ලෝක බලවතා වන ඇමෙරිකා එකසත් ජනපදය පසුගිය සති කිහිපයේම පුවත් මවන්නෙකු වීම සැම දෙනා දන්නා කරුණක්. ට්‍රම්ප් ඝාතන උත්සහය, බයිඩන් ජනපති සටනෙන් ඉවත්ව ඩිමොක්‍රටික් පක්ශයේ ජනපති අපේක්ශක ලෙස වර්තමාන ඇමරිකානු අගමැතිනී කමලා හැරිස්ව නම් කිරීම ආදියෙන් පසුව කරලියට පැමිණ තිබෙන අලුත්ම පුවත වන්නේ Google ආයතනය ජනාධිපති අපේක්ශක කමලා හැරිස්ට සහය වන පරිදි Google search suggestions සහ news තෝරා වෙන් කරන බවයි.
මෙම අදහස ජනතාව අතර පැතිරීම ආරම්භ වූයේ X (Twitter) පරිශීලකයන් විශාල ප්‍රමාණයක් මේ පිළිබදව සටහන් තැබීමෙන් පසුවය. ඒවගේම Tesla CEO වන Elon Musk පවා මේ පිළිබදව සටහන් තබා තිබීම එය තවත් ජනතාව අතර උඩුදිවීමට හේතුවක් විය.
Wow, Google has a search ban on President Donald Trump!
— Elon Musk (@elonmusk) July 29, 2024
Election interference? pic.twitter.com/dJzgVAAFZA
එමෙන්ම ඇතැම් අය සඳහන් කරන පරිදි ට්‍රම්ප් ඝාතන උත්සාහය ගැන Google සෙවීම් සිදු කරන විටද සම්පූර්ණ වාක්‍යම type කළද එය suggest වීම සිදු නොවේ. මෑත කාලයේ සිදු වූ විශේෂම සිදුවීමක් මෙලෙස Google suggest වල ඉදිරියට නොපැමිණීම පුදුමයට කරුණක්.
On desktop with incognito on in Chrome: pic.twitter.com/i1wH9pxXqN
— Farzad (@farzyness) July 29, 2024
මෙය repost කරමින් Musk සදහන් කරන්නෙ Biden හට පසුගිය මැතිවරණයේදී වැඩිම මූල්‍ය ආධාර ලබා ඇත්තේ Google මව් සමාගම වන Alphabet හී සේවකයන් බවත්, එවැනි පසුබිමක මෙවන් සිදුවීම් වීම අහම්බයක් නොවන බවයි.
Probably just a coincidence that Alphabet (Google) employees were the top donors to Biden https://t.co/H02dxmKPkL pic.twitter.com/tIj0THeTVc
— Elon Musk (@elonmusk) July 29, 2024
එමෙන්ම තවත් අය චෝදනා කරන පරිදි Donald trump පිළිබද Google සෙවීම් සිදුකළ විටද කමලා හැරිස්ට අදාළ පුවත් Suggest කිරීම් සිදු වී ඇත.
It gets so much worse.
— Kyle Becker (@kylenabecker) July 29, 2024
Google is not only censoring news about the Trump assassinat*on attempt, it is redirecting Trump campaign searchers to Kamala Harris puff pieces.
Big Tech is now the biggest threat to democracypic.twitter.com/VjhWNs5SdP
කෙසේවෙතත් Fortune News සේවය සදහන් කරන පරිදි ඔවුන් මේ පිළිබඳව Google ආයතනයෙන් කළ විමසීමකදී ඔවුන් සදහන් කර ඇත්තේ මෙයට ඔවුන් කිසිදු බලපෑමක් සිදු නොකළ බවත් මෙය නිවැරැදි තත්වයට ගේමට ඔවුන් උත්සහා කරන බවයි.
2018 වර්ෂයේදී සිදු වූ Cambridge Analytica සිදුවීම ඇතුළු තවත් සිදුවීම් ගැන කියවන්න.
