Logitech කියන්නේ අපි කවුරුත් දන්න සුපිරි Keyboard, Mouse නිෂ්පාදනය කරන සමාගමක්. මේ සමාගම විසින් Creative Console නමින් Video/Graphics Editors ලට තමන්ගේ Editing වැඩ ඉක්මන් කරගන්න Keypad එකක් වගේම Dial Pad එකක් හඳුන්වා දීලා තියෙනවා.
මේ keypad එකට අපි නිතර භාවිතා කරන Tools Add කරලා එක click එකකින් ඒ වැඩේ කරගන්න පුලුවන්. ඊට අමතරව Dial Pad එකෙන් Timeline එක seek කරන්න. Photo/Video එකක් Zoom in/out කරන්න, Levels Adjust කරන්න වගේ නොයෙකුත් දේවල් කරන්න පුළුවන්.
මේ Console එක Adobe ලාගේ ප්‍රධාන Software වන Photoshop, Lightroom Classic, Premiere Pro, After Effects, Audition සහ Illustrator වැනි Software සමග Deeply integrate කරලා තියෙනවා.
මේකේ keypad එකෙහි Display එකක් සහිත keys 9ක් ඇති අතර Pages 15ක් දක්වා මේ buttons නවය අපිට විවිධ වූ ක්රීයාවන් සඳහා program කරගන්න පුලූවන්.
තවද Dial Pad එකද logitech software එක ඔස්සේ Customize කරගැනීමේ හැකියාව පවතිනවා.
මේ Creative Console එක Adobe Apps සඳහාම පමණක් නොවන අතර Davinci Resolve, Spotify, VLC Player, Zoom, Microsoft Teams වැනි Apps සඳහාද විවිධ වූ Shortcuts Assign කරමින් භාවිතා කළ හැකිවනවා.
මේ keypad එක USB Type C හරහා ඔබගේ Windows හෝ Mac පරිගණකයට සම්බන්ධ කළ හැකි අතර Dial Pad එක Bluetooth හරහා Keypad එකට සම්බන්ධ වනවා. මෙම Dial Pad එක AAA Battery 2කින් බලගැන්වෙන අතර එය මාස 18ක පමණ කාලයක් භාවිතා කල හැකිවනවා. Logitechලා සඳහන් කරන විදියට මේක 72% පමණ recycle කළ හැකි ද්‍රව්‍ය ව්ලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ.
මේ Creative Console එක $199 පමණ මුදලක් වන අතර මෙය මිලදී ගැනීමේ දී ඔබට මාස 3ක් සඳහා Adobe Creative Cloud Subscription එකක් නොමිලයේ හිමිවනවා.
Source: logitech.com