Loading...
iOS 15.4 හරහා iOS සඳහා වන තෙවන පාර්ශවී​ය apps සඳහා 120Hz refresh rate පහසුකම භාවිතා කිරීමේ හැකියාව ලබා දෙන බවට තොරතුරු වාර්තා ​වේ

Apple සමාගම විසින් පසුගිය වසරේදී iPhone 13 ජංගම දුරකතන මාලාව එලිදැක්වීම සිදු කරනු ලැබුවා. මේ වන විට ලොව ඉතාමත් හොඳ අලෙවියක් වාර්තා කිරීමට එම ජංගම දුරකතන මාලාව සමත් වී තිබෙන බව වාර්තා විසින් දක්වා තිබෙනවා. 2021 වර්ෂය වන තුරුම iPhone එකක් සඳහා 60Hz refresh rate එකකින් යුතු තිරයකින් එහාට යාමට Apple සමාගම විසින් කටයුතු නොකල නමුත් iPhone 13 දුරකතන මාලාව සමඟින් ඔවුන් විසින් iPhone 13 Pro සහ iPhone 13 Pro Max සඳහා 120Hz ProMotion display එකක් හදුන්වා දීමට කටයුතු කලා.

Apple සමාගම විසින් 120Hz ProMotion displays හදුන්වා දුන්නත් එම පහසුකම ක්‍රියාත්ම​ක වූයේ system apps වලට සහ තවත් apps කිහිපයකට පමණි. නමුත් මේ වන Apple සමාගම විසින් නිකුත් කර ඇති iOS 15.4 beta සංස්කරණය ඔස්සේ සියළුම apps සඳහා 120Hz refresh rate එක භාවිතා කිරීමේ හැකියාව ලබා දීමට කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ වන විට වාර්තා වන ආකාරයට iOS සඳහා apps develop කරන ඉංජිනේරුවෙකුගේ සටහනකට අනුව Apple සමාගමේ සේවය කරන තවත් developer කෙනෙකු විසින් iOs 15.4 හරහා අනෙකුත් apps සඳහාද 120Hz සහ​ය ලබාදෙන බව ඔහුට ප්‍රකාශ කර ඇති අතර ඒ බව සඳහන් කරමින් ඔහුට ලැබුනු screenshot එකක් පවා ඔහු තම Twitter පණිවුඩයට ඇතුලත් කර ඇත.

මෙම පුවතත් සමඟින් විශ්ලේෂකයන් මත පල කර සිටින්නේ Apple සමාගම විසින් ඔවුන්ගෙ මෙහෙයුම් පද්ධතියේ තිබුණු Core Animation bug එක නිවැරදි කරගෙනු ඇති බවයි. කෙ​සේ නමුත් iOS 15.4 හරහා සියළුම ඇප්ස් සඳහා 120Hz refresh rate එක ස්වයංක්‍රීයවම ලබා දෙනවාද, එසේත් නැති නම් developersලාට ඒ සඳහා වෙනම කේතනයක් හරහා එම පහසුක්ම ඇතුලත් කර අදාල app එකේ update එකක් හරහා ලබාදීම සිදු කරන්න වේද යන්න තවමත් තහවුරු කර නැත.

Source: Twitter