Loading...
LG සමාගම විසින් LG Signature OLED R නම් අඟල් 65ක රෝල් කර හැකි තිරයක් සහිත රූපවාහිනියක් $87,000ක මුදලකට එලි දක්වයි

LG සමාගම විසින් 2019 වර්ෂයේදී නිකුත් කිරීමේ බලාපොරොත්තුවෙන් 2018 වර්ෂයේ ඔවුන්ගේ rollable OLED TV එක පිලිබඳව මුල්ම වතාවට හෙලි කලත් එය 2019 වර්ෂයේ සිදු කිරීමට නොහැකි වූ අතර, මේ වන විට ඔවුන් විසින් දකුණු කොරියාවේදී එම රූපවාහිනිය අලෙවි කිරීම ආරම්හ කර තිබෙනවා. මෙහි මිල ලෙස ඔවුන් සඳහන් කර තිබෙන්නේ කොරියන් වොන් 100,000,000ක මිලකටයි. එය ඇපරිකානු ඩොලර් 87,000ක අගයට සමානවනවා. මෙම රූපවාහිනිය LG සමාගම විසින් නම් කර ඇත්තේ LG Signature OLED R නමිනි.

LG Signature OLED R, the 65

මෙම LG Signature OLED R රූපවාහිනිය අඟල් 65ක OLED තිරයකින් යුක්තවන අතර මෙය රෝල් කිරීමේ හැකියාව පවතී. ඒ සඳහා වෙනම ඇළුමිනියම් වලින් නිරාණය කරන ලද aluminum base එකකින් මෙම රූපවාහිනිය යුක්ත වේ. මෙම රූපවාහිනිය භාවිතා නොකරන අවස්ථා වලදී තිරය එම aluminum base එක තුලට රෝල් වී තැන්පත් වීම සිදුවන අතර, රූපවාහිනිය නැරඹීම සඳහා සුදානම් වන විට තිරය aluminum base එකෙන් ඉහල එසවිම සිදු වේ.

මෙම රූපවාහිනි තිරය සතුව දෘෂ්‍ය පරාස තුනක් පවතින අතර එය Full view, Line view සහ Zero view නම් වන අතර Full view හිදී අඟ 65ක තිරයකින් යුක්ත වේ. Line viewහිදී අපට තිරයෙන් කොටසක් පාණක් ඉහළට එසවී පෙන්වන අතර Zero view එකේදී තිරය සම්පූර්ණයෙන්ම නොපෙන්වන අතර එය ඉහත කී පරිදි aluminum base එක තුල ගබඩා වී පවතී. පහත දැක්වෙන රූපයෙන් එම දෘෂ්‍ය පරාස 3 පිලිවෙලින් ඔබට බලා ගත හැක.

LG Signature OLED R, the 65'' rollable TV, is now available for $87,000

LG Signature OLED R සතුව බලවත් ශබ්දවාහිනී පද්ධතියක්ද පවතින අතර එය 100W ප්‍රතිදාන බලයක් ලබා දෙන 4.2 channel speakers වලින් සමන්විත වේ. මෙම speaker පද්ධතියට Bluetooth ඔස්සේ තවත් උපාංගයක් හා සම්බන්ධ කල හැකි අතර තිරය භාවිතා කිරීමකින් තොරව සංගීතය රසවිඳීමට හැකියාව ලබා දී ඇත.

මෙහි ඇති සුවිශේෂීතාවය වන්නේ Line View එකයි. එය ඔස්සේ අපට music play කල හැකි අතර ඊට අමතරව Clock, Frame, Mood සහ Home Dashboard යන පහසුකම් ලබා දී ඇත.

LG Signature OLED R, the 65'' rollable TV, is now available for $87,000

LG Signature OLED R රූපවාහිනිය LG සමාගමේ Gyeongbukහි පිහිටි Gumi TV plant එකේ නිපදවීම සිදුකරයි. මෙම රූපවාහිනිය Signature Black, Moon Gray, Topaz Blue සහ Toffee Brown යන වර්ණ හතරෙන් නිපදවන අතර එම වර්ණ ඇතුලත් කිරීම සඳහා ඔවුන් භාවිතා කරන්නේ රෙදි මිලදී ගන්නේ ලෝක ප්‍රසිද්ධ Kvadrat නම් ඩෙන්මාර්ක් ජාතික සමාගමෙනි.

මෙම රූපවාහිනිය මිලදී ගැනීමේදී LG සමාගම විසින් ගැණුම්කරුට වසර තුනක නොමිලේ සේවා සපයන අතර එයට අමතරව එම කාලය පුරාවට වසරකට දෙවතාවක් ඔවුන් විසින් මෙම රූපවාහිනිය පරීක්ෂාකර බැලීම සිදු කරනු ලබයි. එමෙන්ම LG සමාගමේ සේවකයන් විසින්ම මෙම රූපවාහිනය නිවෙසටම ගෙනවිත් සවිකරදීම සිදු කරනු ලබයි.

Sources: GSMArena, GizChina