Loading...
GPU සහ CPU ගැන දැන ගනිමු

සරලවම CPU එක Computer එකේ brain එක කියල හදුන්වල දෙන්න පුළුවන්. Normally අපි පාවිච්චි කරන GPU වලින් වෙන්නෙ computer එකේ graphics process කරන එක. සාමාන්‍යයෙන් Intel සහ Nvidia වගේ companies consumer CPU, GPU ලොකුවට market කරාට එක එක task වලට හදල තියෙන special CPU, GPU බලාගන්න පුළුවන්.

Consumer (Normal) GPUs, CPUs

එදිනෙදා ජීවිතේදී භාවිතයට මිලදී ගන්න Intel i3, i5, i7, i9 AMD Ryzen 3, 5, 7, 9 ම CPUs වගේම Nvidia gpu series ( rtx40 series, rtx50 series) තමා මේ Consumer GPUs CPUs කියල කියන්නෙ.

විශේෂයෙන් gaming වලදි High fps, ray tracing, DLSS වලට තමා මේ GPUs optimize කරල තියෙන්නෙ. $100 - $2000 අතර price එක්ක මේ GPUs බලාගන්න පුළුවන්. CPU price $100 - $700 අතර බලාගන්න පුළුවන්. PC gaming, VR, Esport වලට තමා මේව ගොඩක් පාවිච්චි කරන්නෙ.

Consumer GPU
Consumer CPU

Workstation GPUs, CPUs

සාමාන්‍යයෙන් භාවිතයෙන් එහාට ගිහිල්ලා professional භාවිතයට තමා මේව පාවිච්චි කරන්නෙ. 3d modeling, Rendering, server workload, AI, scientific computing වලට තමා workstation GPUs CPUs පාවිච්චි කරන්නෙ. Consumer GPUs, CPUs වලට වඩා මේවල corses & threads වැඩී වගේම clock speed එක අඩුයි. ඒ නිසාම මේව gaming වලදි එච්චර හොද performance එකක් දෙන්නෑ.

Workstation GPUs විදියට rtx A6000 ත් Radeon pro W7800 වගේ GPUs හදුන්වන්න පුළුවන්. මේවල price එක $2000 - $8000+ අතර තමා තියෙන්නෙ. Workstation CPUs විදියට Intel Xeon ත් AMD Threadripper වගේ CPUs හදුන්වන්න පුළුවන්. මේවල price එක $1000 - $7000+ අතර තමා තියෙන්නෙ.

Workstation CPU
Workstation GPU

Mobile GPUs, CPUs

iPhone, Samsung galaxy වගේ phones වලට පාවිච්චි කරන GPUs, CPUs තමා මේ. Mobile gaming වලට Emulation වලට තමා මේවා පාවිච්චි කරන්නෙ.

Adreno 740, Apple A17 pro වගේ GPUs සහ Qualcomm snapdragon 8 gen 3 වගේ CPUs ඔක්කොම $50 - $400 ඇතුළත බලාගන්න පුළුවන්.

Mobile GPU
Mobile CPU

AI & Deep learning GPUs, CPUs

AI training කරන්න සාමාන්‍යයෙන් market එකට release කරන GPUs, CPUs නෙවේ පාවිච්චි කරන්නෙ. උදාහරණයක් විදියට,

  • OpenAI එකට පාවිච්චි කරල තියෙන්නෙ AMD EPYC & Intel Xeon CPUs සහ Nvidia H100 GPUs
  • Google DeepMind වලට පාවිච්චි කරන්නෙ Google's AI chip

මේවල තියෙන Tensor Cores AI calculations එක speed කරනවා . මේවල price $10,000 - $50,000 අතර බලාගන්න පුළුවන්.

AI CPU
AI GPU

Mining GPUs, CPUs

Cryptocurrency mining වලටත් GPU, CPU බලාගන්න පුළුවන්. ගොඩක් currency GPUs වලින් mining කරාට සමහර coins (monero) CPUs වලින් mining කරනවා. GPUs වල parallel process නිසා mining speed එක වැඩී.

Intel Xeon CPUs සහ CMP 30HX, 40HX, 170HX GPUs $100 - $1000+ අතර බලාගන්න පුළුවන්.

Mining CPU
Mining GPU

මීට අමතරව cloud computing, data centers, Automotive (self-driving & infotainment) වලටත් මේ වගේ special CPU, GPU බලාගන්න පුළුවන්. Nvidia සමාගම විශාල වශයෙන් Consumer GPUs market කරාට එයාලට ගොඩක් ලාභය එන්නෙ AI GPUs වලින්. ඒ වගේම industrial GPUs, CPUs market කිරීම අනවශ්‍ය දෙයක් මොකද ඒවට ඉල්ලුම කොහොමත් තියෙන නිසා. Google, Nasa, Microsoft සමාගම් වලින් මේවට ඉල්ලුම තියෙනවා. ඒ වගේම Nvidia සමාගම normal GPU ඒ කියන්නෙ Consumer GPUs නැවැත්තුවොත් එයාලට AI GPUs පවා දිගු කාලීනව අඩාල වීමට ඉඩ තියෙනවා. අවසාන වශයෙන් ඔයාලට එක එක task වලට පාවිච්චි කරන GPUs CPUs ගැන දළ අදහසක් හරි එන්න ඇති කියල හිතනවා.