Loading...
ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් අතින්ම එකලස් කර වෙළඳපලට නිකුත් කරන Mahindra KUV 100NXT

මීට පෙර අපට අසන්නට ලැබුණා එක්තරා සමාගමකට අයත් මෝටර් රථ කොටස් මෙරටට ආනයනය කර ශ්‍රී ලංකාවේ දී එකලස් කිරීමක් පිළිබඳව. නමුත් එහි සැබෑ නිෂ්පාදනයක් තවම දැක බලා ගැනීමට ලැබෙන්නේ නෑ. නමුත් දැන් අපට මහින්ද්‍රා සමාගමේ Mahindra KUV 100NXT නම් ලංකාවේදී එකලස් කරන රථය වෙළඳපොලේදී දැකබලා ගැනීමට හැකියාව ලැබෙනවා.

කර්මාන්තශාලාව ගැන සැකෙවින්

මෙම Mahindra ideal කර්මාන්තශාලාව පිහිටා තිබෙන්නේ මතුගම ප්‍රදේශයේ. මේක අක්කර 10ක පමණ භූමි ප්‍රදේශයක විහිදී තියෙන ආයතනයක්. සේවකයන් සංඛ්‍යාව 200ක් පමණ වෙනවා. සියල්ලන්ම ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්. වසරකට වාහන 5000ක් පමණ එකලස් කිරීමේ හැකියාවෙන් යුක්තයි.

මේක complete knock down car එකක්. ඒ කියන්නෙ මේක සම්පූර්ණයෙන්ම ලංකාවෙදි එකලස් කරන්නෙ. මේකෙ seats, exhaust, tires සහ battery වගේ දේවල් ලංකාවෙදිමයි නිෂ්පාදනය කරන්නෙ.

දැන් බලමු කාර් එක ගැන

මේක mini SUV category එකට අයිති වෙන 5 seater  වාහනයක්.

Exterior වලින් පටන් ගත්තම  මේකෙ ඉදිරිපස dual chamber halogen headlights තමා බලාගන්න පුලුවන් වෙන්නෙ. පිටුපස තරමක් Sporty tail lights බලාගන්න පුලුවන්. (ටිකක් i8 එකේ වගේ)

පිටිපස්සෙ hidden door handles බලාගන්න පුලුවන්.(CH-R ,RS Swift) ඉස්සරහ disk breaks, පිටුපස drum breaks. Liter 400ක boot capacity එකක් තියනවා (without seat folding and 420L with rear seats folding)

මේකෙ 1.2L , 3 Cylinder ,dual variable valve timing petrol engine එකක් තියෙන්නෙ. Engine capacity එක 1198cc වෙනවා. Breaking horse power එක 82ක්. ඒ වගේම මේ Mahindra KUV100 nxt එකට Ari bags 2ක් ලැබෙනවා. Gear box එක විදිහට ලැබෙන්නෙ 5 Speed manual transmission එකක්.

විශේෂ option එකක් විදිහට traffic එකේ වාහනය නතර කලාම engine එක auto off වෙලා ඉන්ධන ඉතිරි කරන Engine ideal start/stop system එකක් තියනවා. මේකට pull and twist handbrake එකක් තමයි ලැබෙන්නෙ.

මේකෙ Front suspension විදියට Independent McPherson Strut with Dual Path Mounts, Coil Spring and Hydraulic Gas Charged Shock Absorber භාවිතා වෙනවා. Rear suspension විදියට Semi-Independent Twist Beam with Coil Spring සහ Hydraulic Gas Charged Shock Absorber suspension system එකක් තමයි භාවිතා වෙන්නෙ.

ඉදිරිපස සහ පසුපස tires ලංකාවේම නිෂ්පාදිත CEAT tires.(Front & Rear PSI 32) මේකෙ බැටරිය විදිහට use වෙන්නෙත් ලංකාවේම නිෂ්පාදිත EXIDE බැටරි.