දිනපතා එකම වැඩ නැවත නැවත කරන එක boring නේද? Emails check කරනවා, Data Copy කරනවා, Files එක තැනකින් තව තැනකට Move කරනවා, Social media posts schedule කරනවා. මේ වගේ Repetitive tasks ගොඩක් අපිට දිනපතා කරන්න වෙනවා. n8n කියන Tool එක භාවිතා කරලා මේ වැඩ ඔක්කොම ස්වයංක්‍රීයව කරවා ගන්න පුළුවන්. හොඳම දේ තමයි මේකට code කියන්න දන්නේ නැති අයටත් භාවිතා කරන්න පුළුවන්, තව මේක සම්පූර්ණයෙන්ම නොමිලේ.
n8n කියන්නේ මොකක්ද?
n8n යනු Workflow Automation tool එකක්. සරළව කිවහොත්, ඔබට විවිධ Apps සහ Services එකට Connect කරලා Automatic tasks create කරන්න පුළුවන් Platform එකක්.
උදාහරණයක් ලෙස:
- Gmail එකට email එකක් ආවම automatically Google Sheets එකට add කරන්න.
- Twitter එකේ mention එකක් ආවම Slack එකට notification එකක් යවන්න.
- WordPress blog එකේ new post එකක් publish වුනාම automatically social media වල share කරන්න.
- Google Forms එකකින් response එකක් ආවම Telegram එකට message එකක් යවන්න.
මේ ඔක්කොම code line එකක්වත් ලියන්න නැතිව කරන්න පුළුවන්!

n8n විශේෂ වන්නේ ඇයි?
1. සම්පූර්ණයෙන්ම Free
Zapier, Make.com, Microsoft power automate වැනි popular automation tools වලට monthly subscription fees ගෙවන්න වෙනවා. නමුත් n8n සම්පූර්ණයෙන්ම free සහ open-source. ඔබට unlimited workflows, unlimited executions හදන්න පුළුවන්.
2. Visual Interface
Drag and drop interface එකක් නිසා programming knowledge නැතිව workflows හදන්න හැකිය. ඔබට boxes (nodes) connect කරමින් workflow එක නිර්මාණය කළ හැකීයි. එක box එකක "Gmail check කරන්න" කියලා තියෙනවා නම්, ඊළඟ box එකේ "Data save කරන්න" කියලා ඇතුළත් කරන්න තියෙනවා වැනි සරළයි.
3. 400+ Integrations
Gmail, Google Sheets, Slack, Telegram, WordPress, Notion, Airtable, Trello, Twitter, Facebook, Instagram වගේ popular services 400කට වැඩියෙන් connect කරන්න හැකිය. ඔබ දිනපතා use කරන tools සියල්ලම පාහේ මෙහි ඇතුළත්ය.
4. Self-Hosted හෝ Cloud
ඔබේම server එකක run කරන්න පුළුවන් (Personal data ගැන ඔබ වඩාත් සැළකිලිමත් නම් මෙය ඔබේ server එකක run කරන්න) හෝ n8n cloud service එක use කරන්න පුළුවන්.
n8n ගොඩක් Powerful tool එකක් වුණාට, ඔනෑම තාක්ෂණික දැනුම් මට්ටමේ පුද්ගලයෙකුට භාවිත කිරීමට පුළුවන් වෙන්න හදලා තියෙනවා. ඔබ programmer කෙනෙක් නොවුනත්, ඔබේ එදිනෙදා tasks automate කරන්න මේක use කරන්න පුළුවන්. Free, unlimited possibilities තියෙන නිසා limit වීමකින් තොරව මුදල් ගෙවීමකින් තොරව භාවිතා කළ හැකියි.






