Loading...
අපි හිතාගෙන ඉන්න Internet speed එක ඇත්තටම අපිට හම්බෙනවද?

Time base පැකේජ් වල data limit එක exceed කරාට පස්සේ දෙන ස්පීඩ් එක ගැන අපි හැමෝම දන්නවා. ඒත් 90%ක් දෙනා හිතාගෙන ඉන්න දේ වැරදි. ඒකට හේතුව වෙන්නේ තියෙන අනවබෝධය.

අද මං කතා කරන්න හදන්නේ පොදුවේ භාවිතා වන මේ internet speed එකේ තියෙන අනවබෝධය ගැන

මුලින්ම බලමු මොකක්ද මේ KBps සහ Kbps (kpbs කියන්නෙත් මේකටමයි) කියන්නේ මොකක්ද කියල. KBps සහ kpbs තියෙන්නේ data transfering වර්ග දෙකක ස්පීඩ් එක මනින්න.

01. KBps – Kilo bytes per second

මේක භාවිතා වෙන්නේ ෆයිල් සයිස් එක measure කර ගන්න. පරිගණක තාක්ෂණයේදී K කියන එක භවිතා වෙන්නේ 1024 කියන value එක නියෝජනය කරන්න. ඒ අනුව අපිට බලා ගන්න පුළුවන් කොහොමද file size හැදෙන්නේ කියන එක.

1KB (KiloByte) = 1024 Bytes (ආසන්න වශයෙන් 1000 Bytes)

1MB (MegaByte) = 1024 KB (ආසන්න වශයෙන් 1000 KiloBytes or 1 million Bytes)

1GB (GigaByte) = 1024 MB (ආසන්න වශයෙන් 1000 MegaBytes or 1 billion Bytes)

1TB (TerraByte) = 1024 GB (ආසන්න වශයෙන් 1000 GigaBytes or 1 trillion Bytes)

02.Kbps නැත්තම් kbps – kilo bits per second

මෙන්න මේක තමයි data transfering speed එක මනින එක. Internet එකේ වේවා local network වේවා පාවිච්චි වෙන්නෙ මේ Kbps, එහෙමත් නැත්තම් kbps මිසක් KBps නෙවෙයි. අපි දැන් බලමු කොහොමද මේ ස්පීඩ් එක හැදෙන්නේ කියල. පරිගණක තාක්ෂණයේදී k භාවිතා වෙන්නේ 1000 කියන value එක නියෝජනය කරන්න.

1 kbps (kilo bits per second) = 1000 bits per second

1 Mbps (mega bits per second) = 1000 kilo bits per second.

1 Gbps (giga bits per second) = 1,000 mega bits per second.

Internet service provider සහ Internet speed එක

බොහොමයක් අයට පැටලෙන තැනක් තමයි මේක. ඉස්සරවෙලා මම කිව්වා වගේම ගොඩක් අය අනවබෝධය සහ නොදැනුවත්කම හේතුවෙන් KBps සහ kbps කියන දෙක එකක් කියන එක හිතාගෙන ඉන්නවා. ඔව් යම් තාක් දුරකට මේක අපැහැදිලියි තමයි ගොඩක් අයට.

උදාහරණයකට ගමු ලකාවේ එක්තරා ISP කෙනෙක්ගේ timebased packages. ඒ පැකේජස් වල එක්තරා ඩේටා ලිමිට් එකකට පස්සේ transfering speed එක අඩුවෙනවා 512Kbps වලට. ඔය ස්පීඩ් එකට ආවට පස්සේ මිනිස්සු ගොඩක් වෙලාවට කියන දෙයක් තමයි ආපෝ ස්ලෝනේ, කියන ස්පීඩ් එක දෙන්නේ නෑනේ කියන එක.

ඇත්තටම එතනදි වෙන්නේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ 512KBps ස්පීඩ් එක මිසක 512kbps නෙවෙයි. ඒකට හේතුව මම උඩ කියපු හේතුව තමයි. ඔය 512kbps කියන ස්පීඩ් එක එක මිනිස්සු ඇත්තටම බලාපොරොත්තු වෙන KBps වලින් මැන්නොත් කොහොම අගයක් වේවිද?

ඕකට සරල සමීකරණයක් තියෙන්නේ.

Download KBPS speed = (Kbps value*1000) /8)) / 1024.

උදාහරණයට උඩ කියපු 512kbps එහෙමත් නැත්තම් 512Kbps කියන එකම ගමු.

512 * 1000 = 512000

512000 / 8 = 64000

64000 / 1024 = 62.5 KBps

අන්තිම උත්තරය ආවේ 62.5KBps කියල. ඒ කියන්නේ අපිට 512Kbps ස්පීස් එකේදී අපිට ඇත්තටම තප්පරයකදී ට්‍රාන්ස්ෆර් වෙන kilo byte (කිලෝ බයිට් ගණන) 62.5ක්. ඕක MB, එහෙමත් නැත්තම් මෙගා බයිට් වලින් මැන්නොත් ආසන්න වශයෙන් මෙගා බයිට් 0.0625 වගේ අගයක් එන්නේ.

ඔය අතරේ සිගන්ල් ලොස් වෙන එකෙන් අඩු වෙන ස්පීඩ් එකත් එක්ක ගත්තම තවත් ස්පීඩ් එක අඩු වෙනවා.

ඔය දේම අපි ආයේ හැරෙමු broadband connections වල තියෙනවා කියන 4Mbps කියන ස්පීඩ් එක ගැන කතා කරන්න. 4Mbps හැදෙන්නේ 1Mbps ඒවා 4ක් එකතු වෙලානේ. ඇත්තටම 1Mbps කියන ස්පීඩ් එකෙදි තප්පරේකට කොච්චර ඩේටා ප්‍රමාණයක් එනවද?

උඩ සමීකරණයට දාල හැදුවම

1Mbps = 122.1KBps

ඒ කියන්නේ තප්පරේකට 1Mbps ස්පීඩ් එකක් ආවොත් අපිට තප්පරේකට හම්බෙන ඩේටා වල සයිස් එක 122.1KB වෙන්නේ. නැතුව 1Mbps කියන එකෙන් තප්පරේකට 1MB (mega byte) හම්බෙන්නේ නෑ.

ඔන්න ඕකයි ඇත්ත කතාව. දැන් ගොඩක් අයට තේරෙනවා ඇති මොකක්ද මේ Kbps සහ KBps කියන එකෙයි, Mbps සහ MBps කියන එකෙයි වෙනස.

අපි මේ ගැන තවත් කතා කරමු පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ශන් එකේ. මොනව හරි වැරැද්දක් තිබ්බොත් ඒක ගැනත් කතා කරමු.