Loading...
Multitasking හැකියාව වැඩි දියුණු කරමින් iPadOS 16 හදුන්වා ​දේ

iPad පරිශීලකයන් ඉතා ආසාවෙ​න් බලාපොරොත්තුවෙන් සිටි multitasking වැනි ඉතා වටිනා විශේෂාංග රාශියක් පරිශීලකයන් වෙත ලබාදීමට කටයුතු කර තිබුණා. අපි ඒවායෙන් ප්‍රධානම විශේෂාංග පිළිබඳ සාකච්චා කරමු.

Freeform සමගින් කිහිපදෙනෙකුට එකවර වැඩ කිරී​මේ හැකියාව

මෙම විශේෂාංගය හරහා පරිශීලකයන් කිහිපදෙනෙකුට  iWork suite, Safari ඇතුළුව තවත් තෝරගත් තෙවන පාර්ශවීය යෙදුම් real time භාවිතා කිරීමට අවස්ථාව ලබාදී ඇත.

තවද, Freeform භාවිතා කරන අතරතුර Apple Pencil එකත් පූර්ණ සහය දක්වනු ලබන අතර FaceTime පහසුකම භාවිතයට අවස්ථාව ලබාදී තිබෙනවා.

Stage Manager සමගින් Powerful Multitasking සහ External Display සදහා පූර්ණ සහය

මේ හරහා iPad එකක් Laptop එකක් ලෙසින් භාවිතයට ගැනීමට අවස්ථාව ලබාදී ඇති අතර මෙවැනි පහසුකමක් iPad වෙත ලබාදෙනු ලැබුවේ පළමු වරටයි. Stage Manager විශේෂාංගය හරහා iPad පරිශීලකයන්ට යෙදුම් අතර ඉතා පහසුවෙන් මාරු වෙන්න එකවර යෙදුම් කිහිපයක් ප්‍රමාණයන් කිහිපයකින් තිරය මත තබාගෙන පරිගණකයක මෙන් භාවිතා කිරීමට ලැබෙන අතරම App Dock එක භාවිතයට ගැනීමට මේ හරහා කිසිදු බධාවත් සිදුවෙන්නෙ නැහැ.

M1 Chip එක අඩංගු වන iPad සදහා බාහිරින් 6K දක්වා වූ resolution එකක් සහිත display එකක් සම්බන්ධ කිරීමට ලබාදී ඇති අතර එහීදී Apps Dock එක display එකේ resolution එක අනුව නිවැරදිව ස්ථාන ගතවේ.

Whether App ඇතුළු තවත් විශේෂාංග රාශියක්

iPad OS 16 වෙත ඉතා අලංකාර Whether App එක හදුන්වාදුන් අතර එමගින් වර්ෂාපතනය, වාතයේ ගුණාත්මකභාවය සහ උෂ්ණත්වය වැනි තොරතුරු පැහදිලිව බලාගන්න අවස්ථාව ලැබෙනවා.

මීට අමතරව iOS 16 හරහා ලබාදුන් අලුත් Lock Screen එකත් මෙහීදී iPadOS 16 වල ලබාදී ඇති අතර Undo/Redo across the system, Find and merge cards in Contacts, New Find සහ Replace experience, Smart Tools in Mail, iCloud Shared Photo Library විශේෂාංග කිහිපයකුත් ලබාදී තිබෙනවා. ඒ අනුව iPadOS යනු මෑතකදී iPad වෙත ලබාදුන් විශාලතම මෙහෙයුම් පද්ධති සංස්කරණය මෙය කියල කියන්න පුලුවන්.