Loading...
උඩු ගුවනේදී අනතුරට ලක්වීමට ගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානය බේරාගත් ආකාරයේ තාක්ෂණික විමසු​ම

පසු ගිය දිනෙක ශ්‍රිලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකුය් බ්‍ර්ටිශ් එයාවේස් සමාගමට අයිති ගුවන් යානයකු​යි අඩි 30,000කට අධික උඩුගුවනේදි එකිනෙකට හැප්පිමට ගිය සිද්ධිය​ක් ගැන වාර්තා උනා මතක ඇතිනෙ. මෙ අනතු​ර සිදු වුනා න​ම් අද ජීවිත 300කට ආසන්න ප්‍රමාණ​ය නැති වෙලා. මෙ අනතුර වලක්වාගත්තෙ කොහොමද ? මෙ අනතුර වැලකු​ණේ නියමුවන්ගෙ දක්ශතාවය මතද ? ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර මේ ලිපිය හරහා අපි ඔයාලට අරගෙන එනවා.

සාමානයෙන් ගුවන් යානයක් අනතුරකට පත්වෙන්​න පුළුවන් ක්‍රම කිහිපයක තිබෙනවා. ඒ ක්‍රම අතුරෙන් එක ක්‍රමයක් තමා එකිනෙක ගැටි අනතුරට ලක්වීම. හැබැ​යි මේක වළක්වා ගන්න ගුවන් යානය සතුව Traffic collision avoidance system (TCAS) න​ම් උපකරණ​ය තියෙනවා.

Traffic collision avoidance systemහි ක්‍රියාකාරීත්ව​ය සරල​ව

මේ Traffic collision avoidance system එක වැඩ කරන්නෙ මෙහෙම​යි. මේ උපකරණය ගුවන් යානයෙ බඳ​ට පහලින් සහ ඉහළින් ඇති ඇන්ටනා දෙකක් මඟින් තොරතුරු ලබා ගන්නවා. මේ ලබා ගන්නා තොරතුරු ගුවන් යානයේ ඇති පරිගණකයට ලබා දීම සිදු කෙරෙනවා.

මේ ඇන්ටනා වලින් සිදු කෙරෙන්නේ යානය වටා ත්‍රිමාණ ආරක්ෂිත කලාපයක් නිර්මාණය කිරීමයි. එතනදි ගුවන් යානය වටා ආරක්ෂිත කලාපයක් ඇති කරගැනීමට මෙම ඇන්ටනා දෙක සමත් වෙනවා. මේ ආරක්ෂිත කලාපය නිරතුරුවම නොකඩවා පරික්ෂා කිරීම සිදු කෙරෙනවා. මෙම ආරක්ෂිත සන්නිවේදන කලාපය තුල ගමන් ගන්නා සෑ​ම ගුවන් යානයක්ම පරීක්ෂාවට ලක් කෙරෙන අතර, එම ගුවන් යානා මඟින් තමන්ගේ ගුවන් යානයට අනතුරක් වේ යැයි සැලකෙනවා නම් එය දැනුම් දීමක් සිදු කෙරෙනවා. මේක හරියට රේඩාර් කලාපයක් වගේ.

ඉහත සඳහන් කරපු ආරක්ෂක කලාපයට හසු වෙමින් ගමන් ගන්නා ගුවන් යානයක් විසින් තමන්ගේ ගුවන් යානයට අනතුරක් වේ යැයි හදුනාගත්තොත් මෙම පද්ධතිය විසින් ආගන්තු​ක යානය වෙත පරික්ෂා කිරීමේ සංඥාවක් (Interreogation Signal) එක යැවීම සිදු කරනවා. එම සංඥාව ආගන්තුක යානයේ පද්ධතිය මඟින් ග්‍රහණය කර ගත්තාට පසුව එහි ඇති පරිගණක පද්ධතිය මඟින් සංඥාව නිකුත් කල යානය වෙත තමන්ගේ හදුනා ගැනීමේ කේතය සහ ගුවන් යානයේ පිහිටීම සඳහන් කරමින් සංඥාවක් නිකුත් කරනු ලබනවා.

එම සංඥාව ග්‍රහණය කරගැනීමෙන් පසුව මුලින්ම සංඥාව නිකුත් කල ගුවන් යානයේ Traffic collision avoidance system එක මඟින් ග්‍රාහක යාන තිබෙන ස්ථානය හදුනාගනු ලබනවා. මෙම දත්ත සංඥා හුවමාරු වීමට ගත වන කාලය භාවිතා කරගෙන ගුවන් යානයේ පරිගණක පද්ධතිය විසින් ග්‍රාහක යානයේ Air speed, Vertical speed සහ එහි ගමන් ගන්නා දිශානතිය ගණනය කරගැනීම සිදු කරනවා. මේ සඳහා ගුවන් යානා ද්විත්වයෙහිම ඇති Traffic collision avoidance system භාවිතා කරනු ලබනවා.

මේ ගණනය කිරීම් හරහා ඉදිරියේදී සිදුවිය හැකි කරුණු 3ක් විසදා ගැනීම සිදු කරනවා.

01. Closest point of Approach - ගුවන් යානාවන් දෙකක් එකිනෙකට නොගැටී යමට ලංවිය හැකි අව​ම දුර ප්‍රමාණ​ය

02. Traffic and Intruder - අංක එකෙහි සඳහන් කල අවම දුරක ප්‍රමාණයට ගුවන් යානා දෙක ලං වී ඇතිද යන්න ව​ග

03. Time left to meet at the closest point - යානා දෙක එකිනෙකට ගැටීමට ඉතිරිව ඇති කාල​ය

ඉහත තුන්වෙනි කාරණාවේදී යානාවන් දෙක එකිනෙකට ගැටීමට ඉතිරිව ඇත්තේ තප්ප​ර 45ක් සහ මීට 500ක් වගේ දුර ප්‍රමාණයක් කියලා. එතකොට ගුවන් යානා දෙකේම තියෙන navigation display එකේ තියෙන තැඹිළි පැහැති බල්බ් 🟠 එකක් දැල්වී තිරය මත +0.5 දක්වමින් Traffic, Traffic යනුවෙන් ගබ්දයක් නිකුත් කරනු ලබනවා. ඒ හරහා ගුවන් නියමුවන් විසින් ඉදිරියෙන් අනතුරක් ලංව​න ඇති බව හදුනා ගනු ලබනවා.

Combined TCAS and EHSI cockpit display (color)

යානාවන් දෙක එකිනෙකට ගැටීමට තප්පර 25​ක් තිබියදී තැඹිළි පැහැති බල්බය රතු පැහැයට හැරී ගුවන් යානා දෙකේ ගුවන් නියමුවන්ට තමන් ගමන් කල යුතු දිශානතිය පිලිබඳව උපදෙස් දෙනු ලබනවා. ඒ අනුව ගුවන් යානා දෙකේ නියමුවන් තමන්ගේ ගුවන් යනා තමන්ගේ දකුණු දිශාවට හැරවීම හෝ එක් ගුවන් යානාවක් ඉහලටත් සහ තවත් ගුවන් යානාවක් පහලටත් ලෙසින් ගමන් කිරීම සිදු කරනවා.

මේ ආකාරයෙන් අනතුර වළක්වා ගැනීමෙන් පසුව නැවත වතාවක් පද්ධතිය මඟින් ගුවන් යානය ගමන් කල යුතු නිවැරදි මාර්ගයට ගුවන් යානය යොමු කිරීමට උපදෙස් දෙනු ලබනවා.

Auto Pilot/Flight Director ක්‍රියාත්මක කර ඇති අවස්ථාවක මොකක්ද වෙන්නේ?

අපි ඉහත කතා කරපු Traffic collision avoidance system එක බොහෝ කාලයක් තිස්සේ භාවිතා වුනත් auto pilot/flight director අවස්ථාවක ඇති ගුවන් යානයකදී එය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් අනතුරු වලක්වා ගැනීම සිදු කර ගැනීමේ හැකියාව හැම ගුවන් යානයකටම නෑ. නමුත් පහත දැක්වෙන ගුවන් යානා වලට AP/FD යන අවස්ථාවේ පවතින කොට Traffic collision avoidance system හරහා ස්වයංක්‍රීයවම අනතුරු වලක්වා ගැනීමේ හැකියාව පවතිනවා.

  • 2017 පෙබරවාරි සිට නිපදවනු ලබන A350, A380 සහ A320 ගුවන් යානා​‍
  • 2012 අප්‍රේල් සිට නිපදවනු ලබන A330 ගුවන් යානා

නමුත් A340 මාදිලියේ ගුවන් යානා සඳහා AP/FD/ TCAS පහසුකම ඇතුලත් වන්නේ නෑ. 2021 සැප්තැම්බර් මාසය වන විට A330 ගුවන් යානා වලින් 31%ක්, A320 ගුවන් යානා වලින් 31%ක් මෙම පහසුකමෙන් යුතුව ගුවන් ගත ව්න ගුවන් යානා වනවා.

මෑතකදී මේ ආකාරයෙන් අනතුරට ලක්වෙන්න ගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් UL 504 නම් A333 වර්ගයේ ගුවන් යානය මගීන් 275ක් රැගෙ​න අඩි 33,000ක උසකි​න් ලන්ඩන් සිට කොළඹ බලා පියාසර කරන අතර තුරේදී තුර්කි ගුවන් සීමාවේ අන්කාරාහි ගුවන් පාලකයන් විසින් අඩි 35,000ක් දක්වා ඉහළින් පියාසර කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා.

නමුත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් UL 504 ගුවන් යානයේ නියමුවන් විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙන්නේ ගුවන් යානයේ Traffic collision avoidance system එක හරහා ඒ වන විටත් අඩු 35,000කට ඉහළින් ගමන් කරමින් තිබුණු British Airways සතු ගුවන් යානයක් හදුනා ගැනීමෙන් පසුවයි.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවන් නිරුපද්රිතව තම ගමන්නාන්තයට ලඟා වී තිබෙනවා.

Sources: Wikipedia NBAA Euro Control