Need for Speed යන නාමය දකින ඇසෙන වාරයක් පාසා ඔබට මෙන්ම මටත් මතකයට නැගෙන්නේ සොඳුරු මතකයන් ගොන්නකි. අනෙකුත් ලොව ප්‍රකට පරිගණක ක්‍රීඩා වලට මෙන්ම Need for Speed සඳහා ද පෙර සිටම ඉතාමත් ඉහළ Fan Base එකක් පැවතුණි. මෙම පුවත ගෙන එන්නේ එම සහෘද රසිකයන් වෙත වන අතර මේ දිගහැරෙන්නේ Need for Speed පවුලේ අලුත්ම සාමාජිකයා පිළිබඳවයි.
NFS ඉතිහාසය පිළිබඳව බිඳක්
1994 වර්ශයේ NFS පළමු නිකුත් කිරීමේ සිට මේ වන තෙක් ඉතාමත් සාර්ථක ආකාරයෙන් තම රසිකයන් වෙත නොකඩවා පරිගණක ක්‍රීඩා නිකුත් කළ Electronics Arts සමාගම ඉතාමත් ජනාදරයට පත් වීම සඳහා NFS ක්‍රීඩාව මහත් පිටුවහලක් විය. 2009 වර්ශයේ එම සමාගම මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ වන විට NFS Game Series එක ඒ වන තෙක් පැවති Racing ක්‍රීඩා අතරින් වඩාත් සාර්ථක වූ පරිගණක ක්‍රීඩාව බවයි. මෙම NFS ක්‍රීඩා පෙළ ඒ වන විට මිලියන 100 කට අධික ප්‍රමාණයක් අලෙවි වී තිබුණි.
ඒ අතරම මෙම EA විසින් නිකුත් කළ Need for Speed Most Wanted ක්‍රීඩාව මිලියන 16 කට අධික ප්‍රමාණයකින් අලෙවි වූ අතර එය එතෙක් පැවති පරිගණක ක්‍රීඩා සියල්ලම අතරින් වැඩියෙන්ම අලෙවියට පත් වූ පරිගණක ක්‍රීඩාව බවට පත් විය.
අලුත් සාමාජිකයා Need for Speed - Unbound
Need for Speed පරිගණක ක්‍රීඩා මාලාව තුළ දිගහැරෙන නවතම නිර්මාණය ලෙස Need for Speed - Unbound දෙසැම්බර් මස දෙවන දින නිකුත් කිරීම සිදුකරන බව EA සමාගම සඳහන් කරනු ලබයි. මෙය Criterion Games විසින් නිර්මාණය කරන ලද අතර එය EA Studios මූලික කොට ගෙන ගොඩනැගී ඇතී සමාගමකි. EA විසින් නිකුත් කර තිබූ Official Reveal Trailer වීඩියෝව YouTube සමාජ මාධ්‍යයෙහි සඳහන් කොට තිබුණි.
මෙම Game එක තුළ ද පෙර ලෙසම විශේෂාංග ඇතුලත් වන අතර එයට අමතර තවත් විශේෂාංග රාශියක් ඇතුලත් වන බව සඳහන් වේ. මෙහි අන්තර්ගත වන Lakeshore සිතියම පිළිබඳව බොහෝ රසිකයින් ගේ අවධානයට ලක් වී ඇත. එයට හේතුව නම් මෙහි අන්තර්ගත වන Dark Theme එක සහ Realistic Graphics experience එක නිසා බව රසිකයන්ගේ මතයයි. තව ද මෙම map එක චිකාගේ නගරය පාදක කොට ගෙන බොහෝ දුරට නිර්මාණය කර ඇති බව විචාරකයන් සඳහන් කරයි.
Unbound හි පවතින Car Customization
පෙර පැවති Games වලදී මෙන්ම මෙහිදී ද ක්‍රීඩකයා සතු Cars Modify කිරීමට හැකියාව ඇති නමුත් Unbound තුළ එම Modification සඳහා තවදුරටත් විශේෂාංග ඇතුලත් කර පවතී. මෙලෙස Modification සිදුකළ හැකි Parts ලෙස Fender flares, Side skirts, Splitters, Wheels, Tires, Bumpers, Wings and Headlight tints යන කොටස් සඳහන් කර ඇත.
තවද Car wraps යෙදීම ද සිදුකළ හැකි අතරම Windows සඳහා ද Stickers යෙදීම සිදුකළ හැකිය. EA විසින් පෙර හඳුන්වා දෙනු ලැබූ Motorsport Game F1 22 හි අන්තරගත වූ Characters සඳහා Clothing/Outfit (ඇඳුම්) වෙනස් කිරීමේ හැකියාව ද Unbound තුළ පවතී. එසේම එම එක් එක් Character සඳහා Winning Poses යෙදීමට ද පහසුකම සලසා ඇත.
Unbound හි පවතින Cars පිළිබඳව
Unbound තුළදී ද ක්‍රීඩකයන් සඳහා 'Pink Slip' ක්‍රියාවලිය ඔස්සේ අනෙකුත් ක්‍රීඩකයන් සතු Cars ජයග්‍රහණය කර ලබා ගැනීමට අවස්ථාව ඇත. එසේම EA සමාගම විසින් Unbound සඳහා ලබා දී ඇති Cars ලැයිස්තුවක් පහත සඳහන් වේ.
- Acura NSX 2017
- Acura RSX-S 2004
- Alfa Romeo Giulia Quadrifoglio 2016
- Aston Martin DB5 1964
- Aston Martin DB11 Volante 2018
- Aston Martin DB11 2017
- Aston Martin Vulcan 2016
- BMW M3 2006
- BMW M3 Evolution II 1988
- BMW X6 M 2016
- BMW M3 2010
- BMW M5 2018
- BMW Z4 M40i 2019
- BMW M4 Coupe 2018
- BMW M2 Competition 2019
- BMW M1 1981
- BMW i8 Coupe 2018
- BMW M4 GTS 2016
- BMW M3 Convertible 2010
- BMW M4 Convertible 2017
- BMW i8 Roadster 2018
- Bugatti Chiron Sport 2017
- Buick Grand National GNX 1987
- Chevrolet Corvette Stingray 2020
- Chevrolet Corvette Stingray Convertible 2020
- Chevrolet C10 Stepside Pickup 1965
- Chevrolet Corvette Grand Sport 2017
- Chevrolet Camaro Z28 2014
- Chevrolet Corvette Z06 2013
- Chevrolet Camaro SS 1967
- Chevrolet Bel Air 1955
- Chevrolet Corvette ZR1 2019
- Chevrolet Colorado ZR2 2017
- Dodge Challenger SRT8 2014
- Dodge Charger R/T 1969
- Dodge Charger SRT Hellcat 2019
- Ferrari LaFerrari 2016
- Ferrari Testarossa Coupé 1984
- Ferrari 488 GTB 2016
- Ferrari F40 1988
- Ferrari 458 Italia 2009
- Ferrari 488 Pista 2019
- Ferrari FXX-K Evo 2018
- Ferrari 458 Spider 2011
- Ford F-150 Raptor 2017
- Ford Mustang GT 2015
- Ford GT 2017
- Ford Mustang BOSS 302 1969
- Ford Mustang 1965
- Ford Mustang Foxbody 1990
- Ford Crown Victoria 2008
- Ford Focus RS 2016
- Ford Mustang GT Convertible 2019
- Honda Civic Type-R 2000
- Honda Civic Type-R 2015
- Honda NSX Type-R 1992
- Honda S2000 Ultimate Edition 2009
- Infiniti Q60S 2017
- Jaguar F-Type R Coupe 2016
- Jaguar F-Type R Convertible 2019
- Koenigsegg Regera 2016
- Lamborghini Countach LPI 800-4 2021
- Lamborghini Huracán LP580-2 2018
- Lamborghini Aventador S 2018
- Lamborghini Countach 25th Anniversary 1989
- Lamborghini Murciélago SV 2010
- Lamborghini Urus 2018
- Lamborghini Huracán Performante 2018
- Lamborghini Aventador SVJ Coupe 2019
- Lamborghini Diablo SV 1995
- Lamborghini Huracán LP580-2 Spyder 2018
- Lamborghini Aventador S Roadster 2018
- Lamborghini Aventador SVJ Roadster 2019
- Lamborghini Aventador LP750-4 SV Roadster 2018
- Lamborghini Huracán Performante Spyder 2018
- Land Rover Range Rover Sport SVR 2015
- Land Rover Defender 110 Double Cab Pickup 2015
- Lotus Exige S 2006
- Lotus Emira 2021
- Mazda RX-7 Spirit R 2002
- Mazda MX5 1996
- Mazda RX-8 Spirit R (R3) 2011
- Mazda MX5 2015
- McLaren P1 2014
- McLaren F1 1993
- McLaren 570S 2015
- McLaren 570S Spider 2018
- McLaren 600LT 2018
- McLaren P1 GTR 2015
- Mercedes-Benz 190E 2.5-16 1988
- Mercedes-AMG C 63 Coupe 2018
- Mercedes-AMG G 63 2017
- Mercedes-AMG GT S 2019
- Mercedes-AMG A 45 2016
- Mercedes-AMG GT R 2017
- Mercedes-AMG GT S Roadster 2019
- Mercedes-AMG C 63 Cabriolet 2018
- Mercedes-AMG GT Black Series 2021
- Mercury Cougar 1967
- MINI John Cooper Works Countryman 2017
- Mitsubishi Lancer Evolution IX 2007
- Mitsubishi Lancer Evolution X 2008
- Mitsubishi Eclipse GSX 1999
- NISSAN GT-R Premium 2017
- NISSAN Skyline GT-R V·Spec 1999
- NISSAN 370Z Heritage Edition 2019
- NISSAN Silvia K’s 1998
- NISSAN Z Prototype 2022
- NISSAN Silvia Spec-R Aero 2002
- NISSAN Skyline GT-R V·Spec 1993
- NISSAN 350Z 2008
- NISSAN Skyline 2000 GT-R 1971
- NISSAN Fairlady 240ZG 1971
- NISSAN 180SX Type X 1996
- NISSAN 370Z Nismo 2015
- NISSAN GT-R Nismo 2017
- Pagani Huayra BC 2017
- Plymouth Cuda 1970
- Polestar Polestar 1 2020
- Pontiac Firebird 1977
- Porsche 911 GT3 RS 2019
- Porsche 911 Carrera RSR 2.8 1973
- Porsche 918 Spyder 2015
- Porsche 718 Cayman GTS 2018
- Porsche 911 Carrera S 1997
- Porsche 911 GT2 RS 2018
- Porsche Panamera Turbo 2017
- Porsche 911 Turbo S Exclusive Series 2018
- Porsche Boxster 718 Spyder 2020
- Porsche 911 Carrera GTS 2018
- Porsche 911 Turbo S Cabriolet Exclusive 2018
- Porsche 911 Targa 4 GTS 2018
- Porsche 911 Carrera GTS Convertible 2018
- Porsche Cayman GT4 2015
- SRT Viper GTS 2014
- SUBARU Impreza WRX STI 2006
- SUBARU BRZ Premium 2014
- SUBARU Impreza WRX STI 2010
- Volkswagen Beetle 1963
- Volkswagen Golf GTI 1976
- Volkswagen Golf GTI Clubsport 2016
- Volvo 242DL 1975
- Volvo Amazon P130 1970
මේ අතරම EA විසින් Unbound හි කෙටි Gameplay Video ව Twitter මාධ්‍ය ජාලය තුළ පළ කිරීමක් සිදුකර ඇත. එම Twitter සටහන පහත සඳහන් වේ.
ඉහත සඳහන් තොරතුරු මෙන්ම Gameplay Video මගින් අප වෙත ලැබෙන අදහස නම් Unbound තුළින් මෙතෙක් නොලද අත්දැකීමක් ලබාගත හැකි බවයි. මන්දයත් පෙර පැමිණි Games සඳහා ද ඉතාමත් හොඳ ප්‍රතිචාර රාශියක් ලැබී තිබූ අතර එවැනිම හෝ එයට වඩා වැඩි ප්‍රමාණයක රසික ප්‍රතිචාරයක් Unbound සඳහා ලැබෙනු ඇති බවට අනුමාන කළ හැක.
වැඩිදුරටත් සඳහන් කිරීමේ දී Unbound සඳහා Online Multiplayer ඔස්සේ ක්‍රීඩා කළ හැකි අතර ඒ සඳහා එක් වරකට ක්‍රීඩකයන් 2ත් 16 ත් අතර ප්‍රමාණයක් සහභාගී වීමට අවස්ථාව ලබා දී ඇත. එහි දී Online Events, Online Challengers මෙන්ම Online Meetups පවා සිදුකිරීමට හැකියාව ක්‍රීඩා කරන්නන් සතු වේ.
Need for Speed - Unbound සෑම Platform එකක් සඳහාම ලබා දී නොමැති අතර එය ලබා දී ඇත්තේ PlayStation 5, Xbox Series X|S සහ PC සඳහා පමණි. විශේෂත්වය නම් Xbox One සඳහා හෝ PlayStation 4 සඳහා Unbound ලබා දීමට කටයුතු කර නොමැත. Unbound සඳහා Pre-Orders සඳහා පහසුකම EA විසින් සිය නිල වෙබ් අඩවිය හරහා ලබා දී ඇති අතර මෙය නිකුත් කිරීමට ප්‍රථම එනම් දෙසැම්බර් 2 වන දිනට ප්‍රථම එනම් නොවැම්බර් මස 29 වන දින සිට දින තුනක් දක්වා Pre Order සඳහා අයදුම් කළ ක්‍රීඩකයින් වෙත early access ලබාදීමට ද සමාගම තීරණය කර ඇත.
Sources: ea.com