Loading...
වීඩියෝ 90කට වැඩි ප්‍රමාණයක් සමඟින් GTA 6 පිළිබඳ අන්තර්ජාලය හරහා හෙලි ​වේ

පසුගිය සැප්තැම්බර් 18වන දා යනු GTA V හි සංවත්සරය වුවත් එදින Rockstar Games ආයතනයට ඉතා අඳුරුතම දිනයක් විය. ඒ GTA Forum එක වෙත නිර්නාමික පරිශීලකයෙකු විසින් ඉදිරියේදී නිකුත් වීමට නියමිත යැයි සැලකෙන GTA VI හි Videos 90කට අධික ප්‍රමාණයක් පළ කර තිබීමයි. මේ leak එක කොතරම් විශ්වාසදායි ද එය පෙර උපකල්පන සමඟ ගැළපේද යන්න අපි මේ Article එකෙන් කතා කරමු.

මෙම වසර මුලදී Bloomberg වෙබ් අඩවිය විසින් වාර්තා කරන ලද්දේ GTA VI හි අපට play කළ හැකි Characters 2ක් ඇතුළත් වන බවත් ඉන් එකක් කාන්තා චරිතයක් වන බවයි. මෙසේ නිකුත් වූ Video වල එය තහවුරු වනවා. එපමණක් නොව Twitter පරිශීලකයින් කියා සිටියේ GTA හි Vice City හා සමාන බව පෙනෙන නගරයක කොටස් ද එම දර්ශනවල පෙන්වන බවයි. මෑත වසරවලදී Vice City නැවත එළිදැක්වන බවට මේවායින් කිහිපයක් පෙන්වා දී ඇති අතර, මෙම කාන්දු වූ දර්ශන ඒ සඳහා හොඳ සාක්ෂියක් ද විය හැකිය.

සමහර video වල “vice city” යන නම ලියා ඇති දැන්වීම් පුවරු සහ වාහන ඇතුළත් වනවා. තවද එක් ප්‍රධාන වීඩියෝ පටයක අවන්හලක් කොල්ලකෑමට ලක්වන ආකාරය දැක්වෙන අතර, තවත් එකක තටාකයක් අසලදී චරිත දෙකක් අතර ජාතිවාදී දෙබස් කිහිපයක් පවසන ආකාරය පෙන්නුම් කරනු ලබනවා.

මේවා පටිගත කර ඇත්තේ කවදාද?

මේවා දුටු විවිධ පරිශීලකයින් පෙන්වා දී ඇත්තේ බොහෝ වීඩියෝ ඒවායේ නිමාව අසම්පූර්ණ බැවින් මුල් සංවර්ධන අවධියේ ඇති බවයි. කාන්දු වූ කිසිදු විඩියෝ වල දිනයන් සඳහන් කර නොතිබූ අතර කෙසේ වෙතත්, වීඩියෝ පටවල උඩින් Nvidia GeForce RTX 3080 Graphics ලෙස දක්වා ඇති බව පරිශීලකයින් කිහිප දෙනෙකු සඳහන් කළේය. 2020 දී RTX 3080 නිකුත් වූ බැවින්, මෙම වීඩියෝ පටිගත කර ඇත්තේ 2020දී හෝ ඊට පසු විය යුතුය.

මේ GTA VI Leaks ඇත්තද බොරුද?

මේ වන විට තවමත්, Rockstar සමාගම නිල වශයෙන් මෙම leaks වල සත්‍යය තහවුරු කර හෝ ප්‍රතික්ෂේප කර නැත. එහෙත්, විශ්වාසදායක මූලාශ්‍ර කිහිපයක් පෙන්වා දෙන්නේ මෙම leak එක ඇත්ත වශයෙන්ම සැබෑ විය හැකි අතර පරිගණක ක්‍රීඩා ඉතිහාසයේ විශාලතම leak එකද විය හැකි බවයි. කාන්තා ප්‍රධාන චරිතය කාන්දු කළ Bloomberg වෙබ් අඩවියට අනුව මෙම leaks බොහෝ දුරට සත්‍ය වේ. Rockstar ආයතනයේ ක්‍රිඩා සංවර්ධකයින් Cloud Computers හරහා නිවසේ සිට වැඩකිරීම හේතුවෙන් මෙම video සංවර්ධකයින් අතර හුවමාරු කර ගැනීමේදී මෙසේ වෙනත් පාර්ශ්වයක් වෙතට පත්වන්නට ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනු ලබනවා.

Rockstar games ආයතනයේ මව් සමාගම වන Take-Two ආයතනය විසින් GTA Forum එකෙහි මේ thread එක දැනටමත් lock කර ඇති අතර මේවා upload කරන ලද YouTuberට වහාම ඒවා ඉවත් කරගන්නා ලෙසටත් දැනුම් දී තිබෙනවා.

Leaks අවසන්ද?

මෙම GTA 6 leaks Rockstar games වලට විවිධ ආකාරවලින් හානි කිරීමට ප්‍රමාණවත් වුවද, මේවා නිකුත් කරන්නා තවමත් මේ තත්ත්වය පිළිබඳව සෑහීමකට පත්වී නැත. මුල් leak එකෙන් පැය 12 කට පමණ පසු, ඔහු තම post එක update කළේ තවත් videos උඩුගත කිරීම් නවතා ගැනීම සඳහා ඔවුන් සමඟ Rockstar සමාගම් ගනුදෙනුවක් සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටිමිනි.

මේ leaks නිකුත් කරන්නා තව දුරටත් මෙය කරන්නේ නම් ඔහුට GTA V හි හෝ VI හි Source code එක ඔහු සතුව තිබෙනවා විය හැකිය.මේ වන විටද මෙසේ සිදු කරන පුද්ගලයාගේ තොරතුරු හෝ සිටින ස්ථානය පිළිබඳව නිශ්චිත තහවුරු කිරීමක් නොමැත.

මෙම GTA 6 leaks Rockstar games වලට පමණක් නොව සමස්ත gaming industry එකටම බලපානු ඇත. මීළඟ leaks වල GTA VI main files අඩංගු වුවහොත්, අපට GTA 6 නිකුත් කිරීමේ දිනයේ විශාල ප්‍රමාදයක් දැකිය හැකි වනවා.

එමෙන්ම මේ ලීක්ස් GTA 6 වල ඒවා බවට Rockstar විසින් තහවුරුද කර තිබෙනවා.

Source: Beebom