Loading...
Interstellar movie එක ගැන ඔබ කියවිය යුතුම ලිපි පෙළ - 1 කොටස (හැඳින්වීම)

Interstellar කියන්නේ 2014 දී තිරගත වීම ආරම්භ කල ලෝක සිනමාවේ මෙතෙක් නිපදවූ සුපිරිම Science Fiction ෆිල්ම් එකක්.

SPOILER ALERT:

ඔයාලා ගොඩක් අය මේ ෆිල්ම් එක බලලා ඇති. බලලා නැත්තන් අනිවාර්යෙන්ම බලලා එන්න, මොකද මේ ලිපිය අස්සේ ෆිල්ම් එකේ spoilers ගොඩක් තියෙන්න පුළුවන්.මගේ මේ ලිපිය සාමාන්‍ය movie review එකක් නම් නෙමෙයි.

මේ ෆිල්ම් එකේ ඔයාලා දැකලා තියෙන, හැබැයි ඒ දේවල් වල නොදන්න තිරයේ පිටුපස කතා ගොඩක් තමයි මම අද ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ. ඒ කතා දැනගෙන ආයේ film එක බලන්න, ඒක අමුතුම experience එකක් වෙයි ඔයාල හැමෝටම.

1. හැඳින්වීම

සම්මානනීය අධ්‍යක්ෂක Christopher Nolan අධ්‍යක්ෂණය කල, නිෂ්පාදනය කල සහ තිර රචනා කල Interstellar ෆිල්ම් එකේ ප්‍රධාන චරිත වල‍ට පණ පොවන්නේ Matthew McConaughey, Anne Hathaway, Jessica Chastain, Bill Irwin, Ellen Burstyn, Matt Damon, Michael Caine ඇතුළු සුපිරි නළු නිලියන් පිරිසක්.

අනාගත ඩිස්ටෝපියානු (Dystopian) සමාජය තුල ජීවත්වීමේ අරගලයක යෙදී සිටින මිනිසුන් වටා ගෙතුණු Interstellar ෆිල්ම් එකේ ප්‍රධාන කතාව ගලා යන්නේ සෙනසුරු ග්‍රහයා අසල තියෙන වර්ම්හෝල් (wormhole) එකක් භාවිත කරලා කාලතරණය කරමින් ජීවත්වීමට සුදුසු අලුත් ග්‍රහලෝකයක් සොයන්න මහන්සි වෙන අභ්‍යවකාගාමීන් පිරිසක් වටායි.

2007 දී Jonathan Nolan විසින් ලියන්න පටන් ගත්තු මේ ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක අන්තිමට ඉවර වෙන්නේ ඔහුගේ සහෝදරයා වෙන සුප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂක Christopher Nolan ගේත් සහයෙන්.

Christopher Nolan මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරන්නේ ඔහුගේ බිරිඳ, Emma Thomas, එක්ක. ඒ එයාලගේ නිෂ්පාදන ආයතනය වෙන Syncopy හරහා, සම නිෂ්පාදනයෙන් Lynda Obst සමබන්ධ වෙන්නේ Lynda Obst Productions යටතේ.

Caltech (California Institute of Technology) විශ්වවිද්‍යාලයේ න්‍යායාත්මක භෞතිකවිද්‍යාඥයෙක් වන නොබෙල් සම්මානලාභී Kip Thorne තමයි මේ Interstellar ෆිල්ම් එකේ විධායක නිෂ්පාදක (executive producer), ඒ විතරක් නෙමෙයි ඔහු මේ ෆිල්ම් එකේ චරිතෙකටත් පණ පොවනවා.

Paramount Pictures, Warner Bros. සහ Legendary Pictures තමයි මේ ෆිල්ම් එකේ ෆයිනෑන්ස් පැත්ත හැන්ඩ්ල් කලේ.

ෆිල්ම් එකේ සිනමැටෝග්‍රැෆර් (Cinematographer), ඒ කියන්නේ කැමරා අධ්‍යක්ෂක වුනේ Hoyte van Hoytema.

Interstellar ෆිල්ම් එකේ ප්‍රධාන ලොකේශන්ස් වුනේ කැනඩාවේ Alberta, ඇමරිකාවේ Los Angeles සහ අයර්ලන්තයයි.

ෆිල්ම් එක ගැන කතා කරද්දී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ කෙනෙක් තමයි ලෝක ප්‍රකට සංගීත අධ්‍යක්ෂක Hans Zimmer. අදටත් ලෝකේ බොහෝ දෙනෙක් කතා කරන Interstellar ෆිල්ම් එකේ සංගීත අධ්‍යක්ෂක තමයි Hans Zimmer.

ඇමරිකානු ඩොලර් මිලියන 165 ක වියදමක් දරා නිෂ්පාදනය කල මෙම චිත්‍රපටිය 2014 වැඩිම අදායමක් ලැබූ චිත්‍රපටි 10 ට ඇතුලත් වුනේ Box office ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 677.5 ක් සමඟින්.

මේ ෆිල්ම් එක පැය 2 විනාඩි 49ක් දිගයි. ඒ වන විට ලෝකයේ තිරගත වූ දීර්ඝතම IMAX ෆිල්ම් එක වුනෙත් මේ Interstellar ෆිල්ම් එක.

2019 තිරගත වුන Avengers: Endgame ෆිල්ම් එක තමයි ඒ රෙකොර්ඩ් එක කැඩුවේ. ඒ ෆිල්ම් එක පැය 3 විනාඩි 1ක් දිගයි. අදටත් මේ ලිස්ට් එකේ 2 වැනි ස්ථානයේ තියෙන්නේ Interstellar ෆිල්ම් එක.

2015 පැවති 87 වන Academy Awards එහෙම නැත්තන් Oscar සම්මාන උළෙලේ Best Visual Effects වලට හිමි සම්මානය දිනා ගත්තෙත් Interstellar විසින්. Best Original Score, Best Sound Mixing, Best Sound Editing සහ Best Production Design වලටත් මේ ෆිල්ම් එක මෙහිදී නිර්දේශ වුනා.

Interstellar ෆිල්ම් එකේ තිරය පිටුපස අමුතු කතා සහ Interstellar ෆිල්ම් එක වගේම ජනප්‍රිය වුණ පොත් සෙට් එක ගැන ඊළඟට බලාපොරොත්තු වන්න.