Loading...
Tesla (Autopilot) පරදන Mustang Mach-E

ඇමෙරිකාවේ Ford Motor Company එක කාලෙකින් කරපු සුවිශේෂී car model එකක් තමයි, 'Mustang Mach-E' crossover SUV එක.

මේකට Mustang කියල නම දැම්ම එක නම් සෑහෙන විවාදයට ලක්වුණා. මොකද බැලු බැල්මට මේ design එකේ "Mustang" ගතියක් නම් නෑ. අනික V8 වෙනුවට battery කෑලි දාන crossover-SUV model එකකට?  

වෙළඳ උපක්‍රමයක් වුණත් නම නිසාම මේ car එක සම්බන්ධව දැන් බොහෝ දෙනා කතා කරනවා.

ලඟදි ඒ කතා බහ වැඩි වුණා, මෙන්න මේ නිසා..,

Tesla Autopilot < Ford Co-Pilot360 (!)

ඔව්, පසුගිය ජූනි 18 වෙනිදා Ford සමගම නිවේදනය කළ විදිහට Tesla Autopilot තාක්ෂණයට වඩා Ford Co-Pilot තාක්ෂණය ඉදිරියෙන් සිටින බවයි කියන්නේ. වෙනතක් තියා මේ අලුත් Mustang එකේ Hands Free Driving Mode එකකුත් තියනවා.

Hands Free Driving. Image Source: Ford

Hands Free Driving, එහෙමත් නැත්නම් Steering Wheel එකේ අත නොතියා යන්න පුළුවන් option එකක් Tesla models වල තවම නෑ. (Mach-E හි ප්‍රධාන තරඟකරුවා වන්නේ Tesla Model Y නිසා බොහෝ විට සැසඳීම් කරන්නේ ඒකත් සමගයි).

Image Source: Ford

Ford සමාගම කියන විදිහට ඔවුන්ගේ testing වලදී ඇමෙරිකානු highway වල සැතපුම් ලක්ෂයකට වඩා මේ Hands Free Mode එකෙන් යන්න Mach-E එකට හැකියාව ලැබිල තියෙනවා.

හැබැයි මෙහෙම යන්න පුළුවන් වෙන්නේ driver කෙලින්ම පාර දෙස බලන් ඉන්නවා නම් පමණයි. ඒ ගැන බලන්න infrared camera එකක් තියෙනවා.

Mach-E "Human Machine Interface". Image Source: Ford

කොහොම නමුත් testing කළ පමණින්, ඒ විදිහටම හැම තැනම, හැම driver කෙනෙක් යටතේම මේක 100% සාර්ථක වෙයි කියල කියන්න කීයටවත් බැරි වේවි. මොකද අවුරුදු 8 කටත් වඩා අත්දැකීම් තියෙන Tesla Autopilot එකත් සමහර තැන වලදී තවම fail වෙනවා.

වෙනත් විශේෂාංග

Image Source: Ford

Intelligent Range - තියෙන battery power එකෙන් යන්න පුළුවන් දුර ගණනය කරන්න Ford company එක AI තාක්ෂණය භාවිතා කරනවා. Driving style එක, කාලගුණය, උෂ්ණත්වය හා වෙනත් Mach-E car වල දත්ත වගේ කරුණු ගණනාවක් මේ සඳහා භාවිතා වෙනවා.

Road Edge Detection - පාර දෙපස සුදු ඉරි නැතත්, පාරේ මායිම හඳුනාගන්න. (පටු ගම්බද පාරවල් වලදී)

Automatic High Beams.

Blind Spot Assist.

මොකක්ද Mach-E විශේෂත්වය?

අපිට Ford කියන්නේ "ලොකු" brand එකක් වුනත් බටහිර රටවල් වලට ඒක එහෙම නෑ. Ford කියන්නේ සාමාන්‍ය ජනතාවගේ වාහනයක්. Escort, Focus, Laser, Mondeo හා ප්‍රසිද්ධ Mustang හා Crown Victoria (US පොලිස්/Taxi එක) වගේ models ඉතාම සරල, අඩු මිල වාහන. බොහෝ විට ඒවාට අමෙරිකාවෙන් පිට brands සමග තාක්ෂණිකව තරඟ කිරීමේ හැකියාවක් නෑ.

ඉතින් Tesla, Audi වගේ "cool" brands වල electric crossover-SUV සමඟ කරට කර තරඟ කරන්න පුළුවන් වාහනයක් Ford හැදුවා කියන එක සුවිශේෂී දෙයක් වෙන්නේ ඒ නිසයි.

Mustang Mach-E 2021 දී නිකුත් වීමට නියමිතයි.