Loading...
රජය විසින් PUBG තහනම් කිරීමෙන් පසුව FAU-G නම් ආදේශක ක්‍රීඩාවක් ඉන්දීය සමාගමක් විසින් නිපදවීම ආරම්භ කරයි

මීට ටික දිනකට පෙර ඉන්දියානු රජය විසින් PUBG Mobile සහ PUBG Mobile Lite ඇතුලු තවත් චීන ඇප්ස් 117ක් ඉන්දියාව තුල භාවිතය තහනම් කිරීමට කටයුතු කලා.  එයට අනුකූලව ඊයේ දිනයේදී Apple සමාගම සහ Google සමාගම විසින් ඔවුන්ගේ AppStore සහ Google Playstore වෙතින් PUBG games ඉවත් කිරීමට කටයුතු කරා.

මේ සිද්ධියත් සමඟම ඉන්දියානු PUBG ක්‍රීඩකයන්ට වෙනත් විකල්ප වලට යොමුවීමට සිදු වී ඇත. ඒ අතරනිත් next level graphics තිබුණු Fortniteද Appstore සහ Playstore තුලින් ඉවත් කිරීමෙන් පසුව ඉන්දියානු ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට වෙනත් විකල්ප වෙත යොමු වීමට සිදුවිය.

මේ අවස්ථාවේ ඇති වෙළඳපල අවකාශය වටහා ගත් nCore Games නම් ඉන්දියානු වීඩියෝ ක්‍රීඩා නිපදවන ආයතනයක් විසින් Fearless And United: Guards හෙවත් FAU-G නම් PUBG Mobile විකල්පයක් නිපදවන බව එම සමාගමේ නිර්මාතෲ Vishal Gondal විසින් ඉන්දීය අගමැති නරේන්ද මෝදී mention කරමින් twitter එකේ පණිවුඩයක් පල කරමින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙහි උපදේශක ලෙස කටයුතු කරන ඉන්දීය ජනප්‍රිය නළු ආක්ශේ කුමාර් විසින් ලබා දී ඇති උපදෙස් අනුව මෙම ක්‍රීඩාව හරහා ලැබෙන ශුද්ධ ආදායමෙන් 20%ක කොටසක් Bharat Ke Veer නම් ඉන්දියානු රජය විසින් තම හමුදාව වෙනුවෙන් පවත්වාගෙන යන භාරකාර අරමුදලකට බැර කරන බවද Gondal විසින් ප්‍රකාශ කර ඇත. එමෙන්ම ආක්ශේ කුමාර් විසින්ද පහත පරිදි twitter පණිවිඩයක් නිකුත් කරමින් එය පිලිබඳව ප්‍රකාශයක් නිකුත් කර ඇත.

නුදුරේදීම FAU-G ක්‍රීඩාව නුදුරේදීම නිකුත් වීමට නියමිත අතර එහිදී අපිට මෙම ක්‍රීඩාවේ වැඩි විස්තර දැන ගත හැකියි. FAU-G සඳහා PUBG වල භාවිතා වන graphics වලට සමාන graphics සහ එහි mechanism එකම භාවිතා කරන බව වාර්තා වේ.

මේ වන විටත් ඇතැම් YouTube channels විසින් FAU-Gහි screen record ලෙස ඇතැම් වීඩියෝ පල කරන අතර ඒවා කිසිසේත්ම FAU-G game play හෝ trailers නොවන අතර මේ වනතුරුත් FAU-Gහි කිසිඳු දර්ශනයක් නිකුත් කර නැත.

Sources: Indian Express, Business Standard & Android Central