Loading...
ඉක්මනින් App එකක් හදලා සල්ලි හොයමු! Programming දැනුමක් ඕනෙත් නෑ

‌‌2020 ජනවාරි වන විට ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21ක ඉක්මවා ඇත, ඒ වගේම මේ වෙද්දි සැම පුද්ගලයෙක්ම පාහේ ජංගම දුරකථන භාවිතා කරනවා අපට දැක බලාගත හැක. ඒ කාලේ website, Forum ප්‍රසිද්ද වූවා සේ මේ වෙද්දි  Mobile Apps  සදහාද එවැනිම ප්‍රසිද්ධියක් සහිතය. ජනතාවට මොකක් හරි සේවාවක් ලබා දෙනවා නම් ඒ සදහා පහසුම ක්‍රමය App එකක් මගින් එම සේවාව ලබා දිමයි. තමන්ගෙම ව්‍යාපාරයකට එහෙමත් නැත්තනම් තමන් දෙනු ලබන යම් කිසි සේවාවකට Mobile App එකක් තියෙනවා නම් එයින් ලැබෙන වාසි බොහොමයි.

‌‌App එකක් සැදිමට නම් Programming දැනුමක් අවශ්‍ය වෙනවා, එහෙත් Ideamart සතු APPMAKER සේවාව හරහා Clicks කිහිපයකින් ඔබේ හිතේ තියෙන App එක නොමිලේම සැදිම සිදුකල හැකි වේ.  සකසන ලද App එක සේවාවක් වශයෙන් මුදල් අයකරමින් තම සේවා ලාබින්ට ලබා දෙන්නට ද ඔබට හැකිවීම විශේෂත්වයකි.  තවද Appmaker තුල වැඩ කිරිමට ඔබේ වයස කිසිලෙසවත් බල නොපායි අලුත් අදහසක් තිබිම පමණක් ප්‍රමාණවත් වේ. ‌‌

ඔබට සිතගි ආකාරයේ App එකක් සාදාගැනිමට ඔවුන් මේ වන විටත් TEMPLATES 10 යකට අධීක ප්‍රමාණයක් නිර්මාණය කර ඇත, ඉදිරියට තව විවිද ආකාරයේ අලුත් අලුත් TEMPLATES එන වගටද ඔවුන් සදහන් කරහ. උදාහරණයක් වශයෙන් ඔබට ඔවුන්ගේ FITNESS TEMPLATE එක භාවිතයෙන් ඔබට කාය වර්ධන App එකක් පමණක් නොව Jobs App එකක්, Recipe App එකක් වුවත් සාදාගනිමට හැකියාව ඇති බව ඔබ සිහියේ තබා ගන්න. එමෙන්ම දැනට APPMAKER හරහා Android App එකක් පමණක් වුවද සාදාගැනිමට හැකි වන්නේ නොදුරු අනාගතයේදිම ඔවුන් IOS භාවිතා වන Apple දුරකථන වලද ක්‍රියාත්මක වන Apps සාදාගැනිමට හැකි වන බවද ප්‍රකාශ කරන ලදි. ‌‌

App එකෙහි වර්ණ සහ අනෙකුත් සැකසිම් අවශ්‍ය ලෙස වෙනස් කළ හැකි අතර මෙහි ඇති Analytics වෙතින් ඔබේ App එකට subscribe කෙතරම් ප්‍රමාණයක් ඉන්නවාද, App එක කෙතරම් දුරට ජනප්‍රිය  ඇත්දැයි යන්න දැකගන්නට හැකියි. එමෙන්නම ඔබගේ සේවා ලාභින් වැඩි පුරම ඔබේ App එක තුල කියවන දැ මොනවාදැයි යන්නද ඔබට බලාගැනිමට හැකි වනු ඇත. ‌‌

ඔබ සකසා ගත්ත ඔබේ Android App එක ඔබට කැමතිනම් Play Store වලට එක්  කරන්නට ද අවස්ථාව සලසන නිසා ඔබේම App එකක් Play Store හරහා කෙනෙක්ට ඍජුවම Download කරගන්නට අවස්ථාව ලැබෙනවා.  ‌‌

ඔබේ තෝරාගැනීම අනුව දෛනිකව හෝ  මාසිකව ඔබේ App එක පාවිච්චි කරන අයගෙන් මුදල් අයකර ගැනීමට ද අවස්ථාව තිබෙන නිසා App එක හදන්නට වැඩි මහන්සියක්, විශාල මුදල් ආයෝජනයක් නැතිවම මුදල් උපයන්න මෙය හොඳ ක්‍රමයක්. ‌‌

මේ වනවිටද Appmaker හරහා තමන්ගෙම කියලා App එකක් සදාගත් App creatorsලා 1,000 අධික ප්‍රමාණයක් ඇත. එමෙන්ම මසකට රු 100,000 පමණ සොදනා App creators  මේ අතර ඉන්න බව වග ඔවුන් සදහන් කරන ලදි. තවද ඔවුන් දිවයින පුරා Appmaker වැඩමුලු දියත් කරමින් පවති. එවැනි වැඩමුලු ගැන දැන ගැනිමට කැමති නම් ඔබට ඔවුන්ගේ නිල Facebook සමුහයට පිවිසිමෙන් දැන ගත හැක.  තවද ඔවුන්ගේ YouTube Channel සමග එකතු විමෙන් ඹබට තවත් වැඩි දැනුමක් ලබාගත හැකි වේ.   ඔබටත් තමන්ගෙම කියලා App එකක් හදාගන්න වූවමනා නම් appmaker.ideamart.io පිවිස බලන්න. ‌‌‌‌