Loading...
සුඛෝපභෝගී SUV එක, TOYOTA Land Cruiser V8 Sahara

අද අපි කතා කරන්න යන්නෙ 1951 වර්ෂයේ සිට අද දක්වා නිෂ්පාදනයේ පවතින රථ මාදිලියක් වන Land Cruiser රථය පිළිබඳවයි. SUV පිළිබඳ සැලකීමේදී මෙය දෙවැනි වන්නේ Chevrolet සමාගමේ Suburban රථයේ නිෂ්පාදන වර්ෂයට පමණයි. මෙය Toyota සමාගම විසින් ඇමරිකාව සඳහා යුධ කටයුතු වෙනුවෙන් නිපදවන ලද රථයක්.

පළමු පරම්පරාවේ Land Cruiser රථයක්. Image: CarsGuide

මෙය ඉතාමත් විශේෂිත රථයක් වන්නේ ලොව ඇති වාහන අතරින් off-road හැකියාවෙන් වගේම සැපපහසුව අතින්ද ඉතාමත් ඉහළ ස්ථානයක් මෙයට හිමි වීමයි.

Toyota සමාගම Land Cruiser සහ Land Cruiser Prado ලෙස මාදිලි දෙකක් නිපදවනු ලබනවා. නමුත් ශ්‍රී ලංකාවේදී බොහෝ දෙනා මෙම සාමාන්‍ය Land Cruiser රථයද Land Cruiser Prado ලෙස හඳුන්වනු ලබනවා. තවත් බොහෝ පිරිසක් Land Cruiser Sahara රථය හඳුන්වනු ලබන්නේ v8 යන නමින්. ඇත්තෙන්ම v8 ලෙස දක්වා තිබෙන්නේ එහි එන්ජිමේ සිලින්ඩර ප්‍රමාණයයි.

සිලින්ඩර් 8, V හැඩයට පිහිටා ඇති නිසා V8 නම ලැබී ඇත. Image: TheEngineersPost

මෙය කෙතරම් ජනප්‍රිය රථයක්ද කියනවා නම් 2019 වර්ෂය වන විට මෙහි ඒකක මිලියන 10 ක් පමණ ලොව පුරා අලෙවි කර අවසානය. ලෝකයේ වේගවත්ම SUV world record එකට හිමිකම් කියන්නෙත් modify කරන ලද land cruiser රථයක්. මෙහි විවිධ මාදිලි තිබුනත් අපි අද කතා කරන්න යන්නෙ Land Cruiser v8 Sahara රථය පිළිබඳව.

2021 Toyota Land Cruiser. Image: CarAndDriver

Exterior

මේ සහරා එකේ පිටත පෙනුම සැලකීමේදී රථයට අලංකාරයක් වගේම රළු පෙනුමක් ලබා දෙන්නත් මෙහි ඉදිරිපස තිබෙන ලොකු ක්‍රෝම් ග්‍රිල් එක උපකාරී වෙනවා. වාහනයේ LED headlights ලැබෙන්නෙ. මීට අමතරව fog-lamp සහ day-time running lights බලාගන්නත් පුලුවන්. headlight washers ලබා දීලා තියනවා. මෙහි පිටුපසත් LED lights බලාගන්න පුලුවන්. spoiler එකකුත් මෙයට ලැබෙනවා.

මෙහි කොටස් දෙකකට විවෘත වෙන tail gate එකක් තියෙන්නෙ. උඩ කොටස ස්වයංක්‍රීයවවිවෘත කල හැකි වුවත් පහළ කොටස ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන්නේ නෑ. නමුත් soft-closing option එක ලබා දීලා තියනවා. මෙහි තෙවන පේළියේ සහ දෙවන පේළියේ seats නවා ලීටර 2313 ක විශාල boot-space එකක් ලබා ගන්න පුලුවන්. Boot floor එක සම්පූර්ණයෙන්ම වගේ flat.

Interior

Image: CarsGuide

මෙහි ඇතුලත උසස් තත්වයේ නිමාවක් ලබා දීම සඳහා ලෙදර්, ක්‍රෝම් සහ ප්ලාස්ටික් කොටස් භාවිතා කරලා තියනවා. මෙහි ඇති buttons සහ knobs සියල්ලම off-road රථයකට ගැලපෙන පරිදි විශාල ලෙස නිපදවා තිබෙනවා. සියලුම දෙනාට ඉතාමත් සැප පහසු ආසන ලැබෙනවා. රියදුරු අසුන සඳහා position කිහිපයකටම වෙනස් කල හැකි power option එක ලැබෙනවා.

ඒ වගේම seat position සහ steering position තුනක් save කර තබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ සඳහා වෙනම button තුනක් door board එකේ ලබා දීලා තියනවා. ඒ වගේම මෙහි සාමාන්‍යයෙන් දකින්නට නොලැබෙන එන්ජින් ඔයිල් ප්‍රෙෂර් මීටර් එකක් සහ බැටරි චාර්ජින් මිටර් එකක් ලැබෙනවා.

Image: Cars.usnews.com

මීට අමතරව speedo meter එකක් සහ taco meter එකක් තිබෙනවා මේවා සියල්ලම analogs meters ආකාරයටයි ලබා දීලා තියෙන්නෙ. මෙම analog meters වලට අමතරව කුඩා ප්‍රමාණයේ digital display එකක් තියෙනවා මෙහි රථයේ සෙටින්ග්ස් වෙනස් කිරීම සම්බන්ධ තොරතුරු පෙන්වනු ලබනවා.

මෙය ආසන පේළි තුනකින් සමන්විත රථයක්. තෙවෙනි පේළිය ඇරෙන්නට ඉතිරි පේළි දෙකේම ඉතා හොඳ head-room එකක් සහ leg-space එකක් බලා ගන්න පුලුවන්. තුන්වන පේළියෙත් සැලකිය යුතු මට්ටමක head-room එකක් තියනවා. දෙවෙනි පේළියේ තිදෙනෙකුට ගමන් කල හැකි පරිදි සකසා තිබෙනවා. තිදෙනෙකු ගමන් නොකරන අවස්ථා වලදී මැද කොටස නවා arm-rest එකක් බවට පරිවර්ථනය කර ගන්න පුලුවන්. මෙම arm-rest එක විවෘත කලාම පොඩි storage area එකක් තියනවා.තෙවන පේළියේ seats දෙකක් ඇතුලත් වෙනවා. ඉතාමත් හොඳ කරුණක් ලෙස ආසන පේළි තුන සඳහාම A/C vents ලබා දී තිබීම දක්වන්න පුලුවන්.

Image: Toyota

ඒ වගේම මෙහි ඔක්කොම A/C vents 28 ක් බලා ගන්න පුලුවන්. මෙහි ඉදිරිපස center console එකේ arm-rest එක යට පොඩි storage area එකක් සහ ඊටත් යටින් cooler box එකක් ලබා දීලා තියෙනවා. තරමක් ලොකු ග්ලව් බොක්ස් එකක්, wireless phone charging pad එකක්, පොඩි storage areas, දොරවල් වල bottle holders සහ storage bins වැනි දේවල් බලාගන්න පුලුවන්. මීට අමතරව තෙවන පේලියේ මගීන් සඳහාද bottle holders සහ storage areas කිහිපයක් ලබා දීලා තියනවා.

Image: BeeCars

තවත් මෙහි multifunction, power adjustment සහ heated function ඇතුලත් steering wheel එකක්, push-start පහසුකම, power shutter and power mirrors, 4-zone a/c system එකක්, ඉදිරිපස සඳහා heated and ventilation සහ දෙවන පේළිය සඳහා heated option එක පමණක් ඇතුලත් seats, දෙවන පේළියේ මගීන් සඳහා අඟල් 11.6 ක ඩිස්ප්ලේ දෙකක්, vanity mirrors, sunglass holder එකක්, auto head-lights, rain sensing wipers සහ moon roof එකක්, වැනි options රැසක් බලා ගන්න පුලුවන්. මෙහි මැනුවල් හැන්ඩ් බ්‍රේක් ලීවර් එකක් තමයි ලබා දීලා තියෙන්නෙ.

safety features විදිහට lane departure warning, auto braking, ABS, blind-spot monitoring සහ air-bags 10ක් යන විශේෂාංග ලබා දී තිබෙනවා. ANCAP 5 stars safety rating එකක් මෙයට ලබා දී තිබෙනවා.

Image: ANCAP

Engine

මෙහි හදවත වන එන්ජිම ගැන කතා කලොත් ලීටර 4.6 ක v8 පෙට්‍රල් එන්ජින් එකකින් හෝ ලීටර 4.5 ක twin-turbo v8 ඩීසල් එන්ජින් එකකින් මිලදී ගන්න පුලුවන්.

මෙය ටොන් තුනකට ආසන්න බරකින් යුතු වාහනයක්. ඒ වගේම් ඉතාමත් powerful එන්ජින් එකක් තිබෙන්නෙ මෙම කරුණූ මතත් පදනම්ව මෙහි ඩීසල් මාදිලියක සාමාන්‍ය ඉන්ධන කාර්‍ය්‍යක්ෂමතාවය ලීටරටයට කිලෝමීටර අටක් සහ පෙට්‍රල් රථයක ලීටරයට කිලෝමීටර හයක් ලෙස සඳහන් වෙනවා. මෙහි ඉන්ධන ටැංකියේ ධාරිතාවය ලීටර 138 ක්.

ඇත්තෙන්ම මෙහි අවාසි පිළිබඳව කතා කිරීමට නැති තරම්.