Loading...
Microsoft සමාගම Linux සඳහා Edge Browser හි Stable Version එක ලබා දෙයි

Microsoft සමාගම විසින් Linux මෙහෙයුම් පද්ධති සඳහා ඔවුන්ගේ Edge Browser හි Stable Version එක ලබා දී ඇත. Linux සඳහා Edge Browser එකේ Preview Versions අවුරුද්දකටත් වැඩි කාලයක් ලබා ගත හැකිව තිබුණත් දැන් Microsoft Edge Officially Linux සඳහා නිකුත් කර ඇති නිසා සම්පුර්ණයෙන්ම Linux වලට Edge Browser එක Support කරනු ඇත.

බොහෝ විට Linux භාවිතා කරන ඔබ දැනටමත් Chrome හෝ Firefox භාවිත කරනු ඇත. නමුත් Edge යනු Chrome සම්පුර්ණයෙන්ම සහය නොදක්වන Linux Distros මත ක්‍රියා කළ හැකි තවත් Browser එකක් ලෙස හැඳින්විය හැක. Tracking සහ Cookies Limit කිරීම සඳහා Microsoft විසින් Edge සඳහා  Privacy Features ගණනාවක් එක් කර ඇති අතර, Edge හි Linux Version එකට, Windows සහ macOS වල දී ලබා දී ඇති බොහෝ Features ලබා දී අතර, ඉදිරියේදී මෙම version සියල්ලම එකම ආකාරයක් ගනු ඇති.

ඔබ තවමත් Edge Browser එකේ Preview Builds භාවිත කරන්නේ නම් sudo apt install microsoft-edge-stable Command Line එක භාවිත කරමින් Stable Version එක Install කරගත හැක. නැතිනම් Microsoft Website එකෙන් ඔබට Microsoft Edge Download කරගත හැක.

Source: The Verge