මේ වන විට ලොවපුරා වෙසෙන අන්තර්ජාල පරිශීලකයන්ගෙන් ලැබෙන තොරතුරු සහ අන්තර්ජාතික මාධ්‍යන් වාර්තා කරන ආකාරයට Microsoft Teams ඇතුළු Microsoft 365 සේවාවන්හි සේවා ඇණහිටීමක් වාර්තා වෙමින් පවතිනවා. Down Detector වෙබ් අඩවිය වෙත පිවිසෙන විශාල අන්තර්ජාල පරිශීලකයන් පිරිසක් විසින්ද මෙම සේවාවන් බිඳ වැටීම තහවුරු කර තිබෙනවා.

ඒ අනුව Microsoft Teams වෙතින් meetings වෙත පිවිසීමේ හැකියාව අඩාල වී ඇති අතර Microsoft සමාගමේ ඇතැම් 365 සේවාවන් සදහා මේ සේවා ඇණහිටීම දැනට බලපා ඇතැයිද තොරතුරු වාර්තා වෙනවා.
ලොව පුරාවටම බලපාන ලෙස සිදු වු මේ සේවා බිද වැටිම නිසාි Microsoft teams meeting එකක් සඳහා ඇතුළු වීමට යාමේදී Operation failed with unexpected error ලෙසින් පෙන්වනු ලබනවා.

මේ බිඳ වැටීම පිළිබඳව Microsoft සමාගම වෙතට දැනටමත් පරිශීලකයන්ගේ වාර්තා කිරීම් ලැබී ඇති බවත් මේ පිළිබඳව ඔවුන් කටයුතු කරන බවත් ඔවුන් tweet එකක් පළ කරමින් නිවේදනය කර තිබෙනවා.
We've received reports of users being unable to access Microsoft Teams or leverage any features. We're investigating the issue and further updates can be found in your Service Health Dashboard via TM402718.
— Microsoft 365 Status (@MSFT365Status) July 21, 2022
මේ පිළිබඳව වැඩි දුර තොරතුරු ලද විගස ඔබ වෙත ගෙන ඒමට Android වැඩකාරයෝ අප විසින් බලාපොරොත්තු වනවා.