Loading...
Instagram Lite සේවාව ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 170කට ලබා දීමට කටයුතු කරයි

Facebook සමාගම විසින් පළමුවරට Instagram Lite App එක 2018 දි මෙක්සිකෝවේ දි හදුන්වා දුන්නත් එය පසුව අත්හිටුවා දැමුවා. ඉන්පසුව පසුගිය දෙසැම්බර් මාසයේදි Instagram Lite app එක ඉන්දියාව වෙත නිකුත් කිරිමට කටයුතු කරනු ලැබු අතර මේ වන විට ලොව පුරා ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 170කට පමණ Facebook සමාගම විසින් Instagram Lite App එක හදුන්වා දි තිබෙනවා.

මෙලෙස හදුන්වා දෙන Lite App App එක අඩු ධාරිතාවයක් හා අඩු සැකසුම් බලයක් ඇති Entry-level, low-powered Android Smartphone සදහා හොදින් ගැලපෙන බව Facebook සමාගම පවසා තිබෙනවා. මේ Lite App එකේ Development කටයුතු New York and Tel Avivහි ජාත්‍යන්තර කණ්ඩායමක් සමග සිදු කර තිබෙනවා.

ඔවුන් මෙහිදි දැනට පවතින COVID-19 වංසගත තත්වය නිසා මේ App එක පිළිබඳ පරික්ෂණ කටයුතු සිදු කිරිමට ප්‍රජාව අතරට යැමට නොහැකි බැවින් පැරණි හා දුර්වල Smart Phones මගින් මේ Lite Version සංවර්ධන කර තිබෙනවා. මේ සදහා Dark Mode එකක් හෝ Instagram App එකේ පවතින AR filters, in-app animations හා Transitions ආදිය මේ සදහා ලබා දි නොමැති වෙනවා. ඒ වගේම ඉදිරි මාසවල Instagram Lite App එක සදහා Dark Mode Feature එක හදුන්වා දිමට බලාපොරොත්තු වෙන බවත් සදහන් කර තිබෙනවා.

Instagram Lite App මේ වන විට ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 170ක් සදහා Google Play Store මගින් Download කර ගත හැකි අතරම දැනට මේ Lite Version එක ලබා දි තිබෙනනේ Android Devices සදහා පමණයි. iOS Devices සදහා මේ Lite App එක ඉදිරියේදි හෝ ලබා දිමට බලාපොරොත්තුවක් නොමැති බව ඔවුන් දක්වා තිබෙනවා.

Source : Android Police, Xda Developers, Facebook