Loading...
ඇපල් සමාගම විසින් Mac උපාංග සඳහා වන නවතම චිප්සෙට් වන M1 Pro සහ M1 Max චිප්සෙ​ට් එලි දැක්වීමට කටයුතු කර​යි

2020 වර්ෂයේ ඇපල් සමාගම විසින් M1 chipset එකෙන් බල ගැන්වෙන MacBook සහ අනෙකුත් Mac උපාංග එලිදැක්වීමෙන් පසුව සෑම කෙනාම වගේ දෑස් අයාගෙන සිටියේ 2021 වර්ෂයෙදී ඇපල් අමාගමෙන් රැගෙන එන්නේ කුමක්ද යන්නය. එයට හේතුව වූයේ M1 chipset එක වෙළඳපලේ පැවති Intel සහ AMD processors සියල්ලම වගේ සැනයෙන් ප්‍රාද කිරීම හේතුවෙනි, මේ වන තුරුත් M1 chipset එක පරිගණක ලෝකයේ ඉහලින්ම වැඦඹෙන chipset එක බව අවිවාදාත්මකයි.

2021 වර්ෂයේදී ඇපල් සමාගම විසින් M1X නමින් වන චිප්සෙට් එකක් නිකුත් කෙරෙනු ඇතැයි මත පලවුවත් කිසිදු හෝ ඉඟියක් ලබා නොදෙමින් ඇපල් සමාගම විසින් සියල්ල විමතියට පත් කරමින් එකිනෙකට වෙනස් සහ හැකියාවන්ගෙන් M1 chipset එකට වඩා විශාල ප්‍රාමාණයකින් බලවත් M1 Pro සහ M1 Max නමින් හැදින්වෙන නවතම චිප්සෙට් දෙකක්ම හදුන්වාදීමට කටයුතු කරන ලදී.

මෙම M1 Pro සහ ​M1 Max චිප්සෙට් දෙක පිළිවෙලින් 10 core CPU + 16 core GPU එකකින් ස​හ 10 core CPU + 32 core GPU එකකින් සමන්විත වෙනවා. M1 Pro වෙත පැමිණීමේදී එම චිප්සෙට් එකෙන් සමන්විත වන උපාංග සඳහා ගිගා බයිට් 32ක උපරිම රැම් ධාරිතාවයකට සහ M1 Max චිප්සෙට් එකෙන් සමන්විත වන උපාංග සඳහා ගිගා බයිට් 64ක උපරිම රැම් ධාරිතාවයක් ලබා ගත හැකිය.

වේගවත් අත්දැකීමකට M1 Pro

M1 Pro චිප්​සෙට් එක නිපදවීම සඳහා ඇපල් සමාගම විසින් භාවිතා කර ඇත්තේ නැනෝමීටර 5 process node එක වන අතර ඒ හරහා මේ චිප්සෙට් එකට ට්‍රාන්සිස්ටර් බිලියන 33.7ක් ඇතුලත් කිරීමට ඔවුන් සමත්ව තිබෙනවා. එය පළමු පරම්පරාවේ M1 චිප්සෙට් එකට වඩා දෙගුණයක අගයක් ගන්නවා. මේ නව 10 core CPU එක සතුව high-performance cores 8ක් සහ high-efficiency cores 2ක් පවතිනවා. මේ cores සියල්ලම වගේ M1 chipset එකට වඩා 70% වේගයකින් කටයුතු කිරීමට මෙම නව චිප්සෙට් එකට සහය ලබා දෙනවා.

මීට අමතරව වෙලඳපලේ මිලදී ගැනීමට ඇති සාමාන්‍ය 8 core processor එකක් හා සසඳ​න විට මෙම නව M1 Pro chipset එ​ක ඉහත කී 8 core චිප්සෙට් එක උපරිම බලය ලබා දීම සඳහා භාවිතා කරන විදුලි බලය M1 Pro chipset එක විසින් භාවිතාවේදී එම 8 core චිප්සෙට් එකට වඩා 70%ක් අඩුවෙන් භාවිතා කර ල​බා දිය හැකිය. ඊට අමතරව M1 Pro චිප්සෙට් එක සාමාන්‍ය චිප්සෙට් එකකට වඩා 1.7 වේගයකින් කටයුතු කරන්නේ වොට් 30 වැනි අඩු බලයක් භාවිතා කරමිනි. එමෙන්ම මේ චිප් සෙට් එක high-resolution photo editing සඳහා විශාල සහයක් ලබා දෙනවා.

M1 Pro චිප්සෙට් එක සතුව 16 core GPU එකක් පවතින අතර එය M1 එකට වඩා දෙගුණයකින් වේගවත් වන අතර සාමාන්‍ය 8-core PC හෝ Laptop සමඟින් පැමිණෙන Integrated graphics වලට වඩා 7 ගුණයකින් වේගවත් වනවා. එමෙන්ම සාමාන්‍ය 8-core CPU සමඟින් එන GPUහි උපරිම වේගයට සමාන වේගයෙන් කටයුතු කරන විට M1 Pro චිප්සෙට් එක එම වේගයෙන් කටයුතු කිරීම සඳහා 8-core CPU එක භාවිතා කරන බලය මෙන් 40%කට අඩු බලයක් භාවිතා කරනු ලබයි.

M1 Pro චිප්සෙට් එක භාවිතා කිරීමේදී ඒ සමඟින් උපරිමය ගිගාබයිට් 32 දක්වා වන රැම් ධාරිතාවයක් කරා යා හැකි අතර තප්පරයකට ගිගාබයිට් 200ක වේගයකි memory bandwidth එකක් ලබා ගැනීමට හැකියාව පවතිනවා. මෙය 3D නිර්මාණ සිදු කරන අයට සහ Game deveopersලාට ඉතාමත් හොඳ ආරංචියක් වනවාට නොඅනුමානයි.

අතිවේගවත් අත්දැකීමකට M1 Max

M1 Pro එක මෙන්ම M1 Max එකද cores 10කින් සමන්විත වන අතර 32 cores GPU එකකින් සමන්විත වන අතර එය M1 එකට වඩා හතරගුණයකින් වේගවත්ව graphics performance ලබා දීමට සමත් වෙනවා. M1 Pro මෙන්ම 5 nanometere process node එකෙන් නිපදවා ඇති මෙම චිප්සෙට් එක සතුව ට්‍රාන්සිස්ටර්ස් බිලියන 57ක් පවතින අතර එය M1 Pro එකට වඩා 70%කින් වැඩි අතර M1 එකට වඩා 3.5 වෙගයකින් කටයුතු කරනු ලබයි.

M1 Max යනු මේ වන විට ඇපල් සමාගම විසින් නිපදවනු ලැබූ විශාලතම චිප්සෙට් එක වන අතර සාමාන්‍ය පරිගණකයක GPU එකකට වඩා 40%කට අඩු විදුලිබලයක් පරිභෝජනය කරනු ලබනවා. එහි ප්‍රතිපලයක් ලෙස මෙම චිප්සෙට් යොදා නිපදවා ඇති උපාංග වල උෂ්ණත්වය ඉතාමත් පහල මට්ටමකින් පවත්වාගැනීමට ඇපල් සමාගම සමත් වී තිබෙනවා. එමෙන්ම බැටරි බලයද ඉතාමත් හොදින් ඉහල නංවා ගැනීමටද ඔවුන් සමත් වෙලා තිබෙනවා.

M1 Max චිප්සෙට් එක භාවිතා කිරීමෙන් මීට පෙර එලිදක්වනු ලැබූ අඟල් 13 මැක්බුක් වලට වඩා 13 ගුණයක වේගයකින් යුතුව Final Cut Pro මෘදුකාංගය ඔස්සේ වීඩියෝ render කිරීමේ හැකියාව හිමිවී තිබෙනවා.

M1 Max චිප්සෙට් එක තප්පරයට ගිගාබයිට් 400ක දත්ත හුවමාරු වේගයක් සඳහා සහය දක්වන අත​ර එය M1 උපාංගයක් සමඟ සසඳන කල 6 ගුණයක වේගය ඉහල යාමකි. එමෙන්ම මෙම චිප්සෙට් එක ගිගා බයිට් 64ක උපරිම රැම් ධාරිතාවයක් සඳහා සහය දක්වන අතර මේ වන විට ලොව ඇති බලවත්ම Pro Notebook චිප්සෙට් එක ලෙස මෙය හැදින්විය හැකිය.

පොදු කරු​ණු

ඉහත සඳහන් කල කරුණු වලට අමතරව මෙම චිප්සෙට් දෙකටම පොදු වූ කරුණු කිහිපයක්ද පවතී. M1 Pro සහ Max චිප්සෙට් දෙකම 16-core Neural Engine එකකින් සමන්විත වන අතර මෙම චිප්සෙට් යොදා නිපදවන උපාංග Thunderbolt 4, Secure Enclave, සහ ProRes video format සඳහා සහය දක්වනු ලබනවා. මීට අමතරව Pro XDR වර්ගයේ display දෙකක්ම M1 Pro මඟින් බලගැන්වෙ​න උපාංග සමඟ සම්බන්ධ කල හැකි අතර එය M1 Max වෙත පැමිණීමේදී 4ක් දක්වා ඉහළ නැංවෙනවා.

මේ වන විට M1 චිප්සෙට් එක සඳහා සහය දක්වන සෑම මෘදුකාගයක්ම M1 Pro සහ ​M1 Max සඳහාද සහය දක්වනු ලබනවා.