Loading...
වයස අවුරුදු 13න් පහළ ළමුන් සඳහා Instagram Safe Version එකක් හඳුන්වා දීමට Facebook සමාගම සූදානම් වේ

Facebook සමාගම විසින් Instagram වෙත Safe Version එකක් හදුන්වා දිමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. මේ Safe Version එක මගින් වයස අවුරැදු 13ට අඩු ළමයින් සදහා භාවිතා කිරිමට සුදුසු වෙන පරිදි Instagram එකේ Feature හා Content එක වෙනස් වෙනු ඇත.

මේ වෙන විට Instagram භාවිත කිරිමට හැකියාව පවතින්නේ වයස අවුරැදු 13නේ සිට ඉහල වයස් සදහා පමණයි. කෙසේ වෙතත් නිශ්චිතවම Instagram භාවිත කරන පුද්ගලයින්ගේ වයස හදුනා ගැනිමට ක්‍රමවේදයක් නොමැති බැවින් මෙන්ම වයස අවුරැදු 13ට අඩු ළමයින් Instagram භාවිතයට යොමු විමේ දි ඇති වෙන ගැටලු මග හරවා ගැනිමට මෙලෙස Instagram සදහා Safe Version එකක් නැති නම් Kid Version එකක් Instagram වෙත හදුන්වා දිමට Facebook සමාගම කටයුතු කරමින් සිටිනවා.

මේ පිළිබඳව Instagramහි vice president of product ලෙස කටයුතු කරන Vishal Shah විසින් කල අභ්‍යන්තර නිවේදනය පහතාකාරයෙන් මේ පිළිබඳව සඳහන් කර ඇත.

"I'm excited to announce that going forward, we have identified youth work as a priority for Instagram and have added it to our H1 priority list. We will be building a new youth pillar within the Community Product Group to focus on two things: (a) accelerating our integrity and privacy work to ensure the safest possible experience for teens and (b) building a version of Instagram that allows people under the age of 13 to safely use Instagram for the first time."

මේ තුලින් වයස අවුරැදු 13ට අඩු ළමයින් සදහා අවශ්‍ය නම් Instagram ආරක්ෂා සහිතව භාවිත කිරිමට අවකාශ හිමි වෙන අතරම මේ වන විට Safe Version එක Development කටයුතු සිදු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. මිට පෙර Facebook සමාගම විසින් Facebook Messenger සදහා හදුන්වා දි තිබු Facebook Messenger for Kids Version එකේ අත්දැකීමක් ද මේ Instagram Kid Version එක සදහා යොදා ගනිමින් ළමුන්ට සුදුසු වෙන අකාරයේ Version එකක් ඉදිරියේදි නිකුත් කරනු ඇත.

Source : Gizmochina, Engadget