Loading...
පහසුවෙන් ඕනම චිත්‍රපටයක් ඩවුන්ලෝඩ් කරගන්නේ මෙහෙමයි!

හොඳයි එහෙනම්, මුලින්ම කියලා පටන්ගන්න ඕන චිත්‍රපටයක් ඩවුන්ලෝඩ් කිරීම ඉතින් බුද්ධිමය දේපොළ මංකොල්ල කෑමක් වගේ දෙයක්, හැබැයි ශ්‍රී ලංකාව වගේ රටක ජීවත් වෙන අපි, ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන් බලන එක මහා අපරාධයක් වෙන්නෙ නෑ. හොඳයි එහෙනම් අපි බලමු පහසුවෙන් චිත්‍රපටයක් සොයාගෙන ඩවුන්ලෝඩ් කරගන්නෙ කොහොමද කියලා.

මම මේ ගැන ලියන්න හැදුවේ ගොඩක් අපේ අය torrent downloads ගැන නොදන්න නිසා වගේම torrents download කරන්න අකමැති නිසා. මොකද අපිට තියෙන්නේ සීමා සහිත බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ නේ. torrent downloading වලට සාමාන්‍යයෙන් වැඩි දත්ත ප්‍රමානයක් වැය වෙනවා. ඒකට හේතුව ටොරන්ට් වලදි Download වගේම Upload කිරීමකුත් වෙන නිසා.

හරි, දැන් අපි බලමු මේක කරන්නෙ කොහොමද කියලා.

1) Seedr ගිණුමක් සකසා ගැනීම

මුලින්ම ඔයා මෙන්න මේ සයිට් එකට ගිහින් ලියාපදිංචි වෙන්න ඕන. පහළින් ඇති URL එක, බය වෙන්න දෙයක් නෙවෙයි, බොහොමයක් දෙනා පහසුවෙන් චිත්‍රපට හෝ වෙනත් ඕනෑම ටොරන්ට් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න යන තැනක්.

https://www.seedr.cc

මෙන්න මේ වගේ සයිට් එකක් ඔයාට පෙනේවි.

මම අර රතු පාටින් කොටු කරලා තියෙන බට්න් දෙකෙන් එකක් භාවිතයෙන් ඔයාට පුළුවන් පහසුවෙන්ම seedr සයිට් එකේ free account එකකට sign up වෙන්න. ඔතන රතුපාට බට්න් එකෙන් Email එක යොදාගෙන ගිණුම හදන්න පුළුවන්, ඒත් හැමෝටම Facebook accounts තියෙන නිසා, මම ඔයාලට යෝජනා කරන්නේ නිල් පාට බට්න් එකෙන් ඉදිරියට යන්න කියලා. මොකද ඒක වඩාත් පහසුයි. බය වෙන්න කාරණාවක් නැහැ මේ සයිට් එක මම ගොඩක් කාලයක ඉඳන් භාවිතා කරන සයිට් එකක්.

ඔයා මේ වැඩේ කරන්න යන browser එකෙන් Facebook ලොග් වෙලා නම් ඉන්නේ, ඊළඟට ලැබෙන්නේ මෙන්න මේ වගේ කවුළුවක්.

ඔතනින්, ඔයා ක්ලික් කරන්න ඕන Continue as "ඔයාගෙ නම" කියලා තියෙන තද නිල් පාට දිග බට්න් එක. ඒක විතරයි ඉතින් කරන්න තියෙන්නෙ, ටික වෙලාවකින් ඔයාට මෙන්න මේ වගේ පේජ් එකක් ආවා නම්, ඔයාගෙ ලියාපදිංචි වීම සාර්ථකයි.

ඊලඟට විටින් විට මතු වෙන පුංචි කළුපාට ඩයලොග් බොක්ස් ටිකකින් ඔයාට මේ සයිට් එක පාවිච්චි කරන විදිය ගැන කියලා දේවි. ඒ ටික කියවන එක හෝ නැති එක ඔයාට භාරයි. ඒ ටික අවසන් වුනාම ඔයාට පුළුවන් ඔය එයාලා default ඔයාලගෙ account එකට එකතු කරලා තියෙන ෆෝල්ඩර් එක මකලා දන්න. මොකද ඒකෙන් අපිට වැඩක් නැති නිසා.

ඒක මකන්නෙ, ඒ ෆෝල්ඩර් එක උඩ රයිට් ක්ලික් කරලා Delete ඔබලා සාමාන්‍ය File explorer එකක ආකාරයටම තමා. එතනින් එන confirmation dialog එකත් Yes කළාම ඒ ෆෝල්ඩර් එක මැකිලා යාවි.

හරි එහෙනම්, ඔන්න ඔයාගෙ seedr ගිණුම හදලා ඉවරයි, ඔයාට නොමිලේ 2.5GB ක දත්ත ප්‍රමානයක storage එකක් සහ Unlimited Bandwidth එකක් ලැබිලයි තියෙන්නෙ. ඔය storage size එක වැඩි කරගන්න විදිය ගැන මේ ලිපියේ අන්තිමට මම කියන්නම්. ඒත් මතක තියාගන්න, සාමාන්‍ය චිත්‍රපටයක් බාගත කරගන්න 2.5GB ඉඩ හොඳටම ප්‍රමාණවත්.

ඔය සයිට් එක ක්ලෝස් නොකර අපි අලුත් ටැබ් එකක් අරගෙන තවත් වෙබ් අඩවියකට යන්න සූදානම් වෙමු.

2) අවශ්‍ය චිත්‍රපටය සොයා ගැනීම

ඔයාට අවශ්‍ය චිත්‍රපටය ඉංග්‍රීසි එකක් නම්, ඔයා මුලින්ම පරීක්ෂා කරලා බලන්න ඕන සයිට් එක තමා මම මේ පහළින් දාන සයිට් එක.

මෙන්න මේ සයිට් එකේ ඔයාට බොහෝදුරට ඕනම බටහිර චිත්‍රපටයක් වගේ හොයාගන්න පුළුවන්, මේ සයිට් එකේ ads නම් ටිකක් වැඩී, Adblocker එකක් භාවිතා කළා නම් බොහෝ දුරට ඒ කරදරෙන් ගැලවෙන්නත් පුළුවන්.

ඔයාට ඕන කරන ෆිල්ම් එකේ නම දකුණු ඉහල කෙලවරේ තියෙන search bar එකේ ටයිප් කරන්න. එතකොට මෙන්න මේ වගේ ඔයා හොයන චිත්‍රපටය ඔයාට පෙනේවි. නිවැරදිව චිත්‍රපටයේ නම ටයිප් කරන්න අමතක කරන්න එපා.

මම තෝරගත්ත චිත්‍රපටයේ නම තමයි Ferdinand කියන්නේ. Ferdinand කියලා හරියට ටයිප් කරලා space bar එක එබුවම ඔයාට චිත්‍රපටය පෙනේවි. මේක උඩ ක්ලික් කරලා ඔයාට මෙන්න මේ පේජ් එකට යන්න පුළුවන්.

මෙන්න මෙතන මම රතු පාටින් කොටු කරලා තියෙන තැන තියෙන බට්න් දෙකෙන් ඔයා කැමති එකක් තෝරගන්න ඕන. 720p කියන්නේ ටිකක් කොලිටිය අඩු පිටපතකට, 1080p කියන්නෙ Full HD පිටපතට. ඒත් 720p තමයි මම නම් නිතරම download කරන්නේ, මොකද සාමාන්‍ය චිත්‍රපටි නරඹන කෙනෙක්ට ඒ කොලිටි එක හොඳටම ප්‍රමාණවත්.

එහෙනම් උදාහරනයක් විදියට මම තෝරගන්නේ 720p පිටපත. ඔයාට තියෙන්නේ ඒ Button එක උඩ Right Click කරලා, එතනින් එන Drop down list එකෙන් Copy Link Location කියන ඔප්ෂන් එක තෝරගන්න එක.

එතකොට ඒ අදාල ලිංක් එක ඔයාගෙ clipboard එකට කොපි වේවි. ඊළඟට අපි යන්න ඕන අර අපි කලින් ඕපන් කරගෙන හිටිය seedr ටැබ් එකට. ඒ පේජ් එකේ මෙන්න මේ මම පහතින් පෙන්නලා තියෙන තැන ඔයා කොපි කරගත්ත URL එක පේස්ට් කරන්න.

ඊළඟට ඒ හිස් කොටවට දකුණු පැත්තෙන් තියෙන + ලකුණ ක්ලික් කරන්නයි තියෙන්නේ. ටික වෙලාවකින් ඔයාට ඔයාගෙ චිත්‍රපටයේ නම තියෙන ෆෝල්ඩර් එකක් ඒ පේජ් එකේ පෙන්වාවි. ඒක ඩබල් ක්ලික් කරලා ඒ ෆෝල්ඩර් එක ඕපන් කරගන්න.

දැන් ඉතින් අමාරු වැඩ ටික අහවරයි, ඔතන පෙන්නන ෆයිල් ලයිස්තුවෙන් ඔයාගෙ ෆිල්ම් එක හොයාගෙන ඒක උඩ Right Click කරලා Download කියන Option එක ලබාදෙන්න. මෙන්න මේ පහළ පින්තූරයේ විදියට.

ඒත් එක්කම ඔයාට ඕන චිත්‍රපටය කිසිම ටොරන්ට් ක්ලයන්ට් එකක උදව්වකින් තොරව ඩවුන්ලෝඩ් වීම ආරම්භ වේවි.  ඔයාලා දැන් සමහරවිට දකින්න ඇති මගේ storage capacity එක 5GB දක්වා වැඩි වෙලා තියෙන බව. ඒක එහෙම වැඩි කරගන්නෙ මෙන්න මෙහෙමයි, seedr වෙබ් පිටුවේ දකුණු ඉහළ කෙළවර තියෙන හරස් ඉරි කෑලි තුන උඩ ක්ලික් කරාම එන මෙනුවේ Earn Free Space ලියන තැනින් ගිහින් ඔයාට බලාගන්න පුළුවන් ඔයාගෙ free storage එක වැඩි කරගන්න ආකාර ගැන ලොකු විස්තරයක්.

ඉතින් ඔන්න ඕකයි කතාව. අර චිත්‍රපටය හොයාගන්න පාවිච්චි කරන සයිට් එකේ දමිළ, හිංදි චිත්‍රපට සාමාන්‍යයෙන් නැහැ. ඒවා හොයාගන්න නම් මම මේ පහළින් දාන පිංතූරයේ තියෙන අඩවියට යන්න. එතනින් පුළුවන් ඔයාට අර කලින් සයිට් එකේ නැති චිත්‍රපට බොහොමයක් සොයාගන්න.

ඩවුන්ලෝඩ් කරගන්න විදිය නම් අර කලින් ක්‍රමයට බොහොම සමානයි, ඒකත් මෙතන දැම්මොත් පෝස්ට් එක දිගු වෙන එක විතරයි වෙන්නේ.

එහෙනම් තවත් පෝස්ටුවකින් හමුවෙන තුරු, සමුගනිමු. ඔබට ජය!