Loading...
iPhone 11 series Display එකෙත් ප්‍රශ්නයක්; තාම විසදුමක් නෑ

iPhone 11 Pro Max  පරිභොගිකයෙක් Reddit Thread එකක් සාදා කියාසිටියේ ඇතැම් වෙලාවට ඔහුගෙ Display එක කොළ පැහැයක් ගන්න බව‍යි. පසුව තව කිහිපදෙනෙක් ඒ thread එකට සිය අදහස් දක්වමින් තමන් සතු iPhone 11 Pro දුරකතනයත් වරින් වර මේ අකාරයෙන් කොළ පැහැයක් ගන්නා බව සනාත කර තිබෙනවා.

Two iPhone 11 displays compared, device on the right with the green tint issue.
Two iPhone 11 displays compared, device on the right with the green tint issue.

සමහර පරිශීලකයින් පවසන අන්දමට මෙය ඇතැම්විට හටගන්නෙ Nightshift (Night Mode/ Reading Mode) එක සහ Dark Mode (AMOLED Mode) එක සක්‍රීය කර දුරකතනය Unlock කිරීමෙන් පසුවයි, නමුත් ඇතැමුන් පවසන අන්දමට මේ Mode දෙකම අක්‍රීයව පවතිද්දීත් Unlock කළ පසු මෙය සිදුවූ බවයි.

මෙය එක් වරක් ඔබේ නෙත ගැටුනු පසු ඔබට එක දිගින් දිගටම කරදරයක් වෙන බව අප දනිමු. ඔබ මෙයට කළබල නොවිය යුත්තෙ, සමහර පරිශීලකයින් පවසන අන්දමට මෙය හට ගැනීමට හේතුව iOS 13.5 වෙත Update කිරිමෙන් පසුවයි. එහි ඇති සුභ ආරංචිය මෙය Software Fault නිසා පමණක් වන බවයි. Apple සමාගමට තවත් Update එකකින් මෙය නිරාකරණය කිරීමට හැකිවනු ඇත. නමුත් මේ වන තෙක් මේ සම්බන්දයෙන් එම සමාගම කිසියම් ප්‍රකාශයක් නිකුත් කර නොමැත. මෙම ගැටළුව කිසියම් වේලාවක් ගතවූ පසු සාමාන්‍ය තත්වයට පත්වන නිසා ඔබට ඒ සමාගම විසදුමක් දෙනතුරු ඉවසා සිටිය හැක.  

මේ වන විට Apple සමාගම iOS 13.5.5 Beta පරික්ෂා කරමින් සිටී, මෙම ගැටළුවට පිළියමක් මේ Update එකේ අන්තර්ගත වියහැකි බව අපගෙ සහ දෙස් විදෙස් මාධ්‍ය රැසකගෙ විශ්වාසයයි.

ඔබගේ iPhone 11 Pro / Pro Max දුරකතනයෙත් එම ගැටළුව ඇත්නම් පහල අදහස් දක්වා අපව සහ අනෙකුත් පරිශීලකයින් දැනුවත් කරන්න.

Update
ඊට අමතරව මෙම ප්‍රශ්නයම iPhone 11 සඳහාද මෙම ප්‍රශ්නය පැන නැගී ඇති බව Beebomහි සඳහන් වෙනවා.

Sources: 9to5Mac , MacRumors, Reddit, Beebom