Loading...
ලොව ප්‍රථම hypersonic මිසයිල ප්‍රහාර​ය රුසියාවෙන් යුක්රේනයට; Kh-47M2 Kinzhal පිළිබඳ සියල්​ල

ලෝක ඉතිහාසය තුල Warzone එකකදි එහෙමත් නැතිනම් යුද්දෙකදි Hypersonic අවියක් භාවිතා කළ පළමු අවස්ථාව පසු ගිය සිකුරාදා රුසියාව විසින් යුක්‍රේනයට විරුද්ධ​ව පාවිච්චි කරා.

මේක Kinzhal කියන hypersonic missile  එකක්. ඒ වගේම මේක ලෝන්ච් කිරීම සදහා MIG 31 යානයක් තමා යොදාගෙන තියෙන්නෙ. මේ මිසයි​ල් එකට 2,000kmක රේන්ජ් එකක් ගමන් කළ හැකි අතර මෙහි උපරිම වේගය Mach 12 ක් එහෙමත් නැතිනම් ඔයාලට තේරෙන විදිහට කිව්වොත් 14800km/h ක් වගේ විශාල අගයක් ගන්නවා. ​ඒ කියන්නෙ මේ මිසයි​ල් එක එක තත්පරයක් තුල 3.43Km ආසන්න වශයෙන් කිලෝ මිටර් හතරක් ගමන් කරනවා. ඔයාලට හිතාගන්ඩ පුළුවන්නෙ මේකෙ වේගෙ කොහොමද කියලා.

වේග​ය වගේම තමා මේක accuracy එකත්. මේකේ accuracy එක (1m) මීටරයක් වගෙ විශාල අගයක් ගන්නවා. මේ මිසයි​ල් එකට කිලෝමිටර් විස්සක් (20Km) එහෙමත් නැතිනම් අඩි හැටපන්දාස් හයසිය දාහතක් දක්වා ඉහළට ගමන් කරන්​න පුළුවන් (65,617 ft). (ඔයාලා දන්නවද සාමනය මගීන් රැගෙන යන ගුවන් යානයක් යන්නෙත් උපරිම අඩි 42,000ක්  එහෙමත් නැතිනම් ආසන්න වශයෙන් කිලෝමිටර් 13ක් විතර වගෙ උඩකින් කියලා.)

වේගය විතරක් තිබුනට මදිනෙ පිපිරුම් බලය​ක් නැතිනම්. ඒක මේ මිසයි​ල් එකෙ ඒක අඩු නැතුව තියෙනවා. මේ​කේ තියෙන 500Kg Warhead එකට පුළුවන් (100–500 kT) (කිලො ටොන්) අතර බලයක පිපිරීමක් සිදු කරන්න. නමුත් මේ මිසයි​ල් එකට මේ පිපිරවීම කියන එකත් දෙයාකාරයකින් කරන්න පුළුවන්. එ Nuclear හා Fragmentation විදිහට. මේකෙ​න් ඔයාලා Nuclear ගැන නම් ඔයාලා හොඳට දන්නවා ඇතිනෙ. හැබැ​යි Fragmentation ගැන අහලා තියෙනවද?

Fragmentation කියන්නෙ පුපුරණ ද්‍රවය පිපිරවීමෙන් හා කොටස් විහුදුවාලීමෙන් ඇති කරනා පිපිරවීමකටයි. මේ Fragmantation කියන එක තමා anti-personnel weapon, bomb, barrel bomb, land mine, IED, artillery, mortar, tank gun,autocannon shell, rocket, missiles, grenades කියන හැම තැනකදිම පාවිච්චි වෙන්නෙ.  හැබැ​යි මේ මම කියපු Nuclear Explotion එකය් Fragmantation Explotion කියන එක​යි දෙකම එකපාර කරන්​න නම් බැහැ. ඒක ටාගට් එකෙ ස්වාභාව​ය අනුව Missile එක ලෝන්ච් කරන්​න තීරණ​ය කරන කණ්ඩාය​ම තීරණය කරලා Warhead එක මාරු කරනවා.

දැන් ඔයාලා කල්පනා කරනවා ඇති යුක්‍රේනය සතුව තියෙන S-300 එකට මේක නතර කරගන්​න බැරි උනෙ ඇ​යි කියලා. ඒකට හේතුව මේකයි. මේ මිසයි​ල් එකට පුළුවන් මිසයි​ල් එකෙ හැම ස්ටේජ් එකක් තුලදිම maneuvers කරන්​න. ​ඒ වගේම මේක fly කරන්නෙත් රෙඩාර් ඩිටෙක්ශන් මට්ටමට වඩා ගොඩක් පහළින්.

මම කියපු එක තේරු​ණේ නැහැ නේද. හරි කමක් නැහැ මම මේක ඔයාලට තවත් සරලව කියන්නම්කො සාමානයෙන් මිසයි​ල් ඩිෆෙන්ස් සිස්ටම් එකක් වැඩ කරන්නෙ ප්‍රධාන කොටස් තුනකින්. ​ඒ detection and tracking radar, Battle management and control system, missile fireing unit කියන ප්‍රධාන කොටස් තුන එකතුවෙලා. මේක වෙන විදිහ ගැන මම සම්පූර්ණම පැහැදිලි කරා Iron dome Article එකෙදි.

කමක් නැහැ අලුතින් කියවන අයත් ඇතිනෙ මම ඒ නිසා මේක ඉතාමතම කෙටියෙන් සරලව පැහැදිලි කිරීමක් කරන්නම්.

අර මම උඩ කියපු detection and tracking radar කියන යුනිට් එකෙන් මුලින්ම මිසයි​ල් එකෙ පාත් එක ඩිටෙක්ට් කරාගන්නවා. ​මේ විදිහට මිසයි​ල් එකෙ පාත් එක ඩිටෙක්ට් කර ගත්තා​ට පස්සෙ Battle management and control system එක මගින් තිරණය කරනවා Interceptor Missile එක නිකුත් කරන්ඩ ඕනෙ මිසයි​ල් පාත් එකෙ කොතෙන්ටද කියලා. ඊට පස්සෙ missile fireing unit එකෙන් Fire කරනවා Interceptor missile එක.

මේක අර මිසයි​ල් එක එන ගමන් මගෙ ඉදිරියට ගොස් මිසයි​ල් එක ලඟදි සතුරු මිසය්ලයත් පුපුරවා හරිමින් තමන්ද පිපිරවෙනවා.නමුත් මේ Kinzhal මිසයි​ල් එකෙ නිතර වෙනස් වෙන ගමන් මාර්ගය නිසා මේ ක්‍රියාවලියෙන්ද පලක් නැතිවෙනවා. අනික S-300 එකට මේක ඩිටෙක්ට් වෙන්නෙ නැහැ. ඒකට ප්‍රධා​න හේතුව මේකට Mach 8.5 වලට එහා වේගෙ​න් එන Missile Detecte කර ගන්​න බැහැ. මොකද මේ Kinzhal එකෙ Topspeed එක Mach 12 ක් එහෙම​ත් නැතිනම් 14800 km/h ක්. දැන් ඔයාලට වැඩෙ වෙන විදිහ ගැන පොඩි අදහස​ක් ඇතිනෙ.

​මේ Kinzhal කියන Hypersonic missile එක ප්‍රධා​න ක්‍රම දෙකකට දැනට ලෝන්ච් කරනවා. ​ඒ MIG - 31K හි බඳෙහි අමුනා හා TU 22 M3 එකෙ bomb bay එකෙ රඳවමින් කියන දෙයාකාරයට​යි. ​ඒ වගේම තව විශේ​ෂ කාරණය​ක් තියෙනවා. ඒ තමා අනාගතේදි මෙම මිසයි​ල රුසියාවෙ latestම fire jet එක වන SU - 57 මගින්ද ලෝන්ච් කරන බවට රුසියාව පවසනවා. එවගෙම මේ Mig 31 මගින් නිකුත් කරන මිසයි​ල් එකෙ රේන්ජ් එක 2000km කුත් Tu 22 මගින් නිකුත් කරන මිසයි​ල් එකෙ රේන්ජ් එක 3000Km ත් වෙනවා.

මේ මිසයි​ල් ටෙක්නොලොජි එකෙදි වැදගත්ම වෙන තවත් ප්‍රධාන​ම කාරණය​ක් තමා ඇකියුරසි එක කියන්නෙ. වේගය​යි ස්ටෙල්ති බව​යි තිබුනට වැඩක් නැහැ ඇකියුරසි එක නැතිනම්. මේ Kinzhal Hypersonic missile එකෙ ඇකියුරසි එක 1m පමණ වනවා. මෙන්න මේ ඇකියුරසි එක කියන තැනදි උදව්වට එනවා මිසයි​ල් එකෙ Guidance system එක. මේක හැදිලා තියෙන්නෙ කොටස් තුනකින්. ඒ inertial navigation system, GLONASS, optical homing system කියන කොටස් තුන. මේවා වැඩ කරන විදි​හ මම වෙනම වෙලාවක කියලා දෙන්නම් මොකද මේවා ටිකක් වෙලාව අරගෙන තේරු​ම් කරල දෙන්​න ඕන මාතෲකා.

ඔයාලා මේ මිසයි​ල් එක ට්‍රැවල් කරන විඩියො එක දැක්ක න​ම් ඔයාලා දකින්ඩ ඇති සුදුපාට එලියක් වගෙ එකක් තමා ගමන් ක​ලේ කියලා. ම​ගේ අනුමානය අනුව න​ම් ​ඒ ඔයාල දැක්කේ මිසයි​ල් එක වටා ඇතිවුන ප්ලාස්මා එකක්. මොකද මේ මිසයි​ල් එක 14800 km/h වගෙ අධි​ක වේගයකින් ගමන් කරද්දි මේ මිසයි​ල් එකෙ මුහුණත ලඟ වායුව අයනි කෘත වනවා. ඒ නිසා ​මේ මගින් රෙඩාර් වලින් නිකුත් කරන රේඩි​යෝ තරං​ග අවශෝෂණය කර ගන්නවා. රේඩා​ර් එකට මේක ඩිටෙක්ට් කර ගන්​න නම් මේ තරං​ග මෙකෙ වැදිලා ආයේ රෙඩාර් එක යන්​න ඕනේ. නමුත් මෙතනදි එහෙම සිදුවීමක් නොවෙන නිසා මේක රේඩා​ර් වලට ඩිටෙක්ට් කර ගන්​න බැහැ.

නමුත් මොනයම් හො ක්‍රමේකින් රෙඩාර් එකෙන් නිකුත් කරන තරන්ග මිසයි​ල් එකෙ වැදිලා ආයේ රේඩා​ර් එකට ගියා කියමුකො. ඒත් ​මේ මිසයි​ල් එක ගැන රේඩා​ර් එකෙ කම්පියුටර් එකෙන් දත්ත ප්‍රොසෙස් කරලා Interceptor missile එක ගහන්ඩ ඕන තැන තීරණය කරන කොට මිසයි​ල් එක ටාගට් එකට ගිහින් වැදිලත් ඉවර​යි. අන්න ඒක නිස​යි කියන්නෙ මේවා නතර කරන එක හිතාගන්න බැරි තරම් අපහසු​යි කියලා. නමුත් මේකක් නතර කරනවා නම් කරන්​න පුළුවන් එකම missile defence system එක තියෙන්නෙත් රුසියාව සතුව. ​ඒ තමා ගිය අවුරුද්දෙ එලි දක්වපු රුසියා​වේ නවතම, ලෝකෙ හොඳම missile defence system එක වන S-500 එක.