Loading...
පෙබරවාරි මස ජනප්‍රිය video game එක - Kingdom Come: Deliverance 2

Kindom come: Deliverance (2018) එකේ sequel එකක් විදියට තමා Kingdom Come: Deliverance II එන්නෙ. Warhorse Studio විසින් develop කරල Deep Silver විසින් තමා මේක Publish කරන්නෙ පෙබරවාරි මාසෙ හතරවෙනිදා. ඒ PS5, Xbox X/S, Windows සදහායි. මෙය නිකුත් සති දෙකක් ඇතුළත පිටපත් මිලියන දෙකක් විකිණිලා තියෙනවා වගේම Steam users ලගෙන් Very positive rating ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා.

මේක open world single player First person narrative game එකක්. මේකෙ ප්‍රධාන චරිතය වෙන්නෙ ස්කලිට්ස් හි හෙන්රි.Game එකට පාදක වෙන්නෙ 15 වන ශතවර්ෂයේ මුල් භාගයේ පිහිටුවන ලද බොහීමියාවයි. ක්‍රීඩකයින්ට මෙකේ පුළුල් සිතියම් දෙකක් ගවේෂණය කරන්න හම්බෙනවා. ඒ බොහීමියානු පාරාදීස කලාපය සහ යුගයේ සැලකිය යුතු රිදී පතල් කේන්ද්‍රස්ථානයක් වූ කුටෙන්බර්ග් නගරයයි.

Game එකේ plot එක පක්ෂපාතීතත්වය සුරක්ෂිත කර ගැනීමට වගේම කුමන්ත්‍රණ ව්‍යර්ථ කිරීමට උත්සාහ කරන හෙන්රි සහ කැපොන්, කොල්ලකරුවන්ගේ ප්‍රහාර, සිරගත කිරීම් සහ පාවාදීම් වලට මුහුණ දෙන ද්‍රෝහී දේශපාලන භූ දර්ශනයක තමා ගෙතෙන්නෙ. පැය පහකට අධික කාලයක් මේ කතාව දිවෙනවා.

නින්ද, ආහාර, ඖෂධ, වැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීම වගේම NPCs සමග ගණුදෙනු කරන ආකාරය මගින් player ගෙ qualities අඩු වැඩි වෙන පද්ධතියක් බලාගන්න පුළුවන්.

Requirements

CryEngine එකෙන් develop කරල තියෙන මේ game එක ඔයාටත් මේ system requirements එක්ක play කරන්න පුළුවන්.

  • OS: Windows 10 64-bit (or newer)
  • Processor: Intel Core i5-8400, AMD Ryzen 5 2600
  • Memory: 16 GB RAM
  • Graphics: NVIDIA GeForce GTX 1060 (6GB), AMD Radeon RX 580
  • Storage: 100 GB available space