Loading...
Windows 7, 8 සහ 8.1 සඳහා වන OneDrive Updates ලබා දීම මාර්තු මාසයේදී අවසන් කරන බව Microsoft සමාගම පවසයි

Microsoft සමාගම පවසන්නේ Windows 7, 8, හෝ 8.1 හි OneDrive පරිශීලකයින්ට 2022 මාර්තු 1 වනදා සිට ඔවුන්ගේ අන්තර්ගතයන් Cloud වෙත Sync කිරීමට නොහැකි වනු ඇති බවයි. එහි Tech Community Forum හි Blog Post එකට අනුව. OneDrive Windows 10 හෝ Windows 11 Install කර නොමැති පද්ධතියක Run වන්නේ නම් එයට තවදුරටත් Updates නොලැබේ.

ඔබ භාවිතා කරන Windows Version එක කුමක් වුවත් OneDrive App එක හරහා Files වෙත තවමත් ප්‍රවේශ විය හැකි අතර ඒවා තවදුරටත් Automatically Cloud එකට Upload නොවනු ඇත. OneDrive සමඟ ඇති වන මෙම ගැටළු මඟහරවා ගැනීම සඳහා, ලබන වසරේ මාර්තු මාසයට පෙර Windows හි නවතම Version එකකට Upgrade කිරීමට Microsoft සමාගම නිර්දේශ කරයි. Windows 10 හෝ Windows 11 Run කිරීමට නොහැකි පද්ධති සඳහා, Microsoft සමාගම පවසන්නේ පරිශීලකයින්ට OneDrive Web App එක හරහා Upload කිරීමෙන් තවමත් ඔවුන්ගේ Files Upload කළ හැකි බවයි.

පෙරදී SkyDrive යනුවෙන් හැඳින්වූ Microsoft Cloud Storage සේවය 2014දී OneDrive ලෙස නම් කරන ලද අතර Windows7 සඳහා එය ආරම්භයේ සිටම සහය දක්වන ලදී. 

Update කිරීම් නතර කිරීම සහ Sync කිරීමේ හැකියාවට අමතරව, Windows 7, 8 සහ 8.1 හි OneDrive වලට ජනවාරි 1 වනදා සිට Support කිරීම අහිමි වනු ඇත. Microsoft සමාගම අනුව මෙම වෙනසට හේතුව “නව තාක්ෂණයන් සහ Operating Systems වෙත සම්පත් යොමු කිරීම සහ පරිශීලකයින්ට වඩාත් යාවත්කාලින සහ ආරක්‍ෂිත අත්දැකීමක් ලබා දීමයි.”

Windows 8 හි Lifecycle එක 2016 දී අවසන් විය. Microsoft Windows 8.1 සඳහා 2018 සහ Windows 7 සඳහා මූලික මට්ටමේ Support කිරීම් 2018 හි නවතා දමන ලදී. දැන් Microsoft Windows 10 සඳහා ද Support කිරීම 2025 දී අවසන් කිරීමට සැලසුම් කරමින් සිටින බැවින්, ඔවුන් අඟවන්නේ දැන් Windows 11 සඳහා Upgrade කිරීමට කාලය බවයි.

Source: The Verge