Loading...
නිකුත් වීමට නියමිත GTA 6 පරිගණක සඳහා නිකුත් නොවෙයි?

බොහෝ දෙනා බලා සිටි GTA 6 වීඩියෝ ක්‍රීඩාවේ පූර්ව ප්‍රචාරක පටය මීට පැය කිහිපයකට පෙර නිල වශයෙන් Rockstar Games ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙය හෙට දිනයේ නිකුත් කිරීමට සූදානම්ව සිටියද, ඊට පෙර එය වෙනත් පාර්ශවයක් විසින් Leak කළ නිසා අද දිනයේම ඔවුන් මෙය නිකුත් කිරීමට කටයුතු කොට තිබෙනවා.

බොහෝ දෙනා බලා සිටි Lucia Character එක පෙන්වා මෙම Trailer එක ආරම්භ වන අතර ඇය ඇඳ සිටින ඇදුම්වලින් පෙනෙනුයේ ඇය සිරගෙදර තුල සිටින බවය. Trailer එකෙහි බහුතරය මෙම නගරය සහ අහි ඇති විවිධ දේවල් කෙරෙහි අවධානය යොමු කරනු ලබනවා.

GTA 6 Vice City map

මෙහි Story එක නවීන කාලය අලලා නිර්මාණය වි ඇති අතර සමාජ මාධ්‍ය තුළ පුද්ගලයන් පළ කරන ආකාරයේ ඇතැම් Footages ද මෙයට ඇතුලත් කොට තිබෙනවා. මේ තුළින් පෙනී යන්නේ Game එක තුළම Social Media Platform එකක් අනාගතයේදී ඇතුළත් විය හැකි බවයි.

අවසානයේදී, Lucia අපරාධකරුවෙකු සමඟ (බොහෝ විට ඔහුගේ නම Jason විය හැකියි) එකතු වනවා. Lucia සහ ඇගේ සහකරු Bonnie යන දෙදෙනාම Clyde තත්වයේ සිටින අතර ඔවුන් දෙදෙනා තමන් ව එකිනෙකා විශ්වාස කිරීමට එකඟ වන අතර ඒත් සමඟින් Trailer එක අවසන් වනවා.

නිකුත් වන දින සහ Platforms

අප ඔබට පෙර සිටම වාර්තා කළ පරිදි මෙය 2025දී නිකුත් වන අතර Rockstar Games සමාගම විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් වන්නේ මෙය PS5 සහ Xbox X/S Console සඳහා නිකුත් කරන බවයි.

එහි PC සඳහා නිකුත් වන බවට කිසිදු සඳහනක් නොමැති අතර ඒ පිළිබඳව නිශ්චිත තොරතුරක් ලැබෙන තෙක් අපට බලා සිටීමට සිදුවනවා. කෙසේ වෙතත් මෙය ක්‍රීඩා කිරීමට නම් 2025 තෙක් සිටිය යුතු අතර එතෙක් ඔබට කළ හැක්කේ මෙම Trailer එකම නැවත නෑවත නැරඹීම ම පමණි.

GTA 6 පිළිබඳව නවතම තොරතුරු දැන ගැනීම සඳහා රැදී සිටින්න, Android වැඩකාරයේ අප සමඟම...

Source: businesswire.com