Loading...
අමතක නොවන සෙනා -McLaren Senna

McLaren Senna යනු හිටපු ෆෝමියුලා වන් මෝටර් රථ ධාවන ශූර Ayrton Senna සිහිවීම පිණිස නිපදවනු ලැබූ මෝටර් රථයයි.

සෙනා ගැන යමක්

 Ayrton Senna


Ayrton Senna යනු 1988-1993 කාලයේදී McLaren F1 කණ්ඩායමට තරඟ කල බ්‍රසීලියානු ජාතික මෝටර් රථ ධාවන ශූරයෙකි. මොහු ෆෝමියුලා වන් ලෝක ශූරතා 3ක් සහ Grand Prix 35ක් McLaren කණ්ඩායම සමඟ එක්ව ජයග්‍රහණය කර ඇත.එමෙන්ම ෆෝමියුලා වන් මෝටර් රථ ඉදිකිරීම වෙනුවෙන් ලැබෙන Formula One World Constructor's Championship ජයග්‍රහණද 4ක් ද අඛණ්ඩව ලබා ගැනීම සඳහා සෙනාගේ දායකත්වයද ලබා දී ඇත. සෙනා යන නම පවා වෙනත් මෝටර් රථයකට භාවිතා කල නොහැකි ලෙස කටයුතු සකස් කර ඇත.

කාර් එක ගැන යමක්


මෙය නිර්මාණය කිරීමේදී ප්‍රධාන ලෙස අවධානය යොමු කර ඇති කරුණ වන්නේ ෆාස්ටස්ට් ලැප් ටයිම් ලබා ගැනීමය.එම අවශ්‍යතාවය නිසා මෙම රථය ඉතාමත් සැහැල්ලු ලෙස නිර්මාණය කර ඇත.Senna රථය බලගන්වනු ලබන්නේ වැඩිදියුණු කරනලද Mclaren 720S 3,999 cc 4.0 Ltwin-turbocharged V8 එන්ජිමක් උපයෝගී කර ගනිමිනි.7ස්පීඩ් ඩුවල් ක්ලච් ට්‍රාන්ස්මිෂන් පද්ධතියකින් සමන්විතය.

McLaren සමාගම විසින් නිකුත් කර ඇති නිල වාර්තාවට අනුව McLaren Senna රථයේ කාල ගණනයන් මෙසේය.

0–100 km/h (0–62 mph): 2.8 seconds.

0–200 km/h (0–124 mph): 6.8 seconds.

0–300 km/h (0–186 mph): 17.5 seconds.

Standing 1⁄4  mile (402 m): 9.9 seconds.

Power-to-weight ratio: 659 hp/tonne.

Top speed: 211 mph (340 km/h (redline limited).

නිෂ්පාදන කටයුතු


මෙම Senna රථ සියල්ලම මිනිස් දෑතින් නිර්මාණය(Hand  Made) කර ඇති අතර මෙහි නිෂ්පාදන කටයුතු රථ 500ට පමණක් සීමාවේ.දැනටමත් මෙම රථ 500ම විකිණී හමාරය.මෙහි මිල ලෙස සඳහන් කර තිබෙන්නේ £750,000 වන අතර මෙහි අවසාන රථය අලෙවි වී තිබෙන්නේ £1,916,793 ය. මෙම රථ අලෙවිය 2018 තුන්වන කාර්තුවේදී ආරම්භ විය.