Loading...
Apple iPhone සහ Apple Watch සඳහා Crash Detection පහසුකම ලබා දීමට සූදානම් වන බව වාර්තා වෙයි

Apple සමාගම විසින් iPhone සහ Apple Watch සඳහා ලබන වසරේදී (2022) Crash Detection පහසුකම ලබා දීමට සූදානම් වන බවට වාර්තා පළවී තිබෙනවා. එම වාර්තා වලට අනුව සඳහන් වන්නේ මෙයට මිලියන 10කටත් වඩා හඳිසි අනතුරු හඳුනාගෙන එම රටට අදාල හඳිසි ඇමතුම් අංකයට ස්වයංක්‍රීයවම සම්බන්ධ විය හැකි බවයි.

මෙම විශේෂාංගය ගුරුත්වාකර්ෂණයේ හදිසි වැඩිවීමක් මත බලය මැනීම මගින් ක්‍රියා කරනු ඇති බව වාර්තාව පවසයි. Apple සමාගම විසින් iPhone සහ Apple Watch භාවිතා කරන්නන්ගෙන් නිර්නාමිකව දත්ත රැස්කරමින් පසුගිය වසර පුරා මෙම විශේෂාංගය පරීක්ෂා කර ඇති බව වාර්තා වේ.

Apple has been testing the crash-detection feature in the past year by collecting data shared anonymously from iPhone and Apple Watch users, the documents show. Apple products have already detected more than 10 million suspected vehicle impacts, of which more than 50,000 included a call to 911.
Apple has been using the 911 call data to improve the accuracy of its crash-detection algorithm, since an emergency call associated with a suspected impact gives Apple more confidence that it is indeed a car crash, according to the documents.
Apple Watch හි තිබෙන Fall Detection පහසුකම. Image: GSMarena

Apple නිෂ්පාදන දැනටමත් මිලියන 10 කට වඩා වැඩිපුර වාහන මඟින් වූ බලපෑම් හඳුනාගෙන ඇති අතර, ඉන් 50,000 කට වඩා එම රටේ හඳිසි ඇමතුම් අංකයට ඇමතුමක් ඇතුළත් විය.

Apple සමාගම විසින් Crash Detection ඇල්ගොරිතමයේ නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීම සඳහා බොහෝ රටවල හදිසි ඇමතුම් දත්ත භාවිතා කරයි, මන්දයත්, ලේඛනවලට අනුව, සැක සහිත බලපෑමක් හා සම්බන්ධ හදිසි ඇමතුමක් ඔවුන් හට එය සැබවින්ම මෝටර් රථ අනතුරක් බවට වැඩි විශ්වාසයක් ලබා දෙන බැවිනි.

දැනට ලැබෙන තොරතුරු වලට අනුව මෙම පහසුකම 2022 වසරේ iPhone සඳහා iOS 16 සමඟත් Apple Watch සඳහා watchOS 9 සමඟත් ලබා දෙනු ඇතැයි සිතන්න පුලුවන්.

Source: 9to5mac