Loading...
Outdated Phones Update කරන Custom ROM: දෙවන කොටස

මීට පෙර ලිපියකදි මම කියල දුන්නනෙ Custom ROM කියන්නෙ මොනවද කියලා. අද මම කියන්න යන්නෙ එහෙම අපිට Install කරගන්න පුළුවන් හොඳ Custom ROM වර්ග කීපයක් ගැන. වැඩි කතා නැතුව අපි යමු මේ මොනාවද බලන්න.


1. PixelExperience

මේකෙ නම කිව්ව ගමන්ම හිතාගන්න පුලුවන්නෙ මොන වගේ ROM එකක්ද කියලා. මේක Google Pixel phone වල තියෙන OS එකට සමාන ROM එකක්. මෙතනින් බලාගන්න පුළුවන් PixelExperience වලට Officially Supported Devices.

මේකෙ තියෙනවා Normal edition එකක් සහ Plus edition කියලා දෙකක්. Plus edition එකේ පොඩි Customization option කීපයක්. ඒ වගේම මේ ROM එකට monthly OTA updates එනවා. ඒ කියන්නෙ ඔයාට stock ROM එකක update ඇවිල්ලා update කරනවා වගේම settings හරහා update කරගන්න පුළුවන්. ආ ඒ වගේම මේකෙ bugs ගොඩක් අඩුයි. Bug නැති තරම්. මටනම් හම්බුනේම නෑ. Bug එකක් ආවත් update වලින් fix කරනවා. මේකෙ තියෙන කතා නොකරම බැරි option එකක් ගැන මං කියන්නම්.

Google Unlimited photos & videos storage
ඔයාලා දන්නවනෙ Pixel phone වලට විතරක් එන ඉතාමත් වැදගත් පහසුකමක් තියෙනවා Google photos & videos unlimited storage කියලා. අන්න ඒ unlimited storage එක අපට මේ හරහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නෙ අපිට පුළුවන් වෙනවා google photo storage එකට unlimited photos & videos upload කරලා තියන්න.

දැනට මේකෙ ගොඩක් devices android 13 දක්වා සපෝට් කරනවා. ඒ වගේම එයාලා කියලා තියෙනවා android 14 ළඟදිම රිලීස් කරනවා කියලත්.

2. Project Elixir

මේක තමා පෞද්ගලිකව මම කැමතිම ROM එක. මේකෙ UI එක පට්ට. මෙතනින් බලාගන්න පුළුවන් Project Elixir වලට Officially Supported Devices ටික.

මම ඉස්සෙල්ලා කිව්වනෙ මේකෙ UI එක පට්ට කියලා. ඒ වගේම මේකෙ සුපිරි Customization option ගොඩක් තියෙනවා. කැමති නම් අපිට ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඔයලාම ගිහින් ROM එකේ Screen Shots ටිකක් බලලම කොහොමද කියලා හිතාගන්න මේ ROM එක. මේ ROM එකෙත් අපි උඩදි කතා කරපු Google photos & videos unlimited storage ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

දැනට මේකෙ ගොඩක් devices android 13 දක්වා සපෝට් කරනවා. ඒ වගේම දැනටමත් android 14 සමහර devices වලට ලබා දීලා තියෙනවා වගේම A14 supported අනිත් devices වලට ළඟදිම රිලීස් කරනවා කියලත් එයාලා කියනවා.

3. Lineage OS

ඉස්සර ආව cyanogenMod ROM එක වැඩිදියුණු වෙලා තමා දැං Lineage OS නමින් මේක එන්නෙ. මෙතනින් බලාගන්න පුළුවන් Lineage OS වලට Officially Supported Devices ටික.

මේකෙදි අපිට clean UI එකක් බලාගන්න පුලුවන්. ඒ වගේම මේ ROM එක speed වගේම smoothly run වෙනවා. පෞද්ගලිකව මම නම් මේකට වැඩි කැමති නැත්තෙ මේකෙ UI එක නිසා. මේකට ඉතාමත් ඉක්මනින් updates ලැබෙනවා.

දැනට මේකෙදිත් ගොඩක් devices android 13 දක්වා සපෝට් කරනවා. ඒ වගේම දැනටමත් android 14 සමහර devices වලට ලබා දීලා තියෙනවා වගේම A14 supported අනිත් devices වලට ළඟදිම රිලීස් කරනවා.

4. crDroid

මේක Lineage OS එක බේස් කරගෙන හැදුණු ROM එකක්. ඔයාලට system stability එක නැති නොකරගෙන ඔයාගෙ devices එක customize කරන්න හොඳම custom ROM එකක් කියන්න පුළුවන් මේක. මෙතනින් බලාගන්න පුළුවන් ඔයාලට crDroid supported official devices ටික. Official supported list එකේ නැති උනත් unofficial supported තව devices මේකෙ තියෙනවා.(ගොඩක් Custom ROM වර්ග වල එහෙම තියෙනවා පොඩ්ඩක් හොයලා බලන්න ඔයාගෙ ඩිවස් එක official list එකේ නැත්තං)

මේ ROM එකෙනුත් ඔයාට වෙනස්ම විදියේ අත්දැකීමක් ලබාගන්න පුළුවන්. ඒ වගේම මේ ROM එකෙත් අපි උඩදි කතා කරපු Google photos & videos unlimited storage ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ ROM එකෙත් screen shots ටික බලලම ඔයාලා ROM එකේ option ගැන අයිඩියා එකක් ගන්න. මේකත් ඉක්මනින් updates ලැබෙන ROM එකක්.

ඒ වගේම ගොඩක් devices android 13 දක්වා සපෝට් කරනවා. ඒ වගේම දැනටමත් android 14 සමහර devices වලට ලබා දීලා තියෙනවා වගේම A14 supported අනිත් devices වලට ළඟදිම රිලීස් කරනවා.

5. Evolution X

Custom ROM ගැන කතා කරද්දි Evolution X කියන්නෙත් කතා නොකරම බැරි ROM එකක්. මේකත් අපි උඩදි කතා කරපු Project Elixir වගේ UI Customization වගේම තවත් ගොඩක් opinion තියෙන ROM එකක්. මෙතනින් බලාගන්න පුළුවන් Evolution X වලට officially Supported Devices ටික. ඒ වගේම මං උඩ කිව්වා වගේම මේකෙත් unofficial supported device list එකක් තියෙනවා හොයලා බලන්න.

මේකත් develop වෙලා තියෙන්නෙ Pixel UI base වෙලා. ඒ උනාට අපිට මේකෙදි Customization හම්බෙනවා. මෙතනින් ගිහින් screen shots ටිකක් ඔයාලට බලාගන්න පුළුවන්.

මේකත් ගොඩක් devices වලට android 13 support කරනවා වගේම දැනටත් සමහර devices වලට A14 ලබා දීලා තියෙනවා. ඉදිරියේදි supported අනිත් devices වලටත් ලැබෙයි.

මීට අමතරව තවත් තවත් ප්‍රසිද්ධ Custom ROM ගනනාවක් තියෙනවා. ඒ හැම එකක්ම එකින් එක පැහැදිලි කරන්න බෑ. ඒ නිසා කීපයක නම් පහතින් දාන්නම් මං. ඔයාලා පොඩ්ඩක් ඒවා ගැන හොයලා බලන්න.

6. PixelOS
7. Arrow OS
8. Havoc-OS
9. AOSP Extended
10. Resurrection Remix OS

ඒ වගේම තවත් කාරනයක් කියන්න ඕනෙ. මිට අමතරව ඔයාලා දැනට පාවිච්චි කරන phone එකේ stock ROM එකට ගැලපෙන විදියෙම ඒ සමාගමේම වෙන ඊට වඩා හොඳ devices එකක ROM port කරලා ඔයාගෙ device එකට support කරන්න හදපු custom ROM තියෙනවා අපිට බලාගන්න පුළුවන්. ඒවායි අපිට හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්. ඒවත් try කරලා බලන්න කියලා මම ඔයාලට කියනවා.

උදාහරණයක් විදියට Samsung galaxy A20 phone එක latest update එක විදියට run වෙන්නෙ Android 11 සමග OneUI 3.1 හැබැයි ඒ phone එකට custom ROM developers විසින් Feather project නමින් Custom ROM එකක් නිපදවලා තියෙනවා Samsung galaxy S22 එකේ ROM එක port කරලා Android 14 සමග OneUI 6.0 එක්ක. මේ port කරපු ROM එක galaxy A10, A20, A20e, A30, A30s සහ A40 යන devices වලට වැඩ කරනවා. මේ ROM එක විතරක් නෙමේ මේ විදියෙ විවිධ වර්ගයේ custom ROM මේ phone වලට තියෙනවා.

OneUI 6.0 for galaxy A10, A20, A20e, A30, A30s and A40

අන්න ඒ වගේ ගොඩක් phone වර්ග වලට එහෙම තමන්ගේ manufacture රිලීස් කරන OS එකේම custom ROM port කරපුවා තියෙනවා. හැබැයි මතක තියාගන්න මේ custom ROM port කරලා හදන්නෙත් පෙර ළිපියේ සඳහන් කරා වගේම third party එකක් විසින්.
ඔයාලත් හොයලා බලන්න ඔයාලගෙ phone එකට ගැලපෙන එහෙම custom ROM තියෙනවද කියලා. ඒ වගේම XDA Forums වැනි වෙබ් අඩවි වලිං ඔයාට තවත් custom ROMs හොයාගන්න පුළුවන්.

පහුගිය ලිපියේ කිව්වා වගේ custom ROM එකක් install කරනවනම් හරියටම ඒක ගැන දැනගෙන install කරන්න. මොකද හරියට නොදැන කරද්දි අත්වැරැද්දක් උනොත් එහෙම ඔයාගෙ phone එක brick වෙන්න උනත් පුළුවන්. YouTube එකේ ඕනෙ තරම් වීඩියෝ තියෙනවා Custom ROM install කරන විදිය ගැන.
එහෙමත් බැරිනම් Telegram හරහා මාත් එක්ක සම්බන්ධ වෙන්න.


මෙවැනි වූ තාක්ෂණික කරුණු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.