෙලා නැ ගොඩක් දුරට අපිට 2020 අගාබාගයේ හෝ 2021 දි Finalize කරපු IGI Origins Game එක අපිට බලාගන්න පුලුවන් වෙයි.

ඉතින් මෙ වගේ අලුත් Post ඉස්සරහටත් ගෙන්න බලාපොරොත්තු වෙනවා අනිවාරෙන්ම Android වැඩකාරයෝ සමග එකතු වෙන්න මගේ Post පලවෙනවා ඒ හරහා. අනිත් අයටත් දැන ගන්න Share කරන්න අමතක් කරන්න එපා.