Loading...
Framer CMS එක ගැන ඉගෙන ගමු

අද කතා කරමු තවත් CMS එකක් ගැන ඒ තමයි Framer කියලා කියන්නෙ.

Framer කියලා කියන්නේ යම්තාක් දුරකට ජනප්‍රිය සහා මේ එනකොට වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින CMS එකක්. අනෙක් CMS එක්ක බලනකොට මේකේ වෙනස් කම් කිහිපයක්ම සහ අනේ ඒවට වඩා මේක හොදයි කියන්නත් හේතු කිහිපයක් තියනවා.

අපි හැමෝම දන්න WordPress, Joomla, Ghost වගේම මේකත් CMS එකක් ඒ කියන්නෙ code-free tool එකක්. Coding දැනුමක් අවශ්‍ය නැතුව Website හදන්න පුළුවන්. Framer වලින් සුපිරි Website හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් අනෙක් ඒවට වඩා interactive විදියට හදන්න පුළුවන්.

ඉතිහාස ගැන ටිකක් බලමු

2014 දී තමා Framer මුල් වතාවට මේ ලෝකේ දිහා බලන්නෙ. ඉතින් මෙ ලෝකේ දිහා බලන්න Framer මේ ලෝකේට ගෙනාවෙ Koen Bok සහා Jorn van Djik කියන දෙන්නා.

ඉතින් ටික ටික මේක grow වෙනකොට 2019 දී Framer X සහා 2021 දී Framer Sites වගේ ගොඩාක් tools මේක වටා නිර්මාණය උනා.

Framer වල features

01.Design and Interactive Prototyping

02.No-Code Website Builder

03.Collaboration

04.Responsive and Light Weight Designs

05.Template Library

06.Integrations

ඉතින් කොහොමද උනත් දැනට world popular CMS එක වෙන්නෙ WordPress. හැබැයි Framer වලින් අපි සෑහෙන ලොකු වැඩක් කරගන්න පුළුවන්. WordPress තරම් ලේසි නැහැ ඉගෙන ගන්න. ටික කාලයක් යනවා Practice එකත් එක්ක. ඉතින් මම ඉගෙන ගත්ත දේවල් ඔයාලට කියලා දෙන්නම්. මේකෙන් ලැබෙ​න ප්‍රතිචාර අනුව. Framer කියන්නෙත් සල්ලි උල්පතක් ඈ.මම වගේ coding වල ආස නැති අයට විශේෂයෙන් වටිනවා මේවා.

එහෙනම් හැමෝටම ජය!