මම හැමතිස්සෙම කියන කතාවක්නේ යුද්ධය කියන්නේ Warnews විතරක්ම නෙමෙයි කියලා. යුද්ධය ඇතුලෙදි අපිට කතා කරන්න පුළුවන් මාතෘකා ගොඩක් තියෙනවා. එකක් තමා මේ Military Technology කියන්නේ.
ඊශ්‍රායලය රකින යකඩ පවුර (IRON DOME) ගැන ඔයාලා මොනවද දන්නෙ?
මේ දවස්වල ඇවිලෙමින් පවතින මැද පෙරදිග යුද්ධයත් එක්ක හැමතැනම කතා වෙන්නේ Iron Dome ගැන. එහෙනම් Iron Dome කියන්නේ ඇත්තටම මොකක්ද කියලා සරලව බලමු.
Iron Dome කියන්නේ මොකක්ද?
Iron Dome කියන්නේ කෙටි දුර රොකට් සහ මිසයිල නවත්වන්න නිර්මාණය කරපු Missile Defense System එකක්. මේක නිසා බේරිච්ච ජිවිත ගනන් මෙච්චරය් කියලා අපිට කියන්ඩ බැරි තරම්.
මේ පද්ධතිය Develop කරලා තියෙන්නේ ඊශ්‍රායලයේ Rafael Advanced Defense Systems සහ Israel Aerospace Industries විසින්. මෙම ව්‍යාපෘතියට United States ද මුදල් සහ තාක්ෂණික සහය ලබා දී තිබෙනවා.
Iron Dome එකට රැකගන්න පුළුවන් උපරිම දුර විදිහට අපිට ගන්ඩ පුළුවන් Iron Dome System එකෙ සිට සාමාන්‍යයෙන් 4km සිට 70km දක්වා රේන්ජ් එකක්. ඒ කියන්නේ 70km දුරකින් එල්ල කරන රොකට් පවා අහසේදීම විනාශ කරන්න පුළුවන්. උපරිම රේන්ජ් එක 70Km නම් ඕකෙන් මුළු රටක්ම ආරක්ෂා කරන්නෙ කොහොමද?

ඒක වෙන්නෙ මෙහෙමය් Iron Dome කියන්නේ තනි System එකක් නෙමෙ. ඊශ්‍රායලය පුරා Battery කියලා හඳුන්වන Unit ගණනාවක් Deploy කරලා තියෙනවා. එක Battery එකක් වැඩ කරන්ඩ ප්‍රදාන කොටස් කිහිපයක් ඕන වෙනවා.
Control System
අයන් ඩෝම් පද්ධතිය පාලනය කරන mPrest Systems කියන ප්‍රධාන Software එක (Control System) එක නිර්මාණය කර ඇත්තේ mPrest නමැති ඊශ්‍රායල මෘදුකාංග සමාගම විසින්. මේක වැඩ කරන්නෙ Kalman Filter කියන Algorithm එකක් මත. සතුරු මිසයිලවල ගමන් මග හා Intercepter Missile එකෙ Path එක නිවැරදිව ගණනය කිරීම සඳහා මෙහි ඉතා දියුණු Kalman Filter නම් ගණිතමය ඇල්ගොරිතම් එක භාවිතා වනවා. මෙය නියමිත ඉලක්කය වෙත මිසයිලය Intercepter Missile එක Guidance කරන්ඩ උපකාරී වෙනවා.
Radar System එක
මේකෙදි භාවිතා වන්නෙ 4D Active Electronically Scanned Array (AESA) තාක්ෂණය මත පදනම් වූ ELM-2084 Multi-Mission Radar (MMR) එකක්. මේකට පුලුවන් එකම වෙලාවක Target 1100ක් ට්‍රැක් කරන්ඩ.
Battle Command & Control Computer System එක
ELM-2084 Multi-Mission Radar (MMR) රේඩාර් මගින් ලබාගන්නා දත්ත විශ්ලේෂණය කරලා මිසයිල ප්‍රහාරයක් එල්ල කළ යුතුද නැද්ද යන්න තීරණය කරන්නේ මෙම BMC පාලන ඒකකය මගිනි.
Missile Launchers ටික
අයන් ඩෝම් පද්ධතියේ මිසයිල Launch කිරීම සඳහා භාවිතා කරන්නේ Missile Firing Unit (MFU) ලෙස හැඳින්වෙන විශේෂිත ලෝන්චර් (Launchers) වර්ගයක්. මේකෙ Layout එක තියෙන්නෙ 4×5 විදිහට. මේ එක Launcher Unite එකක Intercepter Missile 20ක් අඬන්ගුය්.

උඩ කියපු කතාව තව ටිකක් විස්තර ඇතිව කිව්වොත් ඒක වෙන්නෙ මෙහෙමයි.
මේක තණිකරම Embedded System එකක්. නමුත් Iron Dome එකේ මුලික Data Processing කරන්න Super Computer එකක් වගේ එකක් ඕනා. මොකද මේ වගේ තත්පරෙන් බිලියනෙන් එකකදි වගේ කරන්ඩ ඕන කරන Calculation වැඩ වලදි AI Algorithms එකක් නේ Use වෙන්නේ. ඉතින් මේකට මුලින්ම AI එකක් Training කරන්න වෙනවා. AI Training කරාට පස්සේ අපිට අර කියපු Embedded System එක යොදා ගන්න පුලුවන්. එකයි මේක වාහනයක් ඇතුලේම තියෙන්නේ. අවශ්‍ය වේලාවට Super Computer එක හා සම්බන්ධ වෙලා Processing Algorithm එක Import කරගන්න පුලුවන් Embedded System එකට. දැනට දන්න තොරතුරු අනුව මේකේ Architect එකත් ඉශ්‍රයෙල්ම තමා තණියම Develop කරගෙන තියෙන්නෙ. ඕක නිසා වෙන්ඩ පුළුවන් මේ මිසයිල ආරක්ෂණ පද්ධතිය ඇමරිකාවේ අනුග්‍රහය ඇතුව වැඩිදියුණු කලත් මේ Iron Dome එකේ පේටන්ට් බලපත්‍රය **100%**ක්ම ඊශ්‍රායෙල් වලට ලැබුනේ.
මේ එක් Launcher එකක් ඇතුලෙ 4×5 Layout එකට Tamir Interceptor Missile 20ක් පමණ තියෙනවා කියලා මම කලින් කිව්වනෙ. මේ System එකෙ Launchers ටික Truck වලට සවි කරලා අවශ්‍ය තැනට ඉක්මනින් ගෙන යන්න පුළුවන්. ඒකය් මේකට Mobile Defense System එකක් කියන්නෙ. කොහොමත් ඉශ්‍රයලය කියන්නෙ ලන්කාවෙන් තුනෙන් එකක විතර ප්‍රමානයෙ රටක්. ඒක නිසා මේ වැඩේ එච්චර අමාරුත් නැහැ.
හැබැය් මේක නමට Mobile Defense System එකක් කියලා කිව්වට මෙකෙ Cost එක ඔයාලා හිතනවට වඩා වැඩිය්. ඔයාලා දන්නවද මෙ ඒක Intercept එකකට ඉශ්‍රයලය කීයක් වැය කරනවද කියලා?
Tamir Interceptor Missile එකක කොස්ට් එක $40,000 සිට $100,000 අතර වෙනවා. Iron Dome Battery එකක කොස්ට් එක ඩොලර් මිලියන 50ත් 100ත් අතර වගේ වෙනවා.
මේ වැඩේට විශාල වියදමක් යන නිසා නිසා සතුරු පාර්ශවයෙන් එන හැම රොකට් එකකටම Missile Shoot කරන්නේ නැහැ.
මේක නිසා System එක මුලින්ම Enemy Rocket එකෙ Trajectory එක අනුව Calculate කරනවා මේ එන රොකට් එක ජනාවාස ප්‍රදේශයකට වැටෙනවාද? නැත්නම් හිස් භූමියකට වැටෙනවාද? නැද්ද කියලා, ඊට පස්සෙ හිස් භූමියකට වැටෙනවා නම් Intercept නොකර පොළවට පාත් වෙන්ඩ ඉඩ හරින්නත් පුළුවන්.
එහෙන් රොකට් පාර උඩට එල්ල වෙච්ච ගමන් Irone Dome වල පාවිච්චි කරන ELM-2084 Multi-Mission Radar (MMR) එකට Rocket Detect වෙනවා. ඊට පස්සෙ Super Computer System එක මේක එන Trajectory Calculate කරනවා. කොහොමත් මේවා Unguided විදිහට එන්නෙ. සුලඟෙ වේගය හා පරිසර තත්වය මත වෙනසක් සිදු උනොත් ඇරෙන්ඩ නැතිනම් මේවල Trajectory එක Calculate කරන එක එච්චර ලොකු අමාරු වැඩක් නෙමෙ. Computer එකක්ම පාවිච්චි කරන්නෙ අතින් Calculate කරන්ඩ ගියොත් වැයවෙන කාලය මගහැරවා ගන්ඩ නිසා.
හරි අපි ආයෙත් එමු අපේ කතාවට!
අපි හිතමු සතුරු පාර්ශවයෙන් එල්ල කරපු රොකට් ප්‍රහාරයක් ජනාවාස ප්‍රදේශයකට වැටෙන්ඩ යනවා කියලා. කොහොමත් රෙඩාර් එක 24 පැයම ක්‍රියාත්මකවනෙ තියෙන්නෙ. ඒක නිසා ඒ පැත්තෙන් රොකට් උඩට යවපු ගමන් Radar එක ඩිටෙක්ට් කරාගන්නවා. එහෙම කරාගෙන Computer එකෙන් Trajectory එක Calculate කරලා Launchers වලට Commands දෙනවා Interceptor Missile එක Launch කරන්න කියලා. ඊට පස්සෙ Launcher එකෙන් Interceptor Missile එක Launch කරනවා. Launch කරය්න් පස්සෙ Interceptor Missile එකෙ තියෙන Proximity Fused Warhead එක Enemy Rocket එකට අසලට ගමන් කරලා ඒකත් පුපුරවගෙනම විනාශ වෙනවා.
Iron Dome Success Rate
විවිධ වාර්තා අනුව Iron Dome System එකේ Success Rate එක 85% – 90% අතර කියලා සඳහන් වෙනවා. හැබැහ් Swarm Attack එකකදි වගේනම් මේ අගය බොහොම පහළ බහිනවා කියලා අපී මේ ටිකේ හොඳටම දැක්කනෙ. හැබැය් ඕක කෝකටත් පොදුය් කියලත් මතක තියාගන්නකො.
ඊශ්‍රායලයේ තියෙන්නෙ ලෝකෙ බිඳින්ඩ අමාරුම Layered Defense System එකක්.
Israel Defence System එක කියන්නෙ Iron Dome එක විතරක්ම නෙමෙ, ඊශ්‍රායලය Layers කිහිපයකින් Missile Defense System එකක් පාවිච්චි කරනවා.
ඒවා තමයි:
- Iron Dome – Short Range Rockets
- David's Sling – Medium Range Missiles
- Arrow 3 Missile Defense System – Long Range Ballistic Missiles
මේ ප්‍රදාන ඒවට අමතරව තව Israel Made Iron Beam, Israel Made Arrow 2, Israel Made David Sling සහා American Made Patriot, American Made THAAD System අපිට ගන්ඩ පුළුවන්. මේක තමා අපි හඳුන්වන්නේ Israel Layered Air Defense System එක විදිහට.
මෙකෙන් පස්සෙ එන ආටිකල් එක එන්නෙ එකින් එකට Link වෙලා මේ කියපු Israel Layered Air Defense System එක හා ඒක වැඩ කරන විදිහ ගැන. ඒක නිසා මතක ඇතුවම මාව Follow කරලා තියාගන්න.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ තාක්ෂණය කොච්චර Advance වුණත්, යුද්ධය කියන්නේ අවසානයේ මිනිසා විසින් මිනිසාටම කරන විනාශයක්. ශ්‍රී ලාංකිකයන් වන අපි වසර 30කට වැඩි කාලයක් යුද්ධයෙන් බැට කාපු ජනතාවක්. ඒ නිසා යුද්ධයේ බරපතලකම අපිට හොඳටම තේරෙනවා.









