Loading...
iPhone එකටත් App Lock එකක්

ඔයා iPhone එකක් භාවිතා කරනව නම් ඔයාට තියෙන ලොකුම ගැටලුවක් තමයි Android මෙහෙයුම් පද්ධතියට ලැබෙනවා වගේ App Lock එකක් iOS මෙහෙයුම් පද්ධතිය තුළ අඩංගු නොවීම. ඉතින් මේ ගැටලුවට සරල විසදුමක් ගැන තමයි අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ.

මේ වැඩේට අපි භාවිතා කරන්නෙ Timer එකෙන් අපිට ලැබෙන පහසුකමක්ම තමයි. ඔයා දන්නවා Timer එක End උනාට පස්සෙ අපිව Lock Screen එකට වැටෙනවා. මෙන්න මේ සිද්ධිය අපි මෙතනට Automate කරනවා App එකක් Open වෙද්දිත් අපිව Lock Screen එකට අරන් යන විදියට.

එහෙනම් දැන් බලමු මේ වැඩේ කොහොමද කරන්නෙ කියලා. මුලින්ම ඔයාගෙ Clock App එක Open කරන්න. ඊළගට එතනින් Timer එක Select කරල "When Timer Ends" වලට "Stop Playing" දාගන්න.

දැන් ඔයා Shortcuts App එක Open කරන්න. ඊට පස්සෙ Automation Option එක Select කරල දකුණු පැත්තෙ ඉහළ කෙළවරේ තියෙන "+" සලකුණ වෙත යන්න.

ඉලගට ලැබෙන Options දෙකෙන් "Create Personal Automation" Option එක වෙත යන්න.

දැන් ඔයාට ලැබිල තියෙන Options වලින් "App" වෙත යන්න.

ඊලගට ලැබෙන "Choose" වලට ගිහින් ඔයාට Lock කරන්න අවශ්‍ය Apps තෝරන්න.

දැන් ඔයාට තියෙන්නෙ Timer එක setup කරගන්න. ඒකට ඔයාට කරන්න තියෙන්නෙ මෙතන තියෙන Search Bar එකේ "Timer" කියල search කරාම එන Options වලින් "Start Timer" එක තෝරන්න.

දැන් ඔයා පහළ Photo එකේ තියෙන විදියට Timer එක තප්පර එකකට සකස් කරන්න.

දැන් ඔයා මෙතන තියෙන "Ask Before Running" එක off කරන්න.

ඔන්න වැඩේ හරි. ඉතින් මේ Automation එක ඔයාලට කැමති වෙලාවට off කරන්නත් Lock කරන්න තෝරපු Apps වෙනස් කරගන්නත් පුලුවන්. හැබැයි ඔයාල මතක තියාගන්න ඕන වැදගත්ම දෙයක් තමයි මේ Automation එක On කරල තියෙන වෙලාවට ඔයා Clock App එකේ තියෙන Timer එකට ඔයා Music එකක් දැම්මොත් ඔයා අර Lock කරපු Apps Open කරද්දි Lock Screen එකට යනව වෙනුවට music එකක් play වෙන්න පටන් ගන්නවා. ඒකත් හොදට මතක තියාගන්න.

මේ වගේ ‍තවත් වැඩ ඔයත් දන්නවා නම්, ඒ ගැන හැමෝටම කියල දෙන්න කැමති නම්, ඒ වගේ දේවල් ඉගෙන ගන්න තාක්ෂණික ගැටලු විසදගන්න කැමති නම්, එන්න Android වැඩකාරයෝ Forum එකට. මේ වගේ තවත් Article එකකින් ඉක්මනින් හමුවෙමු.