Loading...
Microsoft Edge භාවිතා කර Google Chrome Download කිරීමට උත්සාහා කිරීමේදී එය වැළැක්වීමට Microsoft සමාගම උත්සාහ කරයි

Microsoft තම පරිශීලකයන් කිසි විටෙකත් ඔවුන්ගේම Edge Web Browser එක භාවිතා කිරීම වෙනුවට වෙනත් Google Chrome වැනි Web Browsers භාවිතා කරනවාට එතරම් කැමත්තක් දක්වන්නේ නැ.

Google Chrome Setup File එක Microsoft Edge හරහා Download කර Google Chrome ස්ථාපනය කිරිම වැලැක්විමේ උත්සාහයක් ලෙස මෙන්ම Edge Browser එකෙහිම පරිශීලකයින් රඳවා ගැනීම සඳහා Google Chrome Setup එක Download කිරීම සඳහා පිවිසෙන විට එහි පහත ආකාරයේ Prompt Display කිරීමට Microsoft සමාගම විසින් කටයුතු යොදා තිබෙනවා.

  1. “Microsoft Edge runs on the same technology as Chrome, with the added trust of Microsoft.”
  2. “That browser is so 2008! Do you know what’s new? Microsoft Edge.”
  3. “I hate saving money,’ said no one ever. Microsoft Edge is the best browser for online shopping.”

ඔබ Windows 11 PC එකකින් Chrome Download කිරීමට මෙලෙස උත්සාහ කරන්නේ නම් මෙම prompts අවම වශයෙන් එක් වතාවක් හෝ  ඔබට දක්නට ලැබෙනවා. කෙසේ නමුත් Windows 10 PC සඳහා නම් මේ සියල්ල Display වෙනවා.

මේ Prompts හා ඔබට වෙනත් Web අඩවි තුළ දක්නට ලැබෙන Prompts අතර කිසිදු සමානතාවක් නොදක්වන අතර ඒ මේවා Windows Prompts හරහා Edge Browser එක මඟින්ම Display කරන ඒවා වන නිසා යි.

දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව Windows 11 හි ඉදිරි Updates මඟින් එහි Default Web Browser එක Change කිරීම ඉතා අපහසු කරනු ඇති අතර Edge Browser එකම භාවිතා කරන ලෙස පරිශීලකයන්ට බලකරනු ඇතැයි තොරතුරු වාර්තා වෙනවා.

Source - The Verge