Loading...
ඇෆ්ගනිස්තානයට හෙලන ලද සියළු බෝම්බයන්හි මව හෙවත් MOAB (GBU-43)

2017 වසරේදි ඔබ මම ඇතුළු බහුතරයක් ශ්‍රී ලාංකිකයන් සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සැමරීමේදී ඇෆ්ගනිස්තානයේ ජනී ජනයා තුල ඇතිවූයේ තදබල කම්පාවක්. ඒ ඇමරිකා එක්සත් ජනපදය විසින් MOAB (Mother Of All Bombs) යන අධිබල බෝම්බය ඇෆ්ගනිස්තානයේහි ISIS සටන්කාමීන්ට එරෙහිව පතිත කිරීම නිසා ඇතිවූ විශාල ජීවිත හානිය හේතුවෙන්.

න්‍යෂ්ටික නොවන යුධමය කටයුත්තක් සදහා ලොව මෙතෙක් කාලයක් භාවිතා කළ ලොව භයානකම සහ විශාලම බෝම්බය IS සටන්කාමීන්ට එරෙහිව ඇෆ්ගනිස්ථාන්-පකිස්ථාන දේශ සීමා අතරෙදි ISIS ගුහා පරීශ්‍රයක් වෙතට හෙලන ලද බව පෙන්ටගනය විසින් නිවේදනය කරන ලද
අත​ර මේ හෙළන ලද බෝම්බය පිළිබදව යම්කිසි හෝ විස්තරයක් ඔබ වෙත ලබාදීමටයි මෙම ලිපියෙන් අපගේ ප්‍රයත්නය.

ලොව යුධ ඉතිහාසය ගත්කළ මෙම හෙලන ලද  GBU-43 පිළිබදව විස්තර පළමුව අඩංගු වන්නේ ඇමරිකානු කදවුරක් වන Eglin ගුවන් හමුදා කදවුරෙන්.

එම ලිපියේ අන්තර්ගතයට අනුව බර රාත්තල් 21,600ක් පමන බර මෙම බෝම්බය පරීක්ෂණ කටයුතු වලදි පුපුරුවා හැරීමෙන් පසුව ඇතිවූ බිම්මල (පිපිරීමෙන් පසුව ඇතිවන බිම්මල ආකාරයේ දුම් වළාකුළු) හැතැක්ම 20කටත් එහා සිට පැහැදිලිව දර්ශණය වූ බවට එම පරීක්ෂණ සටහන් වල දැක්වෙනවා.

මේ එක බෝම්බයක් ඩොලර් මිලියන 16ක් පමණ වන අතර අන්තර්ජාලයේ ඇති තොරතුරු අනුව නම් මෙවැනි බෝම්බ 20ක් පමන මේ වනවිට නිශ්පාදනය කර අවසන්. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 314ක වියදමක්ද සමගින්.

බහුතරයක් ජනමාධ්‍ය විසින් මෙම MOAB යන වචනය නිර්වචනය කරන ලද්දේ Mother Of All Bombs (සියලු බෝම්බයන්හි මව) යනුවෙන්. නමුත්, මෙය නිර්මාණය කළ ඇමරිකා ආරක්ශක අංශ විසින් පවසන පරිදි එක නිර්වචනය විය යුත්තේ  “Massive Ordinance Air Blast” යනුවෙන්.

සත්‍යවශයෙන්ම මේ බෝම්බය නිර්මාණය කිරීමට හේතු වූයේ එවකට සදාම් හුසේන් පාළනයට එරෙහිවයි. නමුත් ඉරාකයේ ජනතාවගේ වාසනාවට ඉරාකයට එරෙහිව මෙම බෝම්බය පාවිච්චි කිරීම සදහා අවසරයක් ලැබුනේ නෑ.

“ The goal is to have the pressure be so great that Saddam Hussein cooperates,”  - Donald Rumsfeld (ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් )

2002 වසරේදි පමන ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව මගින් මෙම බෝම්බය නිර්මානයේදී තරමක් යුහුසුලු වූවා කීවොත් හරි.

ඒ එවකට භාවිතයේ පැවති  BLU-82 Daisy Cutter බෝම්බයෙහි කාළය ඉක්මවා ඉවත් කිරීමට සිදුවීමත් සමගයි.

2003 වර්ශයේදී පමන නිර්මාණය කළත්, අරාබිකරය තුළ ලොව පළවෙනි වතාවට භාවිතා කළ මෙම MOAB දෙවෙනි වන්නේ රුසියාව මගින් නිර්මාණය කළ FOAB වලට පමණි.
(Father Of All Bombs).

Eglin ගුවන් හමුදා කදවුරෙහි ප්‍රධානියෙක් අවසානයෙහි පවසා සිටියේ, "අපට අවශ්‍ය වූයේ අප සතුව මෙවැනි දේ ඇති බව ලෝකයාට පෙන්වීමට සහ ලෝක ත්‍රස්තවාදයට එරෙහිව එම සම්පත් භාවිතා කිරීමට පමණයි" යනුවෙනි.

ඇට,මස්,ලේ,නහර වලින් හැදුන, ජීව පදාර්ථය එක සමාන ඔබ මම අන්තවාදි ආගම්වාදී සංකල්ප වලින් බැහැරව එකා මෙන් අනිකා කෙරෙහි නැගිසිටිය යුතුයි.

ආගම් වලින් මානසික සුවය ලබාගන්නවා ද? මානසික සුවය සදහා ඇති ආගම් නිසා එකා එකා මරාගන්නවාද ?

තීරණය ඔබට භාරයි.