Loading...
මුදල් හොයන්න, game එක පටං ගන්නත් කලින් winnerව තෝරන Online multipalyer games

Invisible Dance of Algorithms.

මේ කියන්න හදන්නෙ Online Mutiplayer Games වලට සම්බන්ධ දෙයක්. හැබැයි වෙන ඒවට ආදේශ කරන්නත් පුලුවන්. මේකෙ කිසිම මැතමැටික්ස් කොටස් මුකුත් නෑ. සරල නමුත් සංකීර්ණ නැටුමක් ගැන කියන්නෙ.

මේ කියන්නෙ යන්නෙ ඇල්ගොරිදම් එකක් මිලියන ගානක් මිනිස්සු අල්ලෙ නටවනහැටි ගැන. මං සර්වර් එක කියල මෙතන ඉඳන් කියන්නෙ මේ ඇල්ගොරිදම් එකට. මෙක තනි ඇල්ගොරිදම් එකක් නෙවෙයි මම ඒක වචනය පාවිච්චි කලාට.

හිතන්න 1 vs 1 මල්‍ටිප්ලේයර් බැටල් එකක් ගැන. FPS ගේම් එකක් කියමුකො මේක.

එක ප්ලේයර් කෙනෙක් අලුත් මැච් එකක් පටං ගත්තම සර්වර් එකෙන්නෙ ප්‍රතිවාදියා හොයල දෙන්නෙ.

සර්වර් එක කොහොමද එහෙම අපිට එකෙක්ව හොයල දෙන්නෙ?

එයා යම් සාධක සලකල බලල අපිට කෙනෙක්ව හොයල දෙනව. සර්වසාධාරණ වෙන්න නම් එයා අපේ ලෙවල් එකේම වෙන්න ඕන. එයාගෙ වෙපන්ස් අපේ ලෙවල් එකේම වෙන්න ඕන.

එතකොට සාධාරණ බැටල් එකක් දකින්න පුලුවන්.

හැබැයි සර්වර් එකෙන් හිතාමතා අපිට වඩා අඩු ලෙවල් කෙනෙක් තෝරල දුන්නොත් ඌට අසාධාරණයි නේද?

දැන් තමා මාතෘකාවට එන්නෙ හරියටම.

Predeterministic Match Making. (සිංහලෙන් කොහොම එනවද දන්නෑ. තේරුම එන්නෙ ආසන්නව පෙර සැකසූ කියන එක)

මේ කියන්නේ සර්වර් එක විසින් දන්නව සෑම මැච් එකකම අවසන් ප්‍රතිඵල මැච් එක පටං ගන්නත් කලින්.

හේතුවතමා සර්වර් එකට තියනව ක්‍රීඩාව පිලිඹද හා එහි ප්ලේයර්ලගේ ස්කිල් එක ගැන අසීමාන්තික දැනුමක්.

මේනිසා සර්වර් එකට පුලුවන් කෙනෙක්ව දිගින් දිගට පරද්දවන්න හෝ දිගින් දිගට දිනවන්න. නැත්නම් අවශ්‍ය ඕනෑම ප්‍රතුඵලයකරං දෙන්න.

සර්වර් එක දන්නව ප්ලේයර් කෙනෙක්ට එයාට වඩා පෝඩ්ඩක් ස්කිල්ඩ් ප්ලේයර් එකෙන්ක් හෝ සුලුලෙස ලෙවල් අප් ප්ලේයර් කෙනෙක් පෙයා කලොත් ඔහු පැරදීමේ සම්භාවිතාවය ඉහල බව.

මේනිසා වරතමාන බහුතරයක් මල්ටිප්ලේයර් ගේම් කියන්නෙ Predetermined ගේම්ස්. ඒ කියන්නෙ මැච් එකේ අවසන් ප්‍රතිඵලය සර්වර් එක දන්නව.

මේකෙන් මොකක්ද සර්වර් එක හදපු එකාට ලැබෙන වාසිය.

වාසිය තමා Micro Transactions!

හැමෝම දන්නව වත්මන් ගේම්ස් වල එකනොමි එක තියෙන්නෙ Micro Transactions වල කියල. ඒකියන්නෙ කුඩා මිලකට ගේම් එක ඇතුලෙ මොනවහරි මිලදී ගන්න පුලුවන්. උදාහරණයක් විදිහට ඩොලර් එකකට අපේ ප්ලේයර්ට ස්කින් එකක් වගේ.

එතකොට මේව මිනිස්සු නිකන්ම ගන්නෑනෙ. යම් පෙලඹවීමක් ඕන. අන්න ඒ පෙලඹවීම දෙන්න තමා සර්වර් වල Predetermined Matchmaking වෙන්නෙ.

ඒවගේම මේ බහුතරයක් ගේම්ස් ෆේස්බුක් හෝ වෙනත් තෙවන පාර්ශවීය පර්සනල් ඩේට එකතු කරන ඒවට කනෙක්ට් කරන්න පුලුවන්.

එතකොට සර්වර් එකට තියනව යම් අදහසක් ඔයාට යමක් මිලදීගැනීමේ සම්භාවිතාවය ගැන.

එතකොට සර්වර් එක ඔයාව දිනවන්න බලනව. එතකොට ඔයා තමංගෙ මට්ටම අනිත් අයට පෙන්නන්න මොනවහරි කොස්මෙටික්ස් දෙයක් මිලදිගැනීමේ සම්භාවිතාවය ඉහලයි.

එහෙමත් නැත්නම් ඔයාව වෙපන් අප්ග්‍රේඩ් එකක් ගන්න පොලඹවන්න පුලුවන් දිගින් දිගට පරාද කරවල.

මේතමා ඇල්ගොරිදම් එකක අල්ලෙ නැටවෙනව කියන්නෙ.

මේකෙ තේරුම ඔයා මැච් එක දිනන්න සර්වර් එක දායකත්වයක් දෙනව කියන එක. ඒවගේමයි පරදින එකත්. ඔයාව පරද්දවන්න සර්වර් එක තීරණය කලානම් ඒක නවත්තන බෑ කොහෙත්ම. අමාරුවෙන් එකක් දින්නොත් අනිවාර්යයෙන් සර්වර් එක ඊලඟට ඔයාව පෙයා කරන්නෙ ඊටත් අමාරු කෙනෙක් එක්ක.

ඔයා මොන මැච් එක ප්ලේ කලත් දිනන පරදින බව සර්වර් එක කලින් දන්නව.

මේක ඇක්ටිව්ලි පාවිච්චි කරන ගේම් තමා Clash Royale ඇතුලු සුපර් සෙල් එකේ සියළු ගේම්ස්. මේක එක උදාහරණයක් විතරයි.

මේක එක හේතුවක් වත්මන් ලෝකයේ වටිනාම දේ පර්සනල් ඩේට වෙන්න.

ඒනිසා "අනේ බං අපේ ඩේට උස්සල මොනා කරන්නද?" අහන්න කලින් පොඩ්ඩක් හිතන්න.