Loading...
Need For Speed Heat ගැන සිංහලෙන්ම දැන ගන්න.

ඔන්න DMC 5 Post එකට පස්සෙ Gamers ලට අලුත් Post එකක් අරන් එන්න හිතුවා මේක නම් අපි කවුරුත් ආස කරන කවුරුත් දන්න Game එකක් ගැන ඒ තමා Need For Speed Series එකේහි එන නවතම Game එක වන Need For Speed Heat ගැනයි. අද මම Game එකට අදාල Basic දේවල් ටික ඔයාලට කියලා දෙන්නම් Post Part 2 එකෙන් Game එකේ End එක සහා Story Missions සම්බන්දව කතා කරන්නම්. ඉතින් වැඩි කතා නැතුව කෙලින්ම වැඩේට බහින්නම්.

NFS Heat Game එක Develope කරන්නේ අපි කවුරුත් දන්න Ghost Games ලා ඒ වගේම මේක Publish කරන්නේ Electronic Arts ලා ( EA Games ). එතකොට මොකක්ද මේ NFS Heat කියන්නේ මෙන්න මෙහෙමයි Game එක තුල සිදුවෙන දේවල් වෙන්නෙ.

මේකත් අපි ගොඩක් NFS Games වල දැකලා තිබෙනවා වගේ Open World Game එකක් මේකට Based වෙලා තියෙන්නෙ Palm City කියන නගරයයි. මේ මනංකල්පිත නගරයට විශේෂයෙන්ම පාදක වෙලා තිබෙන්නෙ ඇමරිකා වල Miami, Florida අවට ප්‍රදේශයයි.Game එකේ Map එක ගැන කතා කරොත් සාමන්‍යෙන් NFS Games වල ආවා වගේම ටිකක් විශාල Map එකක් තියෙනවා. මෙයට විශේෂයෙන් එක් වෙලා තිබෙනවා කදුකර ප්‍රදේශ වගේම වගා බිම් වගේ Locations. හැබැයි NFS Payback ගහලා එන කෙනෙක්ට මේක ටිකක් අමුතු අද්දැකීමක් වෙයි මොකද කිව්වොත් මෙයට 24-hour day-night cycle එකක් නැ. අපිට Day Time Or Night Time යන Options දෙකක් දීලා තිබෙනවා මේ දෙකෙන් කැමති එකක් තෝරගෙන සෙල්ලම් කරන්න පුලුවන්. එතකොට මොකක්ද මේ Day Time And Night Time කියන්නේ.

Day Time

Day Time Gameplay Pic

මම මෙතනදි Mainly අපීට Day එකේදි කරන්න ඕන දේවල් ටික සදහන් කරන්නම්, Day Time එකේදි අපිට Racing Events වලට සහභාගී වෙලා Rewards, Cash වගේ දේවල් එකතු කරගෙන Cars Buy කරන්න පුලුවන් ඒ වගේම Upgrades වගේ දේවල් කරන්න පුලුවන් Day Time එකේදි.Day එකේදි මේ දේවල් කරගෙන Car එක Fully Upgrade කරගෙන තමා අපිට Night Time එකට යන්න වෙන්නෙ (අනිවාරෙන් Race වලට ඉල්ලන මට්ටමට අපි Car එක Upgrade කරගෙන තියෙන්න ඕනේ නැත්තන් Race දිනන්න අමාරු වෙනවා)

Night Time

Night Time Gameplay Pic

මේක තමා Game එකේ Dark Side එක පෙන්නන වෙලාව Day Time එකේ අපි ඕන ඕන විදිහට Race පැද්දට Night Time එකේදි නම් මේක කරන්න අමාරුයි. මොකද කිව්වොත් Cops ලා එක්ක ඇත්තටම Race පදින්න ගොඩක් අමාරුයි Day Time එකට වඩා ගොඩක්ම Aggressive Cops ලා Night Time එකේදි ( Cops කිව්වේ පොලිසියට ). මෙයාලා අපි පස්සෙන් එනෙනෙ Illegal Activities විදිහට අපි Night Race පදින නිසා. ඉතින් අපිට මේ Night Race වලින් ප්‍රදානවම එකතු කර ගන්න තිබෙනේ Reps ( Reps කිව්වේ අපි වෙනදට NFS Games වලදි Cops ලා එක්ක Play කරලා ගන්න Heat Level එක වැඩි කරන Points. ) මේ Reps අවශ්‍ය වෙනවා Story Missions ඉදිරියට කරගෙන යන්න ඒ නිසා අපිට අවදානමක් අරගෙන Cops ලා එක්ක සෙල්ලම් කරන්න වෙනවා.

මෙහෙම Cops ලා එක්ක Race පැදලා Escaped උනොත් අපිට එකතු කර ගත්ත Reps Earn කර ගන්න පුලුවන් (සෙල්ලම් කරලම බලන්න මෙහෙම වචනෙන් කියනවාට වඩා ඒක පැහැදිලි වෙයි එතකොට) මේකත් මතක තියා ගන්න වෙනවා Cops ලට අපිව අහු උනොත් ඒ කිව්වේ Busted or Wrecked උනොත් අපි Earn කරපු Reps අපිට නැති වෙනවා. ඒ වගේම Escaped උනොත් අපිට Safe House එකකට ගිහින් Reps Collect කර ගන්න පුලුවන්.

මීට අමතරව Sides Missions වගේම Activities අපිට Map එක පුරාවටම බලා ගන්න පුලුවන් මේ හරහාද අපිට Cash Rewards ලබා ගන්න පුලුවන්. smashing billboards / beating scores on drift zones / passing the speed traps / long jumps / ( Crew Time Trials හරහා අපිට නගරයේ Street Racers ලාගේ Leader Board එකේ පලමු ස්තානය කරා එන්න උදව් කරනවා මෙහි තිබෙන Events Cover කරනකොට.) අපිට NFS games වල වෙනදා වගේම බලා ගන්න පුලුවන් Car Modifications වගේ අලුට් දේවල් ගොඩක් මේ Heat Game එක හරහාද බලාගන්න පුලුවන් ඒ ගැන විස්තර කරන්න යන්නැ Post එක තවත් දික් වෙන නිසා ඒ වගේම මතක් කරන්න ඕන Payback එකේදි Licence Issue එකක් නිසා නැති උන Ferrari Cars ඕක්කොම වගේ Heat එකේදි ලබාදීලා තිබෙනවා.

NFS Heat ( Most Wanted ) BMW M3 

Post එක ගැන ඔයාලාගේ අදහස් අනිවාරෙන් Comments Section එකේ පලකරන්න. ඔයාගේ අනිත් Friends ලවත් දැනුවත් කරන්න Share කරන්න. Post Part 2 එක හරහා දැනුවත් කරන්න ඕන දේවල් තිබෙනවා නම් ඒ ගැනත් කියන්න. අලුත් Post එකකින් හමුවෙනතුරු හැමෝටම ජය.