Loading...
ජූලි මාසයේ ජනප්‍රියතම video ක්‍රීඩාව - The first Descendant

The First Descendants යනු නොමිලේ ලබා ගත හැකි Game එක​ක් වනවා. Nexon Games Co.Ltd විසින් සංවර්ධන කර බෙදා හරින ලද මෙය The First Descendant  Unreal Engine 5 මගින් බල ගැන්වෙන Third person shooter game ලෙස හඳුන්වා දිය හැකියි. පසුගිය ජූලි දෙවනදා තමයි මේ game එක නිකුත් වුයේ.

බොහෝ දෙනා සදහන් කරන අයුරින් මේ Game එක Warframe සහ Destiny 2 කියන Game වලට සමානයි කියලා දක්වන්න පුලුවන්. මේකෙ Story එකේ Play Time එක පැය 40 පමණ වෙනවා.

Game එකේ කතාව පැත්තට හැරුනොතින් Ingris කියන මහද්වීපයේ මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් වෙමින් Vulgus කියන පිටසක්වල ආක්‍රමණිකයෙකු ingris මහාද්වීපය ආක්‍රමණය කරනවා. එයට එරෙහිව ingris වැසියන්ගේ අවසාන බලාපොරොත්තුව වන අද්භූත බලයන් ඇති "Descendant" භූමිකාව තමා Playerට භාර ගන්න තියෙන්නෙ.

Character ගැන බැලුවාම Descendant ලෙස, ක්‍රීඩකයින්ට විවිධ චරිත වලින් තෝරා ගන්න පුළුවන්. එක් එක් චරිතවලට එක් එක් කුසලතා සහ විවිධ සටන් විලාසයන් තියෙනවා. දැනට Game එකේ චරිත 14 පමණ සිටින අතර ඒ ඒ චරිතවලට තමාටම විශේෂිත බලයන් සහ සටන් විලාසයන් තිබෙනවා. 4-player co-op ලෙසිනුත් මේ Game එක Play කරන්න පුළුවන්.

ක්‍රීඩා විශේෂාංග ලෙස ක්‍රීඩකයින්ට Submarine Gun එකේ සිට Launchers දක්වා ආයුධ මාලාවක් භාවිතා කරන්න පුළුවන්. ඒ සෑම Weapon එකක් සදහාම එකිනෙකට වෙනස් බලයන් බලාගන්න පුළුවන්. මීට අමතරව, Mods යොදන්නත් පුළුවන්.

Void Intercept Battles: මෙය කතා පරිච්ඡේදය අවසානයේ සිදු වන යෝධ Colossi නම් නායකයා සමග සිදු කිරීමට සිදුවන සටන්.

Mods and Prestige Systems: ක්‍රීඩාවේ ප්‍රවීණත්වය සහ Level Up වීම තුළින් Weapon සහ තමන්ගෙ Descendant Character එක වැඩි දියුණු කිරීම සඳහා Mod පද්ධතියක් තියෙනවා. Prestige System එක මගින් ක්‍රීඩකයන්ට ඔවුන්ගේ Levl යළි සැකසීමට, Mod Slots වෙනස් කිරීමට සහ Strong Mod Equip කිරීමට ඉඩ සලසනව, ඒ වගේ Escendant ගේ බලය වැඩි කරන්නත් ඉඩ සලසා දී තිබෙනවා.

The First Descendants Game Environment එක යථාර්ථවාදයේ සහ විද්‍යා ප්‍රබන්ධ Fantasyයේ සම්මිශ්‍රණයක් සපයන Unreal Engine 5 භාවිතයෙන් සංවර්ධනය කර ඇත. තාක්ෂණික පසුබිමක් පෙන්වීමට ගැලපෙන වර්ණ ‍යොදා ගෙන තිබෙන බවත් බලාගන්න පුළුවන්. Open World Third Person Shooter Game එකක් මේ වගේ Graphic එක්ක ලබා Free ලබා  ගන්න පුළුවන් වීම ගැන බොහෝ දෙනෙක් සතුටු ප්‍රකාශ කර තිබෙනු දැනටමත් දැක ගන්න පුලුවන්. කෙසේ වෙතත් Game එකේ Story එකට සහ ශබ්ද පිළිබදව යම් අප්‍රසාදයක් පළ කරල තිබෙනවාත් දැක ගන්න පුළුවන්.

Steam එක හරහා ඔයාලටත් මේ Game එක Free ලබා ගන්න පුළුවන් පහළ System Requirements අනුව,

Minimum

OS: Windows 10 x64 20H2
Processor: Intel i5-3570 / AMD FX-8350
Memory: 8 GB RAM
Graphics: GeForce GTX 1050Ti or AMD Radeon RX 570 Video Memory 4GB
DirectX: Version 12
Network: Broadband Internet connection
Storage: 50 GB available space

OS: Windows 10 x64 20H2
Processor: Intel i7-7700K / AMD Ryzen 5 2600X
Memory: 16 GB RAM
Graphics: GeForce RTX 2060 or AMD Radeon RX 5600XT
DirectX: Version 12
Network: Broadband Internet connection
Storage: 50 GB available space