Loading...
හදුන්වාදෙන Telegram Business

2024 මාර්තු 31 සිට, ඕනෑම කෙනෙකුට තම telegram ගිණුම Business ගිණුමක් බවට පත් කළ හැකිය. එමෙන්ම opening hours, location, quick replies, automated messages, custom start page, chatbot support සහ තවත් දේ වැනි ව්‍යාපාරික විශේෂාංග වෙත ප්‍රවේශය ලබා ගත හැකිය.

Telegram Business හඳුන්වා දීම

ව්‍යාපාර විසින් බහුලව භාවිතා කරන ලද බලවත් Bots සහ Mini-Apps තැනීමට Telegram දිගු කලක් තිස්සේ developersලා හට ඉඩ දී ඇත.

මෙතැන් පටන්, ඕනෑම පරිශීලකයෙකුට කිසිම කේතකරණ කුසලතාවකින් තොරව, පහසුවෙන් Business Features භාවිතා කළ හැක.

Hours and Location

ව්‍යාපාරවලට ඔවුන්ගේ ක්‍රියාකාරී වේලාවන් ප්‍රදර්ශනය කිරීමට සහ maps හරහා ඔවුන්ගේ ස්ථානය පෙන්වීමට හැකිය.

0:00
/0:03

පරිශීලකයින් ඔබගේ ව්‍යපාරයට ලගාවිය හැක්කේ කෙසේදැයි දැන ගනු ඇති අතර ඔබ විවෘතව සිටින්නේ දැයි ඉක්මනින් බලාගත හැකිය.

0:00
/0:03

Start Page

ව්‍යාපාරවය සමග සංවාදයක් ආරම්භ කිරීමට පෙර පුද්ගලයින් දකින්නේ කුමන Text සහ stickerද යන්න තෝරා ගැනීමෙන් ඔවුන්ගේ ආරම්භක පිටුව customize කළ හැකිය.

0:00
/0:09

මෙය ඔබට නිෂ්පාදන සහ සේවා පිළිබඳ තොරතුරු ප්‍රදර්ශනය කිරීමට හෝ branded artworks සමඟ ගනුදෙනුකරුවන් පිළිගැනීමට ඉඩ සලසයි.

Quick Replies

Telegram Business ඔබට quick replies නිර්මාණය කිරීමට ඉඩ සලසයි. Quick replies යනු පණිවිඩ කිහිපයක් සහ text formatting, links, stickers, media සහ files අඩංගු විය හැකි පෙර සැකසූ පණිවිඩ යැවීම සඳහා වන shortcuts වේ.

0:00
/0:10

මෙය ඔබට ඔබේ පාරිභෝගිකයින්ට නිතර අවශ්‍ය වන පන්ති කාලසටහනක් හෝ ඔබේ මෙනුව සමඟ PDF එකක් වැනි තොරතුරු ඉක්මනින් යැවීමට උදවු කරයි.

පණිවිඩ තීරුවේ / එකක් ටයිප් කිරීමෙන් ඔබගේ සියලු quick replies සහිත පැනලයක් පෙන්වයි - ඔබට එක tap කිරීමකින් යැවීමට හෝ සංස්කරණය කිරීමට හැකිය. මෙය ක්‍රියා කරන්නේ personal chats වල මිස groups වල නොවේ.

Greeting Messages

වැඩි automation සඳහා, ඔබට පළමු වරට ඔබව සම්බන්ධ කර ගන්නා පරිශීලකයින්ට යවනු ලබන Greeting Message එකක් සැකසිය හැක. මෙය ඔවුන්ට වැදගත් තොරතුරු සහිත instant reply එකක් ලබා ගැනීම සහතික කරනු ඇති අතර, නැතහොත් හුදෙක් මිත්‍රශීලී hello කීමකි 👋

0:00
/0:04

ඔබේ greeting එක තුළ නිතර අසන ප්‍රශ්නවලට පිළිතුරු හෝ ඔබේ ව්‍යාපාරය පිළිබඳ වැඩි විස්තර ද ඇතුළත් විය හැකිය.

ඔබගේ greeting නැවත යැවීමට නව පණිවිඩයක් ලැබෙන කාල සීමාවක් ඔබට නියම කළ හැක.

Away Messages

ඔබට ඔබේ ව්‍යාපාරය වසා ඇති විට හෝ ඔබ නිවාඩුවක් ගත කරන විට යැවිය යුතු පණිවිඩයක් ද සැකසිය හැක.

0:00
/0:04

මේ ආකාරයෙන් ඔබේ ව්‍යාපාරයෙන් ප්‍රතිචාරයක් අපේක්ෂා කළ හැක්කේ කවදාදැයි සැමවිටම මිනිසුන් දැන ගනු ඇත.

මිතුරන්ට, පවුලේ අයට හෝ සේවකයින්ට business messages යැවීම වැළැක්වීමට, ඔබට නිශ්චිත chats හෝ සම්පූර්ණ chat categories බැහැර කිරීමට හැක.

Tags for Chats

Telegram Business හෝ Premium සමඟින්, ඔබට ඔවුන් සිටින chat folder මත පදනම්ව ඔවුන්ට අනන්‍ය tag ලබා දෙමින් chats වෙත coloured labels එක් කළ හැක.

0:00
/0:03

මෙය ඔබට ඔවුන්ගේ තත්ත්වය, අවශ්‍යතා, හෝ ප්‍රමුඛතා මට්ටම මත පදනම්ව ඔබේ chat list එකේ සිටින පාරිභෝගිකයන් අතර ඉක්මනින් වෙන්කර හඳුනා ගැනීමට උදවු කරයි.

සියලුම Telegram පරිශීලකයින්ට ඔවුන්ගේ chats සංවිධානය කිරීමට Work, School, News සහ තවත් දේ සඳහා chat ලැයිස්තුවට වෙනම tab එක් කිරීම මගින් custom chat folders සෑදිය හැකිය.

ගනුදෙනුකරුවන් වෙත ළඟා වීම වඩාත් පහසු කිරීමට, ඔබට ඔබේ ව්‍යාපාරය සමඟ chat කිරීමට මේසයක් වෙන් කරවා ගැනීමට හෝ ඇණවුමක් නිරීක්ෂණය කිරීමට බොත්තමක් වැනි links සෑදිය හැක. tap කළ විට, මෙම links ක්ෂණිකව ඔබ සමඟ කතාබහක් විවෘත කර පරිශීලකයා සඳහා suggested message එකක් ලබාදෙයි.

0:00
/0:09

ඔබට මෙම links Telegram ඇතුළත සහ පිටත යන දෙකටම භාවිතා කළ හැක - ඔබේ වෙබ් අඩවියේ link එකක සිට අවන්හල් මෙනුවක QR කේතයක් දක්වා.

සෑම link එකක්ම එය කොපමණ වාර ගණනක් tap කර ඇත්දැයි පෙන්වයි, එවිට ඔබට එහි ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කළ හැක.

Chatbots for Business

Business Usersලාට ඔවුන් වෙනුවෙන් පණිවිඩ සැකසීමට සහ පිළිතුරු සපයන Telegram bots සම්බන්ධ කළ හැක. මෙය ව්‍යාපාරවලට පවතින ඕනෑම මෙවලම් සහ කාර්ය ප්‍රවාහයන් බාධාවකින් තොරව integrate කිරීමට හෝ ඔවුන්ගේ chats කළමනාකරණය කරන AI සහායකයින් එක් කිරීමට ඉඩ සලසයි.

0:00
/0:08

Chatbot එකක් එක් කරන විට, ඔබට bot හට ප්‍රවේශ විය හැකි chats configure කළ හැක - එනම් ඔබගේ contacts සමඟ ඇති සියලුම Chats Exclude කර New Chats වලට පමණක් ප්‍රතිචාර දැක්වීම වැනි ආකාරයට.

මෙය Telegram Bots සඳහා නව යුගයක් විවෘත කරයි - Business Automate කිරීමට සහ Telegram භාවිතා කරන්නන් සමඟ ඔවුන්ගේ සන්නිවේදනය වැඩිදියුණු කිරීමට උපකාරී වන නව සේවාවන් නිර්මාණය කිරීමට අපි සියලු සංවර්ධකයින්ට ආරාධනා කරන්නෙමු. වැඩි විස්තර සඳහා අපගේ Bot Manuals බලන්න.

Telegram විසින් ඉදිරි යාවත්කාලීනයන්හිදී Business සඳහා නව විශේෂාංග හඳුන්වා දෙනු ඇත. මේ මොහොතේ, සියලුම Telegram Business විශේෂාංග Premium ග්‍රාහකයින්ට නොමිලේ ලබා ගත හැකිය. ඔබට ඒවා Settings > Telegram Business හරහා සොයා ගත හැක.

Source: telegram.org