Loading...
WWDC20 එකේදි එලි දැක්වුනු  iPadOS 14 Highlights සවිස්තරාත්මකව

iPadOS කියලා වෙනම software version එකක් Apple ලා හදුන්වලා දුන්නේ ගිය අවුරුද්දේ iOS 13 වල ඉදන්. ඉතිං iPadOS එකේ second major version එක විදියට මේ iPadOS 14 හදුන්වන්න පුලුවන් ඉතිං මේ iPadOS එක iPad එකේ larger display එකට Apple pencil , Apple keyboard වගේ accessories වල full potential එක ගන්න හදපු iOS එකක් කීවොත් මං හරි. ඉතිං iOS 14 වල තිබ්බ ඔක්කම features මේ iPadOS 14 වල තියෙනවා ඒ නිසා මේතනදි අපි කතා කරන්නේ specially iPadOS 14 වලටම ආව අලුත් features ගැන.

01. Side Bar

ඉතිං මේ Side Bar එක කියන්නේ Core iPadOS එකේ application වලට එන අලුත්ම feature එක මෙක හරියට windows වල window එකක තියෙන side pane එක නැත්තන් MacOS වල Window එකක තියෙන Side Pane එකට සමානයි ඒ වගේම අපිට ඔනේ නැති වෙලාවට මේ Side Bar එක හන්ගන්න පුලුවන් ලෙසියෙන් ඒ නිසා අවශ්‍යම දේට මුලු display එකම use කරන්ම පුලුවන් වෙනවා ඒ වගේම items select කරලා ලෙසියෙන් side bar එකේ නැනින් තැනට drag and drop කරන්නත් පුලුවන් වෙනවා. ඉතිං මේ Core Design Element එක නිසා ගොඩක් Apps වලට menus hide කරගන්න පුලුවන් වෙනවා ඒ නිසා ඔනෙම දේ ලොකු ඉඩක පෙන්නන්න පුලුවන් වෙනවා හරියට Photos Music Player වගේ. multitasking වලට මෙක ලොකු උදව්වක් වෙනවා. ඉතිං Apple stock apps වලට වගේම මේක ඉදිරියට 3rd party apps වලත් Add වෙනවා බලාගන්න පුලුවන් වෙයි.ඒ වගේම Apps වලට වෙනම tool bars add කරන්නත් apple ල කටයුතු කරලා තියෙනවා. මෙකෙන් Apple ලට iPad experience එක personal computer experience එකක් ලගට ගෙන්න පුලුවන් වෙනවා.

02. Search Interface

MacOS  Use කරලා තියෙනවා නම් ඔයාලා දන්නවා Spotlight search feature එක. ඉතිං මෙක iPad එකටත් redesign කරලා හදුන්වලා දීලා තියෙනවා. මේ universal search feature එකෙන් ඔයාලට ඔයගේ device එකේ තියන ඔනෙම දෙයක් ex: apps , contacts , files etc. වගේම web එකත් මෙතනින්ම search කරන්න පුලුවන් වෙනවා. ඒ වගේම මේ feature එක ඔයාගේ iPad එක තව තවත් Computer replacement එකක් විදියට use කරන්න ගොඩක් වැදගත් වෙයි.

03. Apple Pencil Improvements

iPad Pro එකක් නැත්තන් මෑතකදි ගත්ත regular iPad එකක් උනත් ගත්ත ඔනේ කෙනෙක් දන්නවා iPad experience එක තව එක level එකක් උඩට ගෙනියන්න උදව් වෙන්නේ Apple Pencil එක කියලා. ඉතිං මෙක ගොඩක් වටින tool එකක් ඔයා මොන දේට iPad එක use කරත්. iPadOS 14 වලින් මේ Apple Pencil එකටත් features ගොඩක් එකතු කරලා තියෙනවා.

මූලිකම දේ තමා Scribble , Apple Watch එකක් use කරපු කෙනෙක් නම් දන්නවා ඇති Scribble feature එක, ඉතිං මේ feature එකෙන් අපිට handwriting වලින් text input කරන්න පුලුවන්. මෙක iPad එකට ගොඩක් වටිනවා මොකද අපි Apple Pencil එකෙන් වැඩක් කර කර ඉද්දි පොඩි search එකක් කරන්න උනාම pencil එක පැත්තකින් තියලා keyboard එකේ type කරනවා කියන්නේ එපාම වෙන දෙයක්. ඉතිං මෙක ආයේ කරන්න ඔනේ නෑ. මොකද text entre කරන්න තියන ඔනෙම තැනක් උඩින් ඔයා apple pencil එකෙන් ලීවම ඒ handwriting automatically ම text වෙලා ඒ feild එකට Add වෙනවා.

ඒ වගේම shape detection feature එකක් Add වෙලස් තියෙනවා. ඔයාලා pencil එකකින් notes ගන්නව නම් දන්නවා shapes අපිට perfectly අදින්න අමාරුයි ඉතිං දැන් අපි shape එකක් apple pencil එකෙන් ඇදලා pause උනාම ඒ shape එක perfectly ඇන්දා වගේ shape එකකට convert වෙනවා. මෙක studies වලට වගේම  flow chart use කරන ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි.

Handwriting recognition ගොඩක් improve කරලා තියෙනවා ඔයා මොන විදියට note එකක් ගත්තත් ඒ note එක handwriting වලින්ම select කරන්න වගේම එක text එකක් විදියට වෙන තැනක paste කරන්නත් පුලුවන් වෙනවා. ඒ වගේම on device machine learning නිසා shapes මොනවද handwriting මොනවද කියලා වෙනම අදුරගන්න පුලුවන් වෙනවා.ඉතිං මේ feature එක Apple ලා Smart Selection කියලා හදුන්වනවා.

තව මේ handwriting recognition technology එකට on device ම language අදුරගන්න පුලුවන්. ඒ කියන්නේ ඔයා english mix වෙන language එකක් ලීව නම් english මොනවද අනිත් language මොනවද කියලා වෙනම අදුරගන්න පුලුවන් වෙනවා. තව අපි ලියන දේ address එකක්ද telephone number එකක්ද කියලා අදුරගන්නත් එවා highlight කරලා direct access කරන්න දෙන්නත් පුලුවන් වෙනවා. ඒ වගේම ඔයා ලියපු දෙයක් උඩින් scratch කරලා මකන්නත් පුලුවන් වෙනවා.

ඉතිං පැනකින් කොලයක ලියනවා වගේම අපිට එන්න එන්නම iPad එක use කරන්න පුලුවන් වෙනවා මේ වගේ.

04. Compact Siri Interface

iPadOS එකටත් iOS වල වගේම compact siri interface එකක් එනවා ඉතින් මෙකේ core features එක වගේම උනාට iPad එකේ large screen එකට ගැලපෙන විදියට මේ interface එක වෙනස් කරලා තියෙනවා ඉතිං මෙ වගේ adaptive features නිසා iPhone එකේ iOS ම iPad එකෙත් Run කරනවට වඩා ලොකු වැඩක් consumors ලට ලබාගන්න පුලුවන් වෙනවා.

05. Noise and Room Reverb Reduction

මේ feature එක iPad එකටම විශේෂ නොවුනට 2020 iPadPro එකත් එක්ක studio quality microphone එකතු උන නිසා iPad එකට ගොඩක් වටින feature එකක් වෙනවා. මෙකෙන් කරන්නේ ඔයා voice recording එකක් Voice Memo App එකේදි ගන්නකොට අවට තියන කාල කෝලාහල sounds වගේම කාමරයක වගේ නම් දොන්කාර දෙන sounds අයින් කරලා clean voice එකක් record වෙන එක මෙකෙදි කෙනෙක්ගේ කටහඩට මූලික අවදානය දෙන්න වගේම මේ ඔක්කම on device machine learning ඔස්සේ සිදුකරන්නත් Apple ලා සමත් වෙනවා.

මේ ඔක්කම features එක්ක අලුත් iPad වල එන LiDAR එකෙන් depth data ගන්න පුලුවන් වෙන Depth API එකකුත් , AR Video Textures , ARKit 4, Notes වලට data detectors වගේ ගොඩක් features iPadOS 14 වලට එකතු වෙලස් තියෙනවා. ඉතිං කිසිදු තරගයක් නැතිව ලොකයේ හොදම tablet computer එක විදියට හදුන්වන්න පුලුවන් මේ iPad එක තව තවත් අපිට සමීප කරන්න වගේම අපේ එදිනෙදා ජිවිතයට වැඩදායී ලෙස යොදාගන්න මේ වගේ Software development ගොඩක් වැදගත් වෙනවා.

ඉතිං ඔයාලටත් අදම මේ iPadOS 14 Beta එක test කරන්න පුලුවන් වෙනවා. ඒ වගේම මේ වසරේ අවසානයේදි iPadOS 14 officially release කරන්න Apple බලාපොරොත්තු වෙනවා.

iPadOS 14 support device list

  • iPad Pro 12.9-inch (4th generation)
  • iPad Pro 11-inch (2nd generation)
  • iPad Pro 12.9-inch (3rd generation)
  • iPad Pro 11-inch (1st generation)
  • iPad Pro 12.9-inch (2nd generation)
  • iPad Pro 12.9-inch (1st generation)
  • iPad Pro 10.5-inch
  • iPad Pro 9.7-inch
  • iPad (7th generation)
  • iPad (6th generation)
  • iPad (5th generation)
  • iPad mini (5th generation)
  • iPad mini 4
  • iPad Air (3rd generation)
  • iPad Air 2