Loading...
Appstore එකෙන් පරිභාහිර​ව apps sideload කිරීමේ හැකියාව iOS 17 සංස්කරණය සමඟින් ලබාදීම​ට Apple සමාගම සූදානම් ​වේ

iOS සහ Android අතර පවතින විශේෂිතම වෙනස්කමක් වන්නේ iOS හි Applications Sideload කිරීමේ හැකියාව නොතිබිමයි. Sideloading යනු Official Source එකකින් හැර Third party Source එකක් මගින් ලබා ගන්නා Applications Install කිරීමයි.

Android සදහා Official Source එක Google Play Store වන අතර iOS සදහා Official Source එක වන්නේ Apple App Store එකයි. Android හි Google Play Store එකෙන් හැර වෙනත් වෙබ් අඩවිවලින් හෝ අන් ක්‍රමයකින් .apk Files Download කර Install කළ හැකි වුවත් iPhone සදහා එලෙස Apps Sideload කිරීමේ හැකියාව නිල වශයෙන් ලබා දී නොමැති වනවා.

එහෙත් විශ්ලේෂකයෙකු වන Mark Gurman සදහන් කර සිටින්නේ iPhone සදහාද App Sideloading පහසුකම ලබා දීමට ඉදිරියේදී කටයුතු සිදු විය හැකි බවයි. එතුළින් iPhone භාවිත කරන්නන් හට Apple App Store එකේ ඇති Apps පමණක් නොව වෙනත් ඕනෑම Application එකක් Install කර ගැනීමේ හැකියාව උදා වනවා.

Tim Sweeney on Twitter

මෙය මෙසේ සිදු වුවහොත් එය ක්ෂේත්‍රයේ පෙරළිකාර දෙයක් බවට පත් වනවා. යුරෝපයේ Digital Marketing පනත ලබන වසරේ ක්‍රියාත්මක වීමට නියමිත අතර එහෙදි Apple සමාගම හට iPhone සදහා App Sideloading ලබා දීමට කටයුතු කරන ලෙස යෝජනා වීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් Apple සමාගම සදහන් කරන්නේ ඔවුන් මේ අවස්ථාවේදී පමණක් යුරෝපීය පනතට අනුව කටයුතු කරන බවත් ඇමෙරිකාව හා අනෙකුත් රටවලට Digital Marketing පනතක් නොමැති බැවින් ඒ සදහා මේ Apps Sideloading කිරීම ලබා දීමට කටයුතු නොකරන බවත්ය.

තවද Apple සමාගම විසින් Digital Marketing පනතට සඳහා iMessage, Find My Device, NFC access සහ තවත් බොහෝ දේ සඳහා විශාල වෙනස්කම් සිදු කිරීමට කටයුතු කරමින් සිටින බවට ද වාර්තා වනවා.

Source: androidauthority.com techcrunch.com