Loading...
LG වෙතින් ගෙන එන අළුත්ම Mobile series එක - Velvet

LG කිව්වම බොහෝ දෙනෙක් දන්න Brand එකක් මැත කාලයේදි Mobile Industry එකෙන් ටිකක් ඇහුනේ නැති උනාට LG සමාගම විසින් අදටත් Competition එකක් දිය හැකි මට්ටමේ Device හදුන්වා දෙනවා. කොහොම උනත් අද කතා කරන්න හිතුවේ LG සමාගම විසින් Easter Sunday Target කරලාම අද Trademark announcements එකක් කරලා තිබුනා.

ඒ තමා LG ලා විසින් ඉදිරිපත් කරන්න යන අලුත්ම Mobile Series එකක් වෙන Velvet Series එක. LG Fans ලා අපිත් එක්ක ඉන්න බව දන්න නිසාම ඔන්න අද එයාලට මේ Series එක ගැන දැනට ලැබුන තොරතුරු ටික මේ විදිහට ඉදිරිපත් කරන්නම්. ගොඩක් Companies එයාලාගේ අලුත් Series ඉදිරිපත් කරනකොට Device එකේ Main Specs ගැන පොඩි හරි හැදින්වීමක් කරන්වා ඒත් LG සමාගම නම් එහෙම හැදින්වීමක් වත් නොකර පොඩි Hints ටිකක් දීලයි අද මේ Brand Name එක ඉදිරිපත් කරන්නේ. දැනට ලැබුන තොරතුරු අනුව නම් LG ලා අලුත්ම Design එකකට මේ Series එක හරවන්න යන බවක් තමා දැන ගන්න ලැබුනේ ඒ වගේම මේ Series එක හරහා LG සමාගම New Chapter එකක් ආරම්භ කරන්න යන බවද සදහන් කර තිබුනා. ( LG Fans ලට වගේම අනෙකුත් Competitors ලටත් මේක අලුත්ම Challenge එකක් වේවි )

මේ Design එක ගැන කිසිම සදහනක් නොකරත් Rear Camera Setup එක ගැන Render Images කිහිපයක්ම මේ වෙනකොටත් Leak වෙලා තිබුනා ඒ අනුව දැනට Confirm කරන්න පුලුවන් අලුත්ම Camera Setup එකකින් මේ Velvet Series එක පැමිණීමට නියමිත බව. මේ Camera Setup එක Rain Drop යන නමෙන් තමා හදුන්වන්නේ.LG ලා සදහන් කර ව්දිහට මේ Device එකේහි  Key characteristics දෙක තමා "Lustrous smoothness and Premium softness" මේ හරහා අපිට යම් කිසි කරුනු කිහිපයක් පහාදා ගන්න පුලුවන් ඒ තමා මෙයාලා Mainly target කරන එක පැත්තක් තමා Software Optimizing Side එකයි ඒ වගේම Premium Design එකකට අඩිතාලමක් තබන බවට. දැනටමත් මේ Series එක හෝ පලමුව පැමිනෙණ Device එක ගැන අදහස් පලකිරීමට කලින් වැඩි ඉදිරියේදි තොරතුරු ලැබුන ගමන් අපි Deep Talk එකක් දාමු මේ Series එක ගැන.

මේ Series එක Flagship Series එකක්ද Mid Range Series එකක්ද කියන්න තවම බැරි උනත් බොහෝ දුරට LG G Series එකට මේ Series එක Replace වෙයි කියලා විචාරකයින් මත පල කරනවා.Fix Release Date එකක් තාම හරියටම සදහන් කරලා නැ බොහෝ දුරට  Actual Announcement එකක් අපිට May 15 වෙනිදා බලා ගන්න පුලුවන් වේවි. ඉතින් මේ වගේ තවත් අලුත් Post එකක් අරගෙන එන්නම් දිගටම "Android වැඩකාරයෝ" අපි සමග රැදී සිටින්න.