Loading...
NASA විසින් SpaceX සමඟ ඇති ගිවිසුම තවත් අභ්‍යවකාශ මෙහෙයුම් 3ක් දක්වා දිගු කිරීමට කටයුතු කර​යි

NASA ආයතනය ඔවුන්ගේ Crew Missions සදහා Space X සමාගමේ යානාව​න් යොදා ගත් අතර ඔවුන්ගේ Crew-1 සිට Crew-6 දක්වා කොන්ත්‍රාත්තුව ඔවුන් වෙත ලබා දී තිබුණි. NASA ආයතනය එම කොන්ත්‍රාත්තුව තවත් දීර්ඝ කරමින් Crew-7, Crew-8 සහ Crew-9 මෙහෙයුම් නිල වශයෙන් Space X සමාගම වෙත ලබා දු​න් බව නිවේදනය කළේය. ඒ අනුව SpaceX සම්පූර්ණ Crew Mission කොන්ත්‍රාත්තුව ඩොලර් බිලියන 3.49 දක්වා ඉහළ ගියේය.

2011 වසරේ Space Shuttle එක විශ්‍රාම ගැනීමත් සමඟ ISS වෙත ගගනගාමීන් යැවීමේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා ඩොලර් බිලියන 2.6 ක කොන්ත්‍රාත්තුවක් Space X සමාගම වෙත 2014​දී ලබා දීමට කටයුතු කරන ලදී. ඒ අනුව Space X සමාගම 2020 සිට Crew Dragon Capsule එක සහ falcon 9 රොකට්ටුව ආධාරයෙ​න් Crew-1, Crew-2, Crew-3 සහ Capsule එක පරික්ෂාව​න් සදහා කළ මෙහෙයුමත් සම​ඟ මෙහෙයුම් 4ක් සාර්ථකව දියත් කර ඇත.

SpaceX සමාගම පළමු ගිවිසුම අනුව තවත් මෙහෙයුම් තුනක් සිදු කිරීමට ගිවිසුම්ගත වී ඇති අතර Crew-4 සහ Crew-5 යන මෙහෙයුම් 2022 දී සහ Crew-6 මෙහෙයුම 2023 සිදුකිරීමට නියමිතය. නවතම කොන්ත්‍රාත්තු දීර්ඝ කිරීමත් සමග SpaceX හි කාර්ය සාධන කාලය දැන් 2028 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක වන අතර එය වර්ධනය වෙමින් පවතින launch and space operations සමාගමක් සඳහා හොඳ ආයෝජනයක් වේ.

“It’s critical we begin to secure additional flights to the space station now so we are ready as these missions are needed to maintain a U.S. presence on station,”

ලෙසි​න් NASA හි අභ්‍යවකාශ මෙහෙයුම් මෙහෙයුම්අධ්‍යක්ෂ මණ්ඩලයේ සහකාර පරිපාලක Kathy Lueders විසින් 2021 දෙසැම්බරයේ SpaceX හි කොන්ත්‍රාත්තුව වෙනස් කරන අවස්ථාවේදී ඒජන්සියේදී නිවේදනයේ සඳහන් කර ඇත. එහි සදහන් අකාරයට ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම ගුවන් තවත් සුරක්ෂි​ත කිරීම ආරම්භ කළ බව සහ ISS එක තුළ අමෙරිකාව නියෝජනය වීමට මෙම මෙහෙයුම් අවශ්‍ය බවත්‍ ය.

එම දැනුම්දීම අනුව ISS වෙත කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කිරීම සඳහා දැනට අනුමත කර ඇති එකම ඇමරිකානු සමාගම SpaceX බව NASA විසින් පිළිගෙන ඇත. Boeing සමාගමට 2014 දී NASA වෙතින් මෙහෙයුම් හයක කොන්ත්‍රාත්තුවක් ලැබුණු අතර එහි මුළු වටිනාකම ඩොලර් බිලියන 4.2 ක් වන නමුත් එහි Starliner අභ්‍යවකාශ යානය තවමත් එහි කාර්යමණ්ඩලයක් ප්‍රවාහනයට සුදුසු නොවන අතර තවමත් පරීක්ෂණ අදියරේ පවතී. එහි මීළඟ පරීක්ෂණ පියාසැරිය දැනට 2022 මැයි මාසයේදී සැලසුම් කර ඇති අතර, එය ISS වෙත ලඟාවී​ම සඳහා Atlas V රොකට්ටුවක් යොදාගනු ඇත.

අවසානයේදී, NASA ආයතනය විසින් අභ්‍යවකාශගාමීන් ISS වෙත ප්‍රවාහනය සඳහා SpaceX සහ Boeing සමග එක්ව වැඩකිරීමට අදහස් කරන අතර Space Shuttle එක විශ්‍රාම ගැනීම සහ SpaceX හි Crew Dragon Capsule එක පරීක්ෂා කර අවසන් වන තුරු ඒ අතර කාලයේ NASA ආයතනය විසින් රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය වන Roscosmos යොදාගත්තේය.

NASA හි පරීක්ෂක ජනරාල් කාර්යාලයේ (OIG) 2019 වාර්තාවකට අනුව, NASA ආයතනය විසින් 2006 සහ 2020 අතරකාලයේ Roscosmos හි Soyuz දියත් කිරීමේ පද්ධතියේ ආසනයකට ඩොලර් මිලියන 55.4 ක් ගෙවා ඇත. එම කාලය අවසන්වන විට NASA ආයතනය විසින් එම රුසියානු ඒජන්සියට මුදල් ගෙවමින් සිටි අතර එය එක් ආසනයකට ඩොලර් මිලියන 86ක් ලෙ​ස වාර්තා කර ඇත. එම OIG වාර්තාවම SpaceX හි එක් ආසනයකට සාමාන්‍ය පිරිවැය ඩොලර් මිලියන 55 ක් ලෙසත් සහBoeing හි එක් ආසනයකට ඩොලර් පිරිවැය මිලියන 90 ලෙසත් ගණනය කර ඇත.

Source: Tech Crunch