Loading...
ලංකාවට නැති Marvel Super War, download කරමු

ඔබ DOTA2, LOL (League Of Legends), Mobile Legends : Bang Bang, හෝ Arena of Valor වැනි පරිගණක/ස්මාර්ට් දුරකථන ක්‍රීඩා සෙල්ලම් කරලා තියෙන කෙනෙක් නම් දන්නවා MOBA (Multiplayer Online Battle Arena) Games කියන්නේ මොනවද කියලා. නොදන්න අයට කෙටියෙන් කිව්වොත් 10 දෙනෙකුට සෙට් වෙලා දෙපැත්තට බෙදිලා තමන්ට හරියන Character එකක් තෝරාගෙන Online මරාගන්න ගමන් හොද Team එකක් හදාගෙන Tournament ගහල මිළියන ගණන් හොයන්න පුළුවන් Gaming Category එකක්.

මේ කියන්න යන්නේ ලෝකේ පුරාම Marvel ප්‍රේක්ෂකයින්ගේ සිහින ඉටුකරමින් චීනයේ NetEase Inc ආයතනය සහ Marvel එක්ව නිපැයූ, අවාසනාවන්ත ලෙස Google Play Store හෝ Apple App  Store හරහා ලංකාවට නැති Marvel Super War ගැන.

Loading Screen 

මේක MOBA ගේම් එකක්, Unity Game Engine එක මත තමයි Develop කරලා තියෙන්නේ, මේකේ Screenshots, Game Plays වල Marvel Avengers , Xmen එකේ Gambit ඉන්නවා දැක්කම ඉවසිල්ලක් නැතුව යනවා Play කරලා බලනකන්. අපිට මුළින් Captain America, Hawkeye වගේ Characters හම්බවෙනවා. අනිත් අයව ඉතින් එක්කෝ මුදල් ගෙවලා ගන්න ඕනේ නැත්තම් Game එකේ Coins එකතු කරලා ගන්න ඕනේ.

අපිට කැමති නම් යාලුවෝ ටිකක් එකතුකරගෙන Guild එකක්, Clash Of Clan බාසාවෙන් කියනවා නම් Clan එකක් හදාගන්න පුළුවන්. තනියම Play කරන්නත් පුළුවන්, කොහොම වුණත් තව 4 දෙනෙක් එක එක රටවලින් Search කරලා ඔයාට එකතු කරලා දෙනවා. ඊට වෙන කෙනෙක් ගන්න කළින් තමන් කැමති Character එක තෝරාගන්න පොරකන්නත් සිද්ධවෙනවා.

Main Menu

මේකේ ගහන්න ඉගෙන ගන්න එක මෙතන කියනවට වඩා Game එකේ තියෙන Traning එකෙන් ලේසියෙන්ම ඉගෙනගන්න පුළුවන් ප්‍රයෝගික විදිහට. පළවෙනි පාර මේවගේ Game එකක් ගහන කෙනෙක් නම් මුලික Traning එකෙන් පස්සේ අහනවා තව දුරටත් traning ඕනෙද කියල එතකොට ඉතුරු ටිකත් Skip නොකර කරගෙන යන්න.

Game Modes Selection 

Graphics සහ Gameplay කොහොමද ?

Game එකේ Graphics ගැන කථා කළොත් Marvel Comic වළ තියෙන Details ඊටත් වඩා හොදට දීල Characters, Weapons, Power Effects නිර්මාණය කරලා තියෙනවා. අපිට මුළින් Battle කරන්න තියෙන්නේ Wakanda Arena එකේ, මේකේ Graphics Details බොහොම ප්‍රවේසමින් සහ ඉතාමත් ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. හැබැයි තව Graphics Improve කරන්න පුළුවන් Arena of Valor එක්ක සසදලා බලද්දී.

Sound Effects, Music මිට වඩා හොද වුනානම් හොදයි කියලා හිතුනා. මම මේක Play කළේ Xiaomi Redmi Note 7 එකක Graphics Maximum දාලා කිසිම Lag වීමක් වුනේ නෑ Frame Rate එක 25ට උඩින් හැමවෙලාවකම තිබුණා. මම අනිත් Apps ඔක්කොම වහලා තමයි Play karanna ගත්තේ.

Rocket Raccoon Game Play

ලංකාවට නැත්තම් කොහොමද ගත්තේ ?

බොහොම ලේසි,>>>| මේකට |<<< යන්න, ගිහින් APKPure App එක Download කරගන්න[12MB], කරගෙන Install කරගන්න, install කරද්දී අහනවා Unknown Sources වළින් install කළාට කමක් නැද්ද කියලා, install දෙන්න. APKPure App එක Open කරලා අහන Permission ටික දෙන්න, පස්සේ Marvel Super War කියලා Search කරලා install කරගන්න. මුළින් 733MB යනවා පස්සේ 70MB විතර Update යනවා. පස්සේ වෙනම 650MB විතර Download කරන්න අහනවා, එක Download නොකර මුල් ටික Play කරන්න පුළුවන්.

First match is easy

ළගදි Gambit ගෙන් කරපු Gameplay එකක්..